[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උඩුගම්පල වීදියවත්ත නිග්‍රෝධාරාමය

උඩුගම්පල වීදියවත්ත නිග්‍රෝධාරාමය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට අයත් එම පුරාණ විහාරස්ථානය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ උතුරුකුරු කෝරළයේ දාසියපත්තුවේ වීදියවත්ත ග්‍රාමයේ පිහිටා ඇත.


තෙප්පනාවේ සුනීත හිමි

දොඹවල සද්ධර්ම ගුප්ත පිරිවෙන ආරම්භ කරන ලද උඩුගම්පල සිරිපවර ස්වර්ණ ඡ්‍යොතිෂ ධර්ම කීර්ති නාහිමියන් විසින් බුද්ධ වර්ෂ 2428 හෙවත් 1884 දී පමණ දොඹවල සද්ධර්ම ගුප්ත පිරිවෙන ආරම්භ කරන ලදැයි සැලකේ. එම පිරිවෙන් විහාරස්ථානයේ එවකට ශිෂ්‍ය නේවාසිකාගාරය ලෙස මෙම විහාරස්ථානය සැලකේ. උන්වහන්සේගෙන් පසුව ඉලුක්වත්තේ මේධංකර, වේඩරුවේ ඤාණරතන, මාදෙල්ගමුවේ විජයවංශ, ඕතරවාඩියේ වජිරජීව, දොඹවල දයානන්ද, උඩුගම්පල පියනන්ද ආදී නාහිමිවරු මෙහි ආදී කර්තෘවරුන් වහන්සේලා වෙති.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජන ශාස්ත්‍රපති තෙප්පනාවේ සුනීත හිමියෝ විහාරාධිපති ලෙස ද, පිරිවෙන් සහකාර අධ්‍යක්ෂ දර්ශනපති කොබ්බැවල මේධංකර හිමියෝ විහාරාධිකාරී ලෙස ද කටයුතු කරති. තෙප්පනාවේ සුනීත හිමියෝ 1989 වර්ෂයේ දොඹවල සද්ධර්ම ගුප්ත පිරිවෙන් විහාරස්ථානයේ සිට මෙම විහාරස්ථානයට වැඩම කිරීමෙන් ප්‍රදේශයේ ජනතාවගේ ජාතික, ආගමික, ශාසනික හා සමාජීය සේවාවන් නොපිරිහෙළා ඉටු කරන්නට විය.

විහාරස්ථ අනුලා කුළඟන සමිතිය, විහාර කාර්ය සාධන සමිතිය, දහම් පාසල් සංවර්ධන සමිතිය හා විහාරාධිපති හිමියන්ගේ පූර්ණ කැපවීමෙන් නව දහම් පාසල ශාලා දෙකක් සහ අභිනව බුද්ධ මන්දිරය කුළඟන සමිතියේ හා විහාරකාර්ය සාධක සමිතිය මැදිහත්ව පැරැණි සංඝාවාසය අලුත්වැඩියා කර, නව දෙමහල් සංඝාවාසයත් හා දාන ශාලාවත් වර්තමානය වෙත කුළඟන සමිතියේ ද මැදිහත්වීමෙන් ස්ථාපනය කර ඇත.

වර්ෂ සියයකටත් වඩා ඉපැරැණි මෙම විහාරස්ථානයේ දිගු කලක පටන් තිබුණු අඩුපාඩුවක් වූ චෛත්‍ය රාජයාණන් වහන්සේ විහාර කාර්ය සාධන සමිතියේ කැපවීමෙන් ,සතර පේරුවේ දායකත්වයෙන් පසුගියදා, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහාචාර්ය වරාගොඩ පේමරතන නාහිමියන් සහ අධිකරණ සංඝ නායක අග්ගමහා පණ්ඩිත විනය විශාරද මකුලෑවේ විමල නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ගිහි පැවිදි සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් ඔක්තෝබර් මස තුන් වැනි දා විවෘත කරන්නට යෙදුණි.

විහාරස්ථ විජය ශ්‍රී දහම් පාසල 1962 ආරම්භ කරන ලදී. අද වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 450 දහම් අධ්‍යාපනය හදාරන අතර ආචාර්ය මණ්ඩලය විසිපස්දෙනෙකුගෙන් සමන්විත ය.

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 11 වන දා සඳුදා අපර භාග 06.01 ට ලබයි. 12 වන දා අඟහරුවාදා අපර භාග 07.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 12 වන දා අඟහරුවාදා ය.

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]