[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උපදේශනාත්මක බණ කතා සාහිත්‍යය: සුචරිතයෙහි ම හැසිරෙන්න

සුචරිතයෙහි ම හැසිරෙන්න

ලොමු දැහැගත් රජතුමා වෙස්සා මිත්තා ළඟට ගොස් බයට පත්ව මවක් ඇවිළෙන ගින්නකින් දරුවෙකු ගන්නා සේ ළයෙහි හොවාගෙන රාජාසනයේ හිඳුවා දොහොත් මුදුන් දී පින්වත් රාජ දියණියනි, මේ කුමන ආශ්චර්යයක් ද? ගිනි මැලයෙන් නොපිළිසුණේ කුමන ආනුභාව බලයකින් ද? යි ඇසී ය.

එවිට වෙස්සා මිත්තාවෝ මේ තරම් විශාල ගිනිකඳකින් රෝම කූපයකුදු පවා නොදවා. අද මා බේරුණේ නිවැරැදි ආකාරයෙන් බුදුන්. දහම්. සඟුන් සරණ ගිය බැවින් බවත්, එම තුනුරුවන්ගේ අසීමිත බලයෙන් බවත්, වෙනත් පිහිටක් මෙම අවස්ථාවේ නොමැති බවත් කීවා ය. තවදුරටත් කතා කළ ඇය, මෙවැනි අවස්ථාවන් හි දී තුනුරුවන්ගේ සරණ හැර. වෙනත් සරණක් නොමැති බව ද පැවසුවා ය. පවට බියවූත්, පිනට කැමැති වූත් සත්ත්වයෝ සැමදෙනාම තුනුරුවන් සරණ ගනිති. එසේ සරණ යන්නෝ මෙලොව පරලොව යන දෙලොව දී ම සැප සාදා ගනිති. ගුණ දහමෙහි නොපිරිහෙති. පින්වත් රජතුමනි, ඔබද, අනන්ත ගුණ ඇති තුන් සරණම සමාදන් වන්න. එවිට ඔබ කිසිදා ආරක්ෂාවෙන් තොර නොවනු ඇත. ආදී වශයෙන් තිසරණයෙහි ඇති මහාර්ඝ හා ගුණවන්ත භාවය පැහැදිලි කර දුන්නා ය. තවදුරටත් තෙරුවන් ගුණ ප්‍රකාශ කළ ඇය තෙරුවන් සරණ පතන ලෙස ද රජුගෙන් ඉල්ලා සිටියා ය. රජු ඇයගේ උතුම් ක්‍රියාවට අතිශයින් ම පැහැදුණේ ය. වෙස්සා මිත්තාගෙන් සමාව ද අයැද සිටියේ ය. එපමණක් නොව, එතැන් පටන් ඇය මව් තනතුරෙහි තබා ගත්තේ ය. රැස්ව සිටි සියලු දෙනා එම අසිරිමත් අවස්ථාවන් දැක බලා දේවියට ගරු බුහුමන් දක්වා තිසරණ සරණ ගියහ. එතැන් සිට කොයි කවුරුත් අකුසල කර්ම නොකොට සිතැඟි පරිදි කුසල ධර්මයන් සිදුකොට බියෙන් හෝ පෝෂණය වී ස්වර්ග පරායන වූහ.

සත්පුරුෂ භවතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැහැදුණු වෙස්සාමිත්තාව බුදුරජාණන් වහන්සේ ලෝකාග්‍ර බව තේරුම් ගත්තා ය. උන්වහන්සේගේ දේහ විලාසයට ද, ශාන්ත ස්වරූපයට අතිශයින් පැහැදුණා ය. බුද්ධ රත්නයත්, ධර්ම රත්නයත්, සංඝ රත්නයත් සරණ ගියා ය. ඔබත් බුද්ධ රත්නය ඇතුළු තෙරුවන් සරණ පිහිට කොට ගන්න. ශ්‍රද්ධාව පහළ කරගන්න. වැරැදි ක්‍රියා වලින් මිදෙන්න, එවිට ඔබට අනවශ්‍ය බියෙන් මිදෙන්න හැකිවේවි. සත්‍යයෙහි අගය පෙනේවි, පවට නොනැමේවි. යමෙකු රහසින් හෝ පවක් සිදුකළහොත් එය ඔහුට හෝ ඇයට මේ ආත්මයේ දී හෝ විපාක ලැබෙන බව සිහිකිරීම ඉතා වැදගත්.

එය බුදුදහම අනුගමනය කළත්, නැතත් යමෙකුගේ පසුපසින් එන අකුසල බලවේගයකි. සුචරිතයෙහි ම හැසිරෙන්න. දුෂ්චරිතයෙහි නොහැසිරෙන්න. ධම්මං චරේ සුචරිතං නතං දුෂ්චරිතං චරේ ධම්මචාරි සුඛංසේති අස්මිං ලෝකේ පරම්හිච ධර්මයෙහි හැසිරුණ කල මෙලොවත්, ඊළඟ භවයත් සැපයක් ම උදාකරගත හැකිවෙයි.

මෙම ලිපියෙහි කොටසක් මැයි 12 වෙසක් පුර අටවක පෝදා පත්‍රයේ පළවිය.

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජුනි 02වන දා ඉරිදා අපර භාග 4.40ට ලබයි. 03 වන දා සඳුදා අපර භාග 3.31 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 02 වන දා ඉරිදා ය.

මීළඟ පෝය ජුනි 10 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]