[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලේල්වල ඉන්දජෝති හිමියන්ට දිගාසිරි පතා පින්කම් මාලාවක්

ලේල්වල ඉන්දජෝති හිමියන්ට දිගාසිරි පතා පින්කම් මාලාවක්

තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාමය, ලුණුගම් වෙහෙර ශ්‍රී අස්වත්ථාරාමය ඇතුළු පංචමහා විහාරාධිපති සරභඤ්ඤ විශාරද කර්මාචාර්ය ලේල්වල ඉන්දජෝති ලොකු හාමුදුරුවන් වහන්සේගේ 71 වන ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි පැතීම සඳහා ශිෂ්‍ය පිරිස හා දායක දායිකාවන් විසින් සංවිධානය කරන ලද පින්කම් මාලාවක් මෙම මස 19 - 20 යන දිනවල දී ලුණුගම් වෙහෙර ශ්‍රී අස්වත්ථාරාමයේ දී පැවැත්වේ. විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද ශ්‍රී සෝමරතන මාහිමි අනුස්මරණ ධර්ම ශාලාව විවෘත කිරීම 19 වන දින සවස 2.00 ට සිතුල්පව්ව රාජමහා විහාරය ඇතුළු අෂ්ට මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක මැටරඹ හේමරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවන අතර එහිදී ගැබිනි මාතා සත්කාරය හා දහම් පාසලේ දරු දැරියන්ට අධ්‍යාපන උපකරණ ලබාදීම ද සිදුවේ. රාත්‍රී පිරිත් දේශනාව පවත්වා 20 වන දින දවල් ශතාධික මහා සංඝරත්නය උදෙසා සඟ සතු මහා දානයක් පූජා කිරීමට ද කටයුතු යොදා ඇත. ඊට සමගාමී ව අපවත් වී වදාළ ගලතරේ සෝමරතන මාහිමිපාණන් වහන්සේගේ ගුණ සැමරීම ද සිදු කෙරේ.

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 18 වන දා බදාදා අපර භාග 11.30 ට ලබයි. 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 19 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය දෙසැම්බර් 25 වන දා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]