[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අධිසිල් ලබති

අධිසිල් ලබති


රත්නපුරේ පඤ්ඤාරතන හිමි


හාල්දඬුවන චන්දරතන හිමි
 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ , නිකදළුපොත කළටුවාගම රාජමහා විහාරාධිපති අපවත් වී වදාළ කහටපිටියේ ශ්‍රී ගුණරතනාභිධාන නාහිමි කුරුණෑගල, හක්වටුනා වේරගල රාජමහා විහාරස්ථානය ඇතුළු විහාරස්ථාන රැසක විහාරාධිපතිත්වය හොබවන , කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති , ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පාලි භාෂා අධ්‍යයන අංශාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියන්ගේ ශිෂ්‍යවරයන් වූ රත්නපුරේ පඤ්ඤාරතන, හාල්දඬුවන චන්දරතන, යන සාමණේර හිමිවරු මහනුවර ශ්‍රී උපෝෂිත පුෂ්පාරාම විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී මැයි 23 වන දින අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබූහ.

නවෝපසම්පන්න ස්වාමීන් වහන්සේලා පොසොන් පුර පසළොස්වක පොහොය දින පෙරවරු 10.00ට කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පරයේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී විහාරස්ථ දායකකාරකාදීන් විසින් පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවය පවත්වනු ලැබේ.

රත්නපුරේ පඤ්ඤාරතන හිමියන් රත්නපුර පදිංචි හිටිබණ්ඩාර මහන්තේ මුදියන්සේ රාළහාමිගේ ඉරාන් ඉන්දික මාධන වෙලන්ගොඩ ගමගේ මල්ලිකා නන්දසීලි දම්පතීන්ගේ පුත්‍රරත්නය වේ.

හාල්දඬුවන චන්දරතන හිමියන් කුරුණෑගල ගෝනුල්ල පදිංචි ඉමියා මුදියන්සේලාගේ බුද්ධික සම්පත්කුමාර, මිණිමුතු පතිරැන්නැහැලාගේ ප්‍රියංකා ශ්‍යාමලී දම්පතීන්ගේ පුත්‍ර රත්නය වේ.

****


මාලිගාකන්දේ විපුලසාර හිමි

පොතුහැර දෙගල්ලස්සේගෙදර ශ්‍රී සංඝබෝධිපරමානන්ද පුරාණ විහාරය මාතලේ මාදිපොල මහවැහැර ටැම්පිට පුරාණ විහාරය යන උභය විහාරාධිපති පොල්ගහවෙල වෙහෙරපිටිය විද්‍යාර්ථොදය පරිවේණාධිපති ශාස්ත්‍රපති මාබෝපිටියේ විමලඤාණ හිමියන්ගේ සහ ලෙනදොර කිරලැස්ස ශ්‍රී පුෂ්පාරාමාධිපති රාජකීය පණ්ඩිත දේවහුවේ සුගුණසාර යන හිමිවරුන්ගේ ශිෂ්‍ය පොල්ගහවෙල වෙහෙරපිටිය පිරිවෙනේ අධ්‍යාපනය ලබන මාලිගාකන්දේ විපුලසාර සාමණේරයන් වහන්සේ ජුනි 09වන දින මහනුවර අස්ගිරි මහා විහාර උපෝසථාගාරයේ දී උපසම්පදාව ලබති. උන්වහන්සේ පස්සර මාලිගාකන්දේ පදිංචි ආර්.ඒ. මාලනී රණසිංහ හා එච්. එන්. සිරිවර්ධන දම්පතීන්ගේ පුත්‍ර රත්නය වේ.

විපුලසාර හිමියන් පිළිගැනීමේ උත්සවය ජුනි 10වන දින පස්වරු 2.30ට මහපිටිය මන්සන්ධියේ සිට දෙගල්ලස්සේගෙදර විහාරස්ථානය වෙත පෙරහරින් වැඩම කොට 3.30ට පිළිගැනීමේ උත්සව සභාව පවත්වා එදින රාත්‍රී 7.00ට ආශිර්වාද බෝධි පූජා පින්කමක් ද පැවැත්වේ.

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජුනි 02වන දා ඉරිදා අපර භාග 4.40ට ලබයි. 03 වන දා සඳුදා අපර භාග 3.31 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 02 වන දා ඉරිදා ය.

මීළඟ පෝය ජුනි 10 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]