[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

කුසලතාවය පෙරට ගෙන ප්‍රතිපත්තියට හුරුවෙමු

භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රමුඛ ඉලක්කය වූයේ සසර දුකින් පීඩා විඳීන සත්වයාට ඉන් නිදහස් වීම පිණිස නිවීමේ පණිවුඩය මතුකිරීම යි. කාමය, රාගය කෙරෙහි බැඳුණු සත්ත්වයාට නිෂ්කාමය, විරාගය මතුකරන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පමණි. ඒ සඳහා වඩාත් කිට්ටු වැඩපිළිවෙළ බුදුසමය පෙන්වා දෙන්නේ ආමිසය අභිබවා ප්‍රතිපත්තියට සමීප වීමයි. අද වන විට ප්‍රතිපත්තියට වඩා ආමිසය මතුවී ඇත. එය සම්පූර්ණ වැරැදි ලෙස බැහැර නොකළ යුතු ය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ මතුකළ සුන්දර නිවීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළ ක්‍රමයෙන් අහිමි වීමට ආමිසයට පමණක් දායාද වීම හේතු විය හැකි ය. බුදුන් වහන්සේ ධම්මදායාද සූත්‍රයේ දී දේශනා කළේ පින්වත් මහණෙනි, ආමිසයට දායාද නොවී ධර්මයට දායාද වන ලෙසයි. (ධම්මදායාදා මෙ භික්ඛවෙ, භවථ, මා ආමිසදායාදා. අත්ථි මෙ තුම්හෙසු අනුකම්පා -කින්ති මෙ සාවකා ධම්මදායාදා භවෙය්‍යුං, නො ආමිසදායාදාති.) පියෙකු සෙනෙහසින් තම දරුවෙකුගෙන් කරන ඉල්ලීමක් තරමට ම එය සංවේගජනක ඉල්ලීමකි. පින්වත් මහණෙනි, ආමිසයට දායාද වීමෙන් පමණක් ඔබට බොහෝ චෝදනා ලබන්නට සිදුවේ. එසේම තථාගතයන් වහන්සේට ද චෝදනා කරනු ඇත. ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන් ධර්මයට දායාද නොවී, ආමිසයටම දායාද වී කල්ගත කරයි යනුවෙනි. ආමිසයට ම දායාද වීම ශාස්තෘන් වහන්සේට ද නින්දාවක් බව ධම්මදායාද සූත්‍රයේ දැක්වේ.


දුරුතු පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 02 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.00 ට ලබයි. 03 වන දා සිකුරාදා අපර භාග 11.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වන දා සිකුරාදා 

මීළඟ පෝය ජනවාරි 10 වන දා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසළොස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]