UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අමරපුර චූලගණ්ඨි පාර්ශ්වයේ උපසම්පදා විනය කර්මය

ශ්‍රී ලංකා අමරපුර චූලගණ්ඨි පාර්ශ්වයේ 2019 වසරේ උපසම්පදා විනය කර්මය සඳහා සාමණේරයන් වහන්සේලාගේ අයදුම්පත් කැඳවා ඇත. බලපිටිය වැලිතර ශ්‍රී පුෂ්පාරාම මූල මහා විහාරයේ දී එම උපසම්පදා විනය කර්මය සිදු කෙරෙන අතර තම ශිෂ්‍ය සාමණේරයන් වහන්සේලාගේ අයදුම්පත්‍ර මෙම මස 30 වනදාට පෙර චූලගණ්ඨි පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරි කරව්වේ විජයතිස්ස නාහිමියන් වෙතින් ගෙන්වා ගත යුතු අතර එය සම්පූර්ණ කර එවිය යුතු බව ලේඛකාධිකාරි හිමියෝ සඳහන් කරති.

ඉතිරිය»

ශී‍්‍ර පාදස්ථානයේදී පින්කම්


ශ්‍රී පාද වන්දනාසමය මුල්කරගෙන දෙසැම්බර් 21, 22,23 දිනවල පින්කම් මාලාවක් මහනුවර කටුකැලේ ලේඩිබ්ලේක් ආරාමාධිපතිනි ශ්‍රද්ධා ප්‍රසාදිනි ධර්මාචාර්ය. කොත්මලේ සුදර්මා සිල්මෑණියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී පාදස්ථානයේ දී පැවැත්වේ.

ඉතිරිය»

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව උඳුවප් පෝදා මිහින්තලා පුදබිමේ දී

 

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජා පින්කම උඳුවප් පුර පසළොස්වක පෝදා මිහින්තලා පුදබිමේ දී මිහින්තලා රාජ මහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. වැල්ලවත්ත ස්වර්ණපාර ශ්‍රී ස්වර්ණ බෝධිරාජ විහාරාධිපති කිරිවල්දොළ පියනන්ද නා හිමියන්ගේ මඟ පෙන්වීමෙන් සහ විහාරස්ථ සංඝමිත්තා කළගුණ සලකමු පදනම සහ වැල්ලවත්ත පියනන්ද සමාජ සේවා පදනමේ ප්‍රධාන ලේකම් ආගමික කටයුතු නෝනාපීනුවල චන්දානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දිවි හිමියෙන් වඩමු ගුණ දම්

“දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සුව අත් වේවායි” යහපත් වැඩක් කළ හැම විටම සංඝරත්නය ඔබට ආශිර්වාද කරති. මෙකී දේවත්වය ලැබීමට නම් මේ මනුෂ්‍ය ආත්මයේ දී අප කළ යුතු, නොකළ යුතු දේ මොනවා ද? සම්බුදු දහමේ ජීවමාන සංකේතය වූ ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කළ උඳුවප් පෝය මෙවැනි පින්වත් සිතිවිලි පහළ කර ගැනීමට හොඳම කාලයයි.  “දිව්‍ය ලෝකය” යනු යස ඉසුරින් හා සැප සම්පතින් පිරි සතුට, සොම්නස නිරතුරුව පිරී ඉතිරී ගිය ලොවක් හැටියට අපි දැක නැතත් අසා ඇත්තෙමු. දිව්‍ය ලෝකයත්, මනුෂ්‍ය ලෝකයත්,අපායත් යන ත්‍රිවිධ ලෝකය ම ඇත්තේ මෙලොව තුළ යයි ඇතැම් විද්වතෙක් විවරණය කරති. ඒ මතය සනාථ කෙරෙන සාධක මේ මිනිස් ලොව තුළම දැකිය හැකි ය. නිලයෙන්,බලයෙන් ආඪ්‍ය වූ, “දුක” යනු කුමක්දැයි නොදන්නා, සැප සම්පත්වලින් ඉහවහ ගිය මිනිස් ජීවිත මෙලොව තුළදී ම අපට දැකගත හැකි ය.  මිනිසුන් ලෙස ඉපදුණේ වී නමුත් දුක් කම්කටොළුවලින්, අඟහිඟකම් වලින්, ලෙඩදුක් වලින් පිරී ගිය, සමහර විට නිසි අංග පුලාවක් නැති, එසේම අංගවිකල වී දහදුක් විඳින අය අපට මේ මිනිස් ලොව දී ම දැකගත හැකි ය. මෙසේ ජීවිත ගත කරන්නන් අපාගත වූවන් සේය.

ඉතිරිය»

අසිරිමත් සිරිපා වන්දනා වාරය

අසිරිමත් සිරිපා වන්දනා වාරය උඳුවප් පුර පසළොස්වක පොහොයෙන් ඇරැඹේ. එතැන් සිට පුරා අඩ වසරක කාලයක් වූ 2019 වෙසක් පුර පසළොස්වක පෝය දක්වා සිරිපා වන්දනාවට දෙස් විදෙස් සැදැහැවත්හු සහභාගි වෙති. සබරගමු වැසි වූ සුමන සමන් දෙවිරදුන් ගේ ගෞරවනීය ඇරැයුමෙන් රහතන් වහන්සේ පන්සිය නමක් සමඟ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙහි වැඩම කර සමනල ගිරි මුදුනෙහි ශ්‍රී පාද පද්මය පිහිටුවා වදාළහ. එවක් පටන් අද වන තෙක්ම ලොව වෙසෙන මනුෂ්‍යයන්ගේ අප්‍රමාණ ගෞරවයට පාත්‍රව ඇති උතුම් ශ්‍රී පාදස්ථානය ලෝක උරුමයන් අතර පූජනීය උරුමයක් වූ පින්බිමක් වේ. අතිදුෂ්කර ගමනක යෙදී වන්දනාවට පැමිණීම ම ශ්‍රී පාදස්ථානයේ අසිරිය විදහා දක්වයි. අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, ගම්පොල, මහනුවර ආදී රාජධානි සමයන්හි රාජ්‍ය පාලනය කළ මහ රජවරුන්ගේ ගෞරවයට ශ්‍රී පාදස්ථානය පත් වූ බව පැහැදිලි වේ. විජයබා, පැරකුම්බා, නිශ්ශංකමල්ල ආදී රජවරු සිරිපා පුදබිමට නොයෙක් පුද පූජා සිදු කර ඇති බව ශිලා ලේඛනවලින් මෙන් ම, සන්නස් තුඩපත් ආදියෙන් ද පැහැදිලි වේ.

ඉතිරිය»

ජයසිරි මහ බෝ සමිඳු සිරිලකට වැඩම කළ වගයි

 

උඳුවප් පුර පසළොස්වක පෝය


උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 22 වනදා සෙනසුරාදා පූර්ව භාග 02.08 ට ලබයි. එදිනම අපරභාග 11.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 22 වනදා සෙනසුරාදාය.

 

මීළඟ පෝය දෙසැම්බර් 29 වනදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]