UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

ආලෝකය

විශ්වයේ ගනඳුර
දිනිඳු ඔබ නිවාලයි
ජීවිතේ ගනඳුර
ධර්මයෙන් නිවීයයි

****

කළ යුතුම දෙය

එන්නේ කොහි සිට ද යන්නේ කොයිබට ද
කියලා දන්නෙ මේ ලෝකේ කවුරුන්ද
ඉපදුණ සියලු සත මියැදෙන බව දන්න
සමහර දෙනා ජීවත් වෙති නො මැරෙන්න
මරණය උපත එක කාසියෙ දෙපැත්තකී
ඉපදුණහොතින් මරණය නිති උරුම වෙති
නෙක විගඩම් නොකර කළ යුතු එකම දෙයකී
ඉපදුම නවතමින් මරණය නැති කෙරුමයි

****

සසර ගමන

ගලන ගඟ දෙස
බලා සිටියෙමි
කොහෙන් ඇරැඹීද
කොතනින් කෙළවර වේද
මා නොදන්නා නමුත්
ගලායන දිය පහර
සසර ගමන ද
එසේමය
පටන් ගැන්මත්
අවසන් වීමත්
නොදනිමි
තවමත්

****

නිවනට මග

බණ භාවනා වැඩසටහන් අරබන්න
බුදුන් උපත ලැබූ දඹදිව වෙත යන්න
එහි ගොස් සැවොම පින්දම් රැස්කර ගන්න
නිබඳව නිවන් මඟට සිත යොමු කරවන්න

****

දිනුම

සුවඳින් පිරී
පිරිපුන් සුපිපි මල් ය
ලොව බැබළෙන්නේ
මේ මල් ලෙසින් සුපිපී
වසනා මිනිසුන් ය
සත් සිත් දිනා
ලොව බබළා දිනන

 

නවම් අව අටවක පෝය


නවම් අව අටවක පෝය පෙබරවාරි 26 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.46 ට ලබයි. 27 වන දා බදාදා පූර්වභාග 05.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 26 වන දා අඟහරුවාදා ය.

 

 මීළඟ පෝය මාර්තු 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 26

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]