[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තංගල්ල වගේගොඩ ඓතිහාසික රන්කොත්මළු රජමහා විහාරය

තංගල්ල වගේගොඩ ඓතිහාසික රන්කොත්මළු රජමහා විහාරය

 

ඓතිහාසික රුහුණු මාගම් පත්තුවේ වගේගොඩ පුරාණ රන්කොත්මළු රජමහා විහාරය අනුරාධපුර මුල් යුගය දක්වා දිවෙන ඉතිහාසයකින් යුක්ත වේ. පොළොන්නරු යුගයේ දී මෙම විහාරස්ථානය දියුණු තත්වයක පැවති බව සඳහන් වී ඇත. ඈත අතීතයේ මෙම විහාරස්ථානයට අක්කර 400ක භූමි භාගයක් නින්දගම් වශයෙන් තිබී ඇත. දැනට පවතින අක්කර 100 තුළ ද විහාරස්ථානයේ පුද පූජා කටයුතු කිරීමට නෙළුම් ආදී මල් නෙළා ගැනීම සඳහා කුඩා ප්‍රමාණයේ වැව් තුනක් තිබේ. මෙම ප්‍රදේශයේ අඩි දෙකක් කැනීමේ දී අනුරපුර යුගයට අයත් විශාල ප්‍රමාණයේ ගඩොල්, පෙති උළු ද, මැටි බඳුන් කැබලි ද, පොළොන්නරු යුගයේ ගලින් තැනූ කණු මුල් කොටසක් ද, ගල් වලවල් සහිතව ඇත. ඔපමට්ටමින් තොර ගල් කණු දෙකක් බිම පතිත වී ඇත. මලසුන් ගල් පුවරු දෙකක් ද පවතින අතර මෙම චෛත්‍යරාජයාට සතර දිගින් පරිවාර චෛත්‍ය සතරක් ද තිබුණු බවට සලකුණු හා ජනප්‍රවාද ඇත. ගම්පොළ, කෝට්ටේ හා නුවර යුගවල ඇරඹුණු ටැම්පිට විහාරය හා ගල් වැටි පෙළ පමණක් ශේෂ ව පවතී. චෛත්‍ය නිර්මාණයට යොදාගත් කවාකාර ගල් කිහිපයක් ද සොයා ගෙන ඇති අතර පරණ ගොඩනැගිල්ලක පළන්දවා තිබුණු මැටියෙන් නිමවන ලද කොතක කොටසක් ද සොයා ගෙන ඇත. කැටයම් සහිත ඇත් දත්, වටාපත් මිටි ද පවතින අතර පෘතුගීසි යුගයේ පූජා ඔප්පු කිහිපයක් ද පවතියි.


මැදින් පුර අටවක පෝය 

මැදින් පුර අටවක පෝය මාර්තු 02 වනදා සඳුදා අපරභාග 12.53 ට ලබයි. 03 වනදා අඟහරුවාදා අපරභාග 01.50 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 02 වනදා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 09 වනදා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]