[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අගොන්ශු මිත්‍රත්ව පදනමේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය

අගොන්ශු මිත්‍රත්ව පදනමේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය

ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ 27 වැනි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය නොවැම්බර් 10 වන දා පස්වරු 2.00 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතව තිබිණි. ජපානයේ අගොන්ශු නිකායේ මහානායක සෙයියු කිරියමා මහ නාහිමිගේ පුරෝගාමීත්වයෙන් ඇරඹි එම පදනම මෙතෙක් 15120 ක් පාසල් දරු දැරියන් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනමා ඇති අතර මෙවර 735 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනමයි. ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක ඕමාරේ කස්සප අනු නා හිමි මුලසුන හොබවන එම උළෙල අගොන්ශු අධ්‍යක්ෂ ජනරාල් සෝමසිරි අද්දර පතිරණගේ මහතා ප්‍රමුඛ අගොන්ශු පදනමේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරේ.

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 11 වන දා සඳුදා අපර භාග 06.01 ට ලබයි. 12 වන දා අඟහරුවාදා අපර භාග 07.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 12 වන දා අඟහරුවාදා ය.

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]