[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහ ඇහැටුවැව ශ්‍රී ගෞතම සම්බුද්ධ විහාරයට නව සංඝාවාසයක්

මහ ඇහැටුවැව ශ්‍රී ගෞතම සම්බුද්ධ විහාරයට නව සංඝාවාසයක්

අනුරාධපුර, ඇළයාපත්තුව, මහ ඇහැටුවැව ශ්‍රී ගෞතම සම්බුද්ධ විහාරයේ සංඝාවාසය සඟසතු කොට පූජා කිරීම හා එම ප්‍රදේශයේ පවුල් රැසක් සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කිරීමක් පසුගියදා සිදුවිය.

පන්නිපිටිය, මොරකැටිය පරමධම්ම විහාරයේ විහාරාධිපති කොට්ටාවේ පේමරතන නාහිමි ඇතුළු දායක සභාව විසින් එම සත්කාරය සිදුකරන ලදී. වසර ගණනක සිට මහ ඇහැටුවැව ශ්‍රී ගෞතම සම්බුද්ධ විහාරයේ විහාරාධිපති හිමි කටුමැටියෙන් සාදන ලද විහාරයක වැඩවිසූ අතර අඩුපාඩු රැසක් පැවැති එම විහාරස්ථානයට ලෝලුගස්වැව ශ්‍රී පේමානන්ද ධර්මායතනයේ විහාරාධිකාරී ඕපාත නාලක හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ පානීය ජල පහසුකම් ඇතුළු විහාරස්ථානයට අවශ්‍ය අඩුපාඩුකම් සපුරාලීමට කටයුතු කර තිබේ. සංඝාවාසය සඟසතු කොට පූජා කිරීමේ පින්කමට සමගාමීව විසිනමක් උදෙසා දවල් දානය පූජා කිරීම, ගැබිනි මාතාවන්ට අවශ්‍ය උපකරණ, මහ ඇහැටුවැව ප්‍රදේශයේ අඩුආදායම් ලාභි පවුල් අසූපහක් (85) සඳහා රුපියල් ලක්ෂ පහළොවක පමණ මුදලක් වැය කරමින් නිවෙසට අවශ්‍ය උපකරණ ඇතුªළු වියළි ආහාර ද්‍රව්‍ය රැසක් ද ලබා දීම සිදුවිය. මහාචාර්ය කොටපිටියේ ශ්‍රී රාහුල අනුනාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මේ පින්කම සිදු කෙරිණි.

මහ ඇහැටුවැව ශ්‍රී ගෞතම සම්බුද්ධ විහාරාධිපති උල්ලළ කුසල ධම්ම හිමි එහිදී අනුශාසනයක් පැවැත්වූහ.

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 26 වන දා ඉරිදා අපරභාග 08.49 ට ලබයි. 27 වන දා සඳුදා පූර්ව භාග 11.16 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 26 වන දා ඉරිදා ය.

මීළඟ පෝය ජූනි 02 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]