UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා (31) මහනුවර ශී‍්‍ර දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට පැමිණියේ ය. ඒ අවස්ථාවේ දී ජනාධිපතිතුමා දළදා වහන්සේ උදෙසා මල් පූජා කළ අවස්ථාව

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මා හිමිපාණන් වහන්සේ බැහැදුටු අවස්ථාව

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා (31) මහනුවර මල්වතු සහ අස්ගිරි මහා විහාරයන්ට ගොස් වැඳ පුදා ගත්තේ ය. උදෑසන මල්වතු මහා විහාරය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මා හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසා සුහද පිළිසඳරක නිරත විය. අස්ගිරි ගෙඩිගේ රජ මහා විහාරය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අස්ගිරි අනුනායක වෙඩරුවේ උපාලි අනුනායක ස්වාමීන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය. උන්වහන්සේලා සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත උදාවූ නව වසරට ආශිර්වාද පළ කළහ. මධ්‍යම පළාත් ප්‍රධාන ආමාත්‍ය සරත් ඒකනායක, හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක යන මහත්වරුන් ද ජනාධිපතිතුමා සමඟ එම අවස්ථාවන්ට එක්ව සිටියහ.

ඡායාරූප - රුවන් මීගම්මන , කපිල ආරියවංශ ජනාධිපති මාධ්‍ය අංශ

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (28) මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් බැහැ දුටු අවස්ථාව.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (28) පෙරවරුවේ මහනුවර, ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණරතන මහා නාහිමියන් බැහැ දුටු අවස්ථාව.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සෙසු නිලමේවරුන් සමඟ
 

කිදෙල්පිටිය පුන්‍යවර්ධනාරාමයේ දී කිදෙල්පිටිය ආරියමෛත්‍රි හිමියන්ගේ 72 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් දානමය පින්කමක් පැවැත්විණි. එහිදී කිදෙල්පිටිය හිටපු ගම්පති මාෂල් පෙරේරා මහතා විසින් විහාරස්ථානයට අක්කර 3 ක භූමිභාගයක ඔප්පුව පූජා කළ අයුරු. එම අවස්ථාවට බද්දේගම සමිත හිමියෝ ද සහභාගි වූහ.
ඡායාරූපය – සුදත් මලවීර

 
 

උඳුවප් අමාවක පෝය


උඳුවප් අමාවක පෝය ජනවාරි 5 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.57 ට ලබයි. 6 වනදා ඉරිදා පූර්ව භාග 06.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 05 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 14 වනදා සඳුදා.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]