[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් පාසල් ගොඩනැගිල්ලකට අමාත්‍ය සාගල රත්නායක මහතා මුල්ගල් තබයි

දහම් පාසල් ගොඩනැගිල්ලකට අමාත්‍ය සාගල රත්නායක මහතා මුල්ගල් තබයි

දෙනියාය අඩාරදෙනිය සිරි සදහම් සෙවණ විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අතින් ඉකුත්දා ( 17) සිදු වූ අවස්ථාව .

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් හා ආශිර්වාදයෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ සංකල්පයකට අනුව රට පුරා ක්‍රියාත්මක කරනු ලබන “සිසු දහම් සෙවන” වැඩසටහන යටතේ දහම් අධ්‍යාපනය ලබාදීමට ප්‍රමාණවත් පරිදි ගොඩනැගිලි පහසුකම් නොමැති ආර්ථික දුෂ්කරතාවයෙන් යුතු බෞද්ධ, හින්දු, කතෝලික, හා ඉස්ලාමීය දහම් පාසල් නගා සිටුවීම උදෙසා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුල්‍ය ප්‍රතිපාදන යොදවමින් රුපියල් ලක්ෂ 40 ක වටිනාකමකින් යුතු දෙනියාය, අඩාරදෙනිය ,සිරි සදහම් සෙවණ විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා නිවාස, හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ උපදෙස් පරිදි ත්‍රිපිටකාභිවන්දනා සතිය නිමිත්තෙන් මුල්ගල තැබු අවස්ථාව.

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 27 වනදා බදාදා අපරභාග 08.55 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා අපරභාග 10.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 4 වනදා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]