[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඒහි පස්සික 14: නිවුණු සිතක සුවය

නිවුණු සිතක සුවය


වෙසක් පුර පසළොස්වක මැයි 18 වනදා පත්‍රය හා සම්බන්ධයි.

" නොසන්සුන්බව වෙහෙස, පීඩනය මේ වෙලාවේදි ඇතිවෙන්නේ නෑ. ඒ නිසා සිතට, ලොකු විවේකයක් දැනෙනවා. ලෝකයේ කිසිම කෙනෙක් ගැන රාග හැඟීමක් නොමැතිනම් ඒ තැනැත්තා තුළ නිවිච්ච ස්වභාවයක් ඒ මොහොතේම ඇතිවෙනවා."

මේ ශරීරයේ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස් ,නහර ඇට, ඇටමිදුලු යනුවෙන් ගත් විට, ඒවා පිලිකුල්ය යන හැඟීම උපදවා ගත් විට අවසානයේ දි මේ ශරීරය ම පිලිකුල් යැයි එක් හැඟීමක් ඇතිවේ.

ඒ පරාසය අනෙකුත් බාහිර අයත් සමඟ වැඩිකර ගැනීමෙන් දෙපැත්තම පිලිකුල් යැයි එක් හැඟීමක් පවතී. එසේ තනි හැඟීමක් ආවිට විතක්ක චෛතසිකයේ ක්‍රමය එය නැවත නැවතත් නංවනු ලැබේ. යමක් දකින විට, ඇසෙන විට අසුභ හැඟීම් වෙනදාට වඩා නංවනු ලැබේ.

එසේ තිබියදීත් එය දිගින් දිගට කර ගෙන යාමෙන් එක තනි නැඟීමට පැමිණෙන වාර ගණන වැඩිවෙන බව අමුතුවෙන් කිව යුතුනෑ. දිනකට එක්වරක් නම් ඒ අසුභ හැඟීම පහළ වූයේ තව තවත් බහුලව භාවිත කරන කෙනෙකුට දිනකට දහ පහළොස් වතාවක් ඒ හැඟීම ඇතිවේ. තවත් ඒ පිළිබඳ මෙනෙහි කරන කෙනෙකුට පැයකට දහ පහළොස් වරක් ඒ අසුභ හැඟීම පහළ වන තත්වයට පත්වේ. තවත් මෙනෙහි කිරීමෙන් විනාඩියකට දහ පහළොස් වරක් ඒ හැඟීම පහළ වන තත්වයට පත්වේ. භාවනාවක පසුවන අතර මෙය දිගින් දිගටම සාමාන්‍ය ජීවිතයේදී පමණක් නොව භාවනාවේදී ඒ අරමුණ වැඩි වාර ගණනක් පැමිණ ඊට පසු චෙතසො අභිනිරූපණා තත්වයට පත්වේ. ඒ හැඟීම හැර වෙනත් කිසිදු හැඟීමක් හිතේ ඇතිවන්නේ නෑ. විතක්කය විසින් හිතේ ඒ හැඟීම නැවත නැවත නංවනු ලැබේ. විසිරෙන විට නැවත නංවනු ඇත. ඒ හැඟීමෙන් හිත විසිරෙන කොටම නැවත නංවනු ලැබේ. එහිදී වෙනත් කිසිම චේතනාවකට, හැඟීමකට ඉඩක් නොලැබේ. වෙනත් චේතනාවකට ඉඩක් නොමැතිනම් අඛණ්ඩව මේ සිතිවිල්ලෙහි තමා සිරවූවා වැනියි. එහා පැත්තෙ මෙහා පැත්තෙ තිබෙන සියලු ශරීර පිලිකුලයි. සියලු සත්ත්වයන් කෙරෙහි තිබෙන මෛත්‍රි සිතිවිල්ලක සිර වූවා වැනියි. මෙතෙක් අපහසුවෙන් කර ගෙන ආවත් දැනට යෝගියාට තිබෙන්නේ ඒ අයුරෙන් ම ඉඳගැනීමයි.

එක දිගටම එය වර්ධනය වේ. මේ අවස්ථාව ගත්විට එහිදී විතක්ක නමැති චෛතසිකය නැත්ද? ඇයි අරමුණ ගැනීම තිබෙනවා. ඒ වගේම අරමුණෙහි විසිර යෑම පවතී.

අපට නිබඳව නිරතුරුව පංචනීවරණ නිසා පීඩා කාර තත්වයක් පවතිනවා. අන්න ඒ පීඩාකාරි තත්වය නිසා තරුණ කෙනෙක් දෙස උදාහරණයක් ගෙන බලමු. ඒ තරුණ තැනැත්තාගේ හිතේ හැම වෙලාවෙම පවතින අදහසක් නම් ලස්සන කෙනෙකු දකින්න ඕනෑ කියන අදහසයි. රථවාහනයක ගමන් කරන විට වටේට බලබලා මොනවාද සොයනවා. මිනිස්සු මොනවාද මේ සොයන්නෙ, තමාගේ කාමච්ඡන්දය සංසිඳවා ගැනීම සඳහා රූප මාත්‍රයක් දැකීම පවා ප්‍රමාණවත්. සෑම වෙලාවකම සොයනවා. වැඩක් නොමැති වුවද ඒ වෙලාවටත් අර පීඩනය පවතිනවා. දකිත්වා , දකිත්වා යන පීඩනය, වෙහෙස තිබෙනවා. ඒ නොසන්සුන් කම තිබෙනවා.අන්න නොසන්සුන්බව වෙහෙස, පීඩනය මේ වෙලාවේදි ඇතිවෙන්නේ නෑ. ඒ නිසා සිතට, ලොකු විවේකයක් දැනෙනවා. ලෝකයේ කිසිම කෙනෙක් ගැන රාග හැඟීමක් නොමැතිනම් ඒ තැනැත්තා තුළ නිවිච්ච ස්වභාවයක් ඒ මොහොතේම ඇතිවෙනවා. ඒ විවේකය ඉතාම තදබල ලෙසම තිබෙනවා.

ඒ විවේකී ස්වභාවය අත්දැකීම පහසු දෙයක් නොවේ. සාමාන්‍ය මනුෂ්‍යයා රාගාදී කෙලෙස් නතර කරගෙන, තද කරගෙන සිටිි. මෙය එසේ නොව ඉතාම ප්‍රබලව කිසිම මනුෂ්‍යයෙක් ගැන රාග සිතත් නොමැතිනම් එතැන විශාල විවේකයක් හටගනී. ඒ විවේකය නිසාම එබඳු වේලාවට විශාල පී‍්‍රතියක් හටගනු ලැබේ. සිතේ තිබු බරක් අත හැරියා වගේ ඒ නිදහස පී‍්‍රතිය හට ගන්නවා.

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 26 වන දා ඉරිදා අපරභාග 08.49 ට ලබයි. 27 වන දා සඳුදා පූර්ව භාග 11.16 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 26 වන දා ඉරිදා ය.

මීළඟ පෝය ජූනි 02 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]