[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනගාරික ධර්මපාලතුමන්ගේ ජන්ම සමරුවට වැඩ සටහනක්

අනගාරික ධර්මපාලතුමන්ගේ ජන්ම සමරුවට වැඩ සටහනක්

අනගාරික ධර්මපාලතුමාගේ 155 වැනි ගේ ජන්මදින සංවත්සරය නිමිත්තෙන් සැප්තැම්බර් මස 14 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී මහමෙව්නා භාවනා අසපුව සහ ශ්‍රද්්ධා රූපවාහිනිය මගින් පස්වරු 1.00 සිට 6.00 දක්වා තරුණ මව්පියන්ට සහ තරුණ දරුවන් වෙනුවෙන් වැඩසටහන් සංවිධානය කර ඇත.

දරුවන් හය දහසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සූදානම් කර ඇති එම වැඩසටහනට මහානායක ස්වාමීන් වහන්සේලා,අනුනායක ස්වාමීන් වහන්සේලා ඇතුලු ගිහි පැවිදි විද්වතුන්ගේ විශේෂ දේශනා පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසන පරිදි පැවැත්වෙන එම වැඩසටහනට අභිමානවත් සිංහල මව් පරපුරක් උදෙසා ධර්මපාලතුමන්ගේ උපදෙස්, අනගාරික ධර්මපාලතුමා දඹදිව බුදු සසුන පිහිටුවීමට සිදුකළ සේවය සහ එහිදී සිදුවූ අපහසුතා ජයගත් ආකාරය, අනගාරික ධර්මපාලතුමා ඉස්මතු කළ ජාතික ,ආගමික සංස්කෘතික අභිමානය, ධර්මපාලතුමාගේ අවවාද පිළිපැදීමේ අනුසස්, ධර්මපාලතුමාගේ ආර්ථික දර්ශනය ආදි විවිධ මාතෘකා ඔස්සේ වැඩසටහන ක්‍රියාත්මක වේ. මේ සඳහා තරුණ දරුවන්ට ආරාධනා කරන අතර වැඩි විස්තර පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන්ගේ දුරකතන 0773932925 අංකයෙන් විමසා දැනගත හැකි බවද කියයි.

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා පූර්ව භාග 08.09 ට ලබයි. 24 වනදා සෙනසුරාදා පූර්වභාග 08.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය අගෝස්තු 30 වනදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]