UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අන්තර් ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස්වන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් රටවල් දහයක භික්ෂූන් වහන්සේ විවිධ විද්වත්හු සමුළුවට

අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස්වන ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (27) පෙරවරුවේ කොළඹ ගලධාරී හෝටලයේ දී පැවැත්විණි. ථෙරවාදී බෞද්ධ රටවල් අතර ආගමික හා සංස්ක්‍ාෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමය දෙවසරකට වරක් පවත්වන සමුළුවේ මෙවර සත්කාරකත්වය දරන්නේ ශ්‍රීලංකාව යි. ථෙරවාදි බුදුදහම ව්‍යාප්තව ඇති රටවල් දහයක භික්ෂූන් වහන්සේලා සහ විද්වතුන් එම සමුළුවට එක්ව සිටි අතර, සිතගු විශ්වවිද්‍යාලයේ කුලපති සහ මියන්මාරයේ සුජින් නිකායේ අනු සංඝනායක අශීන් ඥානිස්සර හිමිපාණන් වහන්සේ වෙත මෙහි දී ජනාධිපතිතුමා විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අතර උන්වහන්සේ ජනාධිපතිතුමා වෙත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පිරිනැමූහ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

චාරිත්‍ර හා වාරිත්‍ර සීලය

චාරිත්‍ර යනු පිළිපැදීමයි. වාරිත්‍ර යනු වැළකී සිටීමයි. විරති, සමාදාන යනුවෙන් හඳුන්වන්නේ ද මෙයයි. සියලු පව් නොකිරීමත්, කුසල් ඉපිදවීමත්, සිය සිත සංවර කිරීමත් බුදුවරුන්ගේ අනුශාසනාව වෙයි.” (සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා) මෙහි පළමු කරුණු දෙකම සම්බන්ධ වන්නේ චාරිත්‍ර හා වාරිත්‍ර දෙකට ය. ප්‍රාණ ඝාතයෙන් වළකින තැනැත්තා දඬු මුඟුරු බැහැර කොට, අවි ආයුධ බැහැර කොට, පවට ලජ්ජා වෙමින්, දයාවෙන් යුක්ත ව සියලු ප්‍රාණීන් සත්ත්වයන් කෙරෙහි හිතානුකම්පීව විසිය යුතු ය. මෙහිලා ප්‍රාණඝාතයෙහි යෙදෙන තැනැත්තා ගේ මනසේ පවත්නා ද්වේෂ මූලික සිතිවිලි වෙනුවට මෙත් සහගත සිතිවිලි දක්වා පුද්ගලයා සංවර්ධනය කිරීම අරමුණු වෙයි. හුදෙක් මානසික සංවර්ධනයකින් තොරව සිදු කරන බාහිර ප්‍රදර්ශනයට පමණක් ආරක්ෂා කරනු ලබන සීලය සීලබ්බත හෙවත් සීල ව්‍රතයක් යනුවෙන් හඳුන්වා දිය යුතු ය.

ඉතිරිය»

70 වන සංවත්සරය සමරන අමුණුගොඩ දහම් පා දහම් පාසල

සියනෑ කෝරළයේ අමුණුගොඩ කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු විහාරස්ථ ‘දහම් පා’ දහම් පාසලට වසර 70 ක් සපිරෙයි. ‘දහම් පා’ දහම් පාසල දිගුකලක් ධර්ම ශාස්ත්‍රීය සේවාවන්හි යෙදෙමින් සම්බුද්ධ ශාසනයට හා සමාජ අභිවර්ධනයට ඉටුකළ මෙහෙය අතිවර්ණිත ය. මෙම අභිමානවත් ගමන් මග අනුස්මරණය කරමින් සමරන ධර්ම ප්‍රාසාද ප්‍රාසාදිනී සංවත්සරික උළෙල සහ ත්‍යාග ප්‍රදානෝත්සවය උඳුවප් මස 9 වන රිවි දින පස්වරු 2.00 සිට 5.00 දක්වා සියනෑ කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක සද්ධර්ම වාගීශ්වරාචාර්ය විනය කීර්ති ශ්‍රී අමුණුගොඩ සෝමානන්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාද මැද දහම් පාසල් පරිශ්‍රයේ දී පැවැත්වේ. අමුණුගොඩ රාජමහා විහාරස්ථානය වළගම්බා රජ දවස දක්වා දිවෙන ඉතිහාසයක් ඇති පෞරාණික සහ බලසම්පන්න පුණ්‍ය භූමියකි. ඒ බව දුර දක්නා නුවණින් දුටු හය වන පැරකුම්බා රජු මෙහි ගල් ලෙන තුළ පිළිමයක් තැන්පත් කොට බෝධි රෝපණයක් ද කර ශිලා ලේඛනය කරවීමෙන් විහාරස්ථානයක පෙරමග සනිටුහන් වී ඇත.

ඉතිරිය»

මම යනු කවුද?

ඔබ, ඔබ වෙත දක්වන හිතවන්තභාවය මැනවින් තේරුම් ගන්න. දීර්ඝ වූ සංසාර ගමනේ සතර අපායේ ම ඉපිද, අප්‍රමාණ දුක්විඳ, දුර්ලභ ව ලබාගත් මේ මනුෂ්‍ය ජීවිතය උතුම් බව සිහිපත් කරන්න. එසේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය හැම මොහොතක් පාසාම ජීවත්වන්නට තිබෙන කාලය අඩු වෙමින් පවතින බවත් සිහිපත් කරන්න. ඕනෑම මොහොතක් ජීවිතයේ අවසාන මොහොත විය හැකි බවත් සිහිපත් කරන්න. සම්මත ලෝකයට අනුව ඉගෙනීම, රැකියාව, වෘත්ති්ය, ඔබගේ විවාහය, දරුවෝ, ගේදොර ආදී වශයෙන් පවත්වන බවත් ධර්මානුකූලව සීලයේ පිහිටා මව්පියන්, දරුවන්, ස්වාමි භාර්යා වශයෙන් යුතුකම් කරන බවත් සිහිපත් කරන්න. ඒ වගේ ම තමාගේ ශරීරය, බාහිර වශයෙන් ප්‍රසන්නවත්, නීරෝගීවත් පවත්වාගත යුතු බව ද සිහිපත් කරන්න. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, වගේ ම බෙහෙත්, ගේදොර ආදිය .

ඉතිරිය»

පුණ්ණ තෙරුන් පැවිදි වීම.
සිතුවම - සමන් ශ්‍රීකාන්ත

 

ඉල් අමාවක පෝය


ඉල් අමාවක පෝය දෙසැම්බර් 06 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.16ට ලබයි.07 වනදා සිකුරාදා අපරභාග 12.55 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම දෙසැම්බර් 06 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය දෙසැම්බර් 15 වනදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 06

First Quarterපුර අටවක

දෙසැම්බර් 15

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]