[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උතුරු පළාත් බොදු මහා සමුළුව 29 වනදා

උතුරු පළාත් බොදු මහා සමුළුව 29 වනදා

උතුරු පළාතේ ආගමික සහජීවනය වර්ධනය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝ නායක වවුනියාව ශ්‍රී බෝධිදක්ෂිණාරාමයේ සියඹලාගස්වැව විමලසාර හිමියන්ගේ අනුශාසනා මත බුද්ධශාසන අමාත්‍යාංශයේ ද සහයෝගය ඇතිව උතුරු පළාත කේන්ද්‍ර කොටගත් බොදු සමුළුවක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ මූලිකත්වයෙන් පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් කඩිනමින් සිදු වෙමින් පවතියි.

මහානායක ස්වාමීන් වහන්සේලා සහ උතුරු පළාතේ සියලුම බෞද්ධ සිද්ධස්ථානවල සහ බුද්ධ ශාසන, තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් වවුනියාව ශ්‍රී බෝධිදක්ෂිණාරාමයේ දී 2019 මාර්තු මස 29 වන දින දවස පුරා එම සමුළුව පැවැත්වීමට අපේක්ෂා කරයි. මාර්තු මස 29 වැනිදා පැවැත්වෙන උතුරු පළාත් බෞද්ධ සමුළුව වැඩසටහන මෙසේ ය. පෙරවරු 8.15 – 8.35 විහාරස්ථානය වෙත ගරුතර සංඝරත්නය වැඩම කරවීම සහ ආරාධිත අමුත්තන් පිළිගැනීම, විහාරස්ථානයේ මල් පූජා කිරීම, පන්සිල් සමාදන් කිරීම, 08.35 – 08.45 සමුළුව පැවැත්වෙන ශාලාවේ අසුන් ගැනීම සහ අනෙකුත් ආගමික වතාවත් සිදු කිරීම.

08.45 – 08.50 අරමුණ පැහැදිලි කිරීම. උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝ නායක, වවුනියාව ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති සියඹලාගස්වැව විමලසාර ස්වාමීන් වහන්සේ, 08.50 – 9.00 පිළිගැනීම උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා, 9.00 – 9.15 බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ කතාව. 09.15 – 09.30 පැවිදි අනුශාසනා

01. උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක, වවුනියාව ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති සියඹලාගස්වැව විමලසාර ස්වාමීන් වහන්සේ, 9.30 – 9.45 පැවිදි අනුශාසනා,

2. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ගෝණදූවේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ, 09.45 – 09.50 හින්දු ආගමික පූජකතුමාගේ කතාව. බ්‍රහ්ම ශී‍්‍ර කන්දසාමි කුරුක්කල්තුමා, සිත්ති විනයාගර් කෝවිල, කුඩිඉරිප්පු, වවුනියාව, 09.50 – 9.55 ක්‍රිස්තියානි පූජකතුමාගේ කතාව.

ජේ.බාලන් පියතුමා - ශාන්ත අන්තෝනි දේවස්ථානය, රන්දෙයිකුලම්, වවුනියාව, 9.55 – 10.00 ඉස්ලාම් ආගමික පූජකතුමාගේ කතාව අමීර් මවුලවිතුමා - ජුම්මා මුස්ලිම් පල්ලිය, වවුනියාව, 10.00 – 10.20 ගිහි දේශනය, ආගම හා සමගාමී දේශපාලනය, 10.20 – 10.35 යාපනය දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල ආගමික සහජීවනය වර්ධනය උදෙසා ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීම. උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ධර්ම කීර්ති නවදගල පදුමකිත්ති තිස්ස ස්වාමීන් වහන්සේ. 10.35 – 10.50 වවුනියාව දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල ආගමික සහජීවනය වර්ධනය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීම. උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුවඇටගම ආනන්ද ස්වාමීන් වහන්සේ, 10.50 – 11.00 මුලතිව් දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල ආගමික සහජීවනය වර්ධනය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීම, වැලිඔය පදවි ජනපදය සහ මුහුදුබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක රනවණ ධම්මදින්න ස්වාමීන්වහන්සේ, මයුරවාසී විහාරය, මොරවැව, වැලිඔය.

11.00 – 11.15 මන්නාරම දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල ආගමික සහජීවනය වර්ධනය උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීම. අඹගස්වැව සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේ, මාතොට රජමහා විහාරය, මන්නාරම, 11.15 – 11.30 කිළිනොච්චි දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල ආගමික සහජීවනය වර්ධනය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීම මාන්කුලම් ශ්‍රී සුගතාරාමාධිපති ශ්‍රී සුමන ස්වාමීන් වහන්සේ පෙරවරු 11.30 දවල් දානය පස්වරු 01.00 – 3.00 දිස්ත්‍රික්ක මට්ටමින් කණ්ඩායම් සාකච්ඡා පැවැත්වීම සහ පරිගණක ආධාරයෙන් වාර්තා ඉදිරිපත් කිරීම, 3.00 – 4.00 ලබාගත් වාර්තා ප්‍රක්ෂේපණ යන්ත්‍රය ආධාරයෙන් ( ර්‍ථධඪදබ ර්‍ථපධනඵචත) ඉදිරිපත් කිරීම (එක් දිස්ත්‍රික්කයට වි. 12 බැගින්) සවස ගිලන්පස සහ තේ පානය අසුන් කරා ගොස් පිළිගැන්වීම. 4.00 - 4.40 ලබාගත් වාර්තා පිළිබඳව ගරුතර සංඝරත්නය සහ ප්‍රධාන ආරාධිත අමුත්තන් සමඟ සාකච්ඡාව සහ උතුරු පළාත් බොදු සමුළුවේ නිමාව, 04.40 ස්තූති කතාව, අයි.එම්. හනිෆා මහතා, දිස්ත්‍රික් ලේකම්, වවුනියාව. 5.00 උතුරු පළාත් බොදු සමුළුව පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව, සම්බන්ධීකරණය වජිර කොඩිතුවක්කු මහතා.

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 27 වනදා බදාදා අපරභාග 08.55 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා අපරභාග 10.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 4 වනදා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]