UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

බොදු සිත් සනසන ඇඹිලිපිටියේ බිංගලයාය ශ්‍රී සුදර්ශනාරාමය

 

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බිංගලයාය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය බොදු දනන්ගේ සිද්ධස්ථානයක් බවට පත් වන්නේ මීට වසර 40 කට නොවැඩි කාලයක සිට ය. උඩවලව හා චන්ද්‍රිකාවැව ජලාශ ඉදිවීමත් සමඟ බිහි වූ ජනපද අතර හිගුර, තුංකම, කිරිවිලයාය, කච්චිගල, වයි.එස්.එස්.ගම්මානය, කඩදාසි කම්හල් ජනපදය යන ප්‍රදේශ තුළ පදිංචි වූ බොදු ජනතාවට ආගමික ස්ථානයක් නොවූ හෙයින් ප්‍රදේශයේ පදිංචි ඩබ්.එම්. කිරිගෝරිස් සතු වගා බිමක් ලෙස ද තිබූ අක්කරයක් පමණ වූ ඉඩම් කොටසක් ලබා ගෙන බිංගලයාය ශ්‍රී සුදර්ශනාරාම විහාරය කුඩා පොල් අතු මඩුවක් ලෙසින් 1986 වසරේ දී ප්‍රදේශවාසීන් විසින් ආරම්භ කර ඇත. එහි පළමු විහාරාධිපති හිමි වන්නේ පානදුර පඤ්ඤානන්ද හිමියන් වන අතර පැවැති දරිද්‍රතාවය නිසාම උන්වහන්සේ ආරාමය හැර ගොස් ඇත. පසුව එහි නේවාසිකව වැඩ වසා ඇත්තේ ගොඩකවෙල රාහුල නමැති හිමි නමකි. උන්වහන්සේ ද විහාරස්ථානය හැර යාමත් සමඟ මේ ස්ථානය ආරක්ෂා කර ජනතාවට ආගමික කටයුතු කර ගැනීම සඳහා භික්ෂූන් වහන්සේ නමක් ලබා දෙන ලෙස ප්‍රදේශයේ ජනතාව ඇඹිලිපිටිය ගඟේයාය ඤාණසීහ පිරිවනේ විහාරාධිපති වේවැල්වල අනුරුද්ධ හිමියන්ගෙන් කළ ඉල්ලීමට අනුව වත්මන් විහාරාධිපති ගෝනගල සිරි සුජාත හිමියෝ 2000 වසරේ දී වැඩම කරවන ලදී.

 

ඉතිරිය»

 

ඉල් අව අටවක පෝය


ඉල් අව අටවක පෝය නොවැම්බර් 29 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 06.49 ට ලබයි. 30 වන දා සිකුරාදා අපර භාග 04.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 30 වන දා සිකුරාදා ය.

 

මීළඟ පෝය දෙසැම්බර් 06 වනදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 30

Full Moonඅමාවක

දෙසැම්බර් 06

First Quarterපුර අටවක

දෙසැම්බර් 15

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]