[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගුණ නැණපිරි දරුවෙක් සමාජයට දායාද කරමු

ගුණ නැණපිරි දරුවෙක් සමාජයට දායාද කරමු

* අපේ හාමුදුරුවනේ, ඇතැම් දරුවන් නොමගට ගිය අවස්ථාවන් දකින්නට පුළුවන්. තම දරුවා නිවැරැදි මාවතට යොමුකර ගැනීමට නොහැකි වූ බවට පශ්චාත්තාප වන මව්පියන් වර්තමාන සමාජයේ දකින්නට ලැබෙනවා නේද?

ඇතැම් අවස්ථාවලදී ඒ ඒ පුද්ගලයන් රැගෙන ආ කර්ම ශක්තීන් අපට වළක්වන්න බැහැ. එම කර්මය සිදුවීමට පෙර යම් යම් සිදුවීම් වැළැක්වීමට උත්සාහ කළත්, එය අසාර්ථක වූ අවස්ථාවන්වලදී එයට පිළිතුරක් වශයෙන් කර්මයේ බලපෑමක් ලෙස හිතන්න පෙළඹෙනවා.

ඇතැම් මව්පියන් තමාගේ භූමිකාව කාර්යභාරය නිවැරැදිව හඳුනානොගෙන මැදිහත් නොවී විවිධ පැතිකඩ ඔස්සේ ගමන් කරන ස්වභාවයකුත් පෙන්නුම් කරනවා. ඇතැමුන් ආර්ථික ඉලක්ක ඔස්සේ හඹායනවා. තවත් කොටසක් ලිංගික කාරණාවන් ඔස්සේ අවිචාරවත් ව ගමන් කරනවා. ඇතැමුන් සීමාවකින් තොරව මුදල් පසුපස ගමන් කරනවා. ජීවිතය සමතුලිතාවයකින් තොරව, දරුවන් අමතක කරමින් , විවිධ පැතිකඩ ඔස්සේ මව්පියන් ගමන් කිරීමට යාමෙන් දරුවන් නොමගට යාමට තිබෙන අවස්ථා වැඩියි. පවුලක් තුළ වැඩෙන දරුවන් ගුණවත් ව, නැණවත් ව ආදර්ශවත් දරුවන් ලෙස වර්ධනය වනවා නම්, එහි ගරුත්වය හිමිවන්නේත් , එබඳුම ආකාරයෙන් දරුවන් නොමගට යාමක් සිදුවුවහොත් එහි නින්දා අපහාස විඳීමට සිදුවන්නේත් මවටයි. පවුලක මව සහ පියා දෙදෙනා ම සිටියත්, දරුවන් හදාවඩා ගැනීමේ කාර්යභාරයේ දී අපේ සිංහල සංස්කෘතික බෞද්ධ සමාජයේ අම්මාට විශේෂ වගකීමක් පැවරී තිබෙනවා. එය සිංහල බෞද්ධ සමාජය තුළ පවතින ස්වභාවයක්

* අපේ හාමුදුරුවනේ , ගුණවත් නැණවත් දරුවෙකු නිර්මාණය කිරීමේ දී මව්පියන්ට පැවරෙන වගකීම කුමන ආකාරද?

අපේ සිංහල බෞද්ධ සමාජයේ තුනුරුවන්ට තුන්දොර පූජා කිරීම බෞද්ධකම වශයෙන් සලකනවා. දෙමව්පියන් තුනුරුවන් සරණ ගිය පිරිසක් නම් ඒ තුනුරුවන් සරණ යාම නමට පමණක් සීමාවීමෙන් ඵලක් නැහැ. සිත, කය, වචනය ශික්ෂණය කරගත් , තුනුරුවන් සඳහා තුන්දොර පූජා කළ බෞද්ධයා ජීවිත කාලය පුරාම පංචසීලයට අනුගතව කටයුතු කිරීම බව බුදුදහමේ එකම බලාපොරොත්තුවයි. එවැනි තත්ත්වයට පත් නොවුණ පුද්ගලයකු බෞද්ධයකු ලෙස හඳුන්වන්නේ කොහොමද? එනිසා මව්පියන් වශයෙන් තමාගේ චරිතය තුළින්ම එම ආදර්ශය තම ජීවිත කාලය පුරාවට දරුවන්ට ලබාදිය යුතු යි.

* අනාගතය වෙනුවෙන් රටවෙනුවෙන් දරුවෙකු නිර්මාණය කිරීමේ දී මව්පියන්ට පැවරෙන කාර්යභාරය පැහැදිලි කළොත් ?

දරුවන් හැදීමට හැකියාවක් තිබීම පමණක් මවක සහ පියෙකු වීමට සුදුසුකමක් ලෙස සැලකිය නොහැකි වටපිටාව, මානසික තත්ත්වයන්, මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව, සමාජ අපේක්ෂාවන් සිංහල සංස්කෘතික අපේක්ෂාවන් , වැඩෙන දරුවාගේ මානසික තත්ත්වය, තමාගේම න්‍යාය පත්‍රයකට පමණක් දරුවා සීමා නොකිරීම සහ ළමා මනසෙහි පවතින රුචි අරුචිකම් තෝරාබේරාගෙන කටයුතු කිරීම එහිදී වැදගත්.

මැදින් පුර අටවක පෝය 

මැදින් පුර අටවක පෝය මාර්තු 02 වනදා සඳුදා අපරභාග 12.53 ට ලබයි. 03 වනදා අඟහරුවාදා අපරභාග 01.50 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 02 වනදා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 09 වනදා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]