UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අභිනව නායක පදවි ලබන උඩගම සිද්ධත්ථ නා හිමි

අභිනව නායක පදවි ලබන උඩගම සිද්ධත්ථ නා හිමි

බලපොකුණ පුරාණමහා විහාරාධිපති, ශාස්ත්‍රවේදී උඩගම සිද්ධත්ථ මා හිමියන් වෙත කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ග්‍රී ධර්ම මහා සංඝ සභාව වෙතින් ශාසන කීර්ති ශ්‍රී සිරි නිවාස යන ගෞරව නාම සම්මුතිය සහිතව කොළඹ කඩවත් සතර ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමා ඇත. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

ඓතිහාසික කන්ද උඩරට ශ්‍රීමත් දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් සෝබමාන වූ මැද පළාතේ නුවරඑළිය දිසාවේ කොත්මලේ මැදපනේ කෝරලයේ, දිඹුල උඩගම නම් වූ රමණීය ගම් පියස ස්වකීය ජාත භූමිය කොට ගනිමින් වසර 1947ක් වූ ජනවාරි මස 31වන දින වීරසිංහ මුදියන්සේලාගේ අප්පුහාමි හා දිසානායක මුදියන්සේලාගේ ඩිංගිරි අම්මා යන මව්පියන්ට දාව මෙලොව එළිය දුටු අප කථානායකයාණෝ මූලික ගිහි අධ්‍යාපනය දිඹුල විජයබාහුකන්ද විද්‍යාලයෙන් ලදහ. මව්පියන් සතු ශ්‍රද්ධා මහිමයත්, සසරගත කුසල මහිමයත් කරණ කොටගෙන වසර 1962 ජුනි මස 28 වන දින බලපොකුණ පුරාණ විහාරයේ දී පූජ්‍යපාද කොත්මලේ සිරිනිවාස නා හිමි, පූජ්‍යපාද ඥානාවාස නා හිමි යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් උඩගම සිද්ධත්ථ යන සාසනික නාමයෙන් උතුම් පැවිදි දිවියට ඇතුළත් වූහ. මූලික පැවිදි අධ්‍යාපනය සිය ගුරු දේවයන් වහන්සේලාගෙන් ලද සිද්ධත්ථ හිමියෝ සපිරුණු විසි වයස් හා උගතමනා බණ දහම් ඇතිව වසර 1970 ජූලි මස 06 වන දින උතුම් උපසම්පදා දිවියට පත් වූහ. දිවයිනේ ප්‍රකට විද්‍යාස්ථාන වූ මාලිගාකන්ද විද්‍යෝදය මහා පිරිවෙන මෙන්ම පැපිලියාන සුනේත්‍රා දේවී මහා පිරිවෙන යන අධ්‍යාපන ආයතන තුළින් ස්වකීය පැවිදි අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය සඳහා කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ.

සිය ගුරු දේවයන් වහන්සේගේ අපවත්වීමෙන් වසර 1967 දී බලපොකුණ පුරාණ විහාරයේ විහාරාධිපති ධූරයට පත්ව වර්තමානය දක්වා එහි දියුණුව වෙනුවෙන් සිදු කරන මෙහෙවර අමිල ය. මෙකී විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක සාධු දහම් පාසල තුළින් ගුණ නැණ සපිරි දරු පරපුරක් රටට දායාද කරනු වස් අප නාහිමියෝ ගන්නා උත්සාහය ප්‍රශංසනීය වේ. විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ස්වේච්ඡා සංවිධාන ආරම්භ කොට ඒ තුළින් විශාල සමාජ සේවාවන් රාශියක් සිදු කරනු ලැබේ. ඒ අතර සුනාමි ව්‍යසනය, ගංවතුර ව්‍යසනය ආදී රට තුළ ඇති වූ ජාතික ව්‍යසන හමුවේ තම දායකපිරිසට නායකත්වය දෙමින් තමන් වහන්සේගේ යුතුකම නොපිරිහෙලා ඉටුකළ බව සිහිපත් කළ යුතුම ය. ඒ පමණක් ද නොව තිඹිරිගස්යාය ශාසනාරක්ෂකබල මණ්ඩලයේ උප සභාපති ධූරය මෙන්ම, විහාරාධිපති සංගමයේ ලේකම් ධූරය ආදී තනතුරු සඳහා පත් වූයේ සිද්ධත්ථ මාහිමියන් තුළ වූ මෙකී නායකත්ව කුසලතාව නිසා ම විය යුතු ය. භික්ෂුවක් සතු අධ්‍යාත්මික කාර්යභාරයත්, ආගමික කාර්ය භාර්යත්, සමාජයීය කාර්යභාරයත්, ශාසනික කාර්ය භාරයත්, මැනවින් හඳුනාගත් උඩගම සිද්ධත්ථ මාහිමිපාණන් වෙත කොළඹ කඩවත් සතර ප්‍රධාන සංඝ නායක පදවිය පිරි නැමීම කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක සංඝ සභාව ගත් කාලෝචිත පියවරකි. මෙකී නායක පදවිය පිළිබඳ ශී‍්‍ර සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ ගිහි පැවිදි සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් 2019 ක් වූ පෙබරවාරි මස 24 වන දින ප.ව 5.00 ට බලපොකුණ පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වේ. අභිනව නායකපදවියෙන් පිදුම් ලද උඩගම සිද්ධත්ථ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ලෝ සසුන් වැඩ වඩන්නට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවලැබේවා!

 

නවම් අව අටවක පෝය


නවම් අව අටවක පෝය පෙබරවාරි 26 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.46 ට ලබයි. 27 වන දා බදාදා පූර්වභාග 05.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 26 වන දා අඟහරුවාදා ය.

 

 මීළඟ පෝය මාර්තු 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 26

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]