UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම ඉල් පෝදා

 

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජා පින්කම මෙම ඉල් පෝදා මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මිහින්තලා පුදබිමේ දී පැවැත්වේ.  එම පින්කමෙහි මෙවර දායකත්වය දරනු ලබන්නේ වැල්ලවත්ත පියනන්ද සමාජ සේවා පදනමේ අධ්‍යක්ෂ කිරිවැල්දොල පියනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගෝනාපීනුවල චන්දානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙනි.

ඉතිරිය»

දහම් පාසල් 6 – 10 ශ්‍රේණි විභාගය 25 වන දා

බුද්ධ ශාසන අමාත්‍යංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ උපදෙස් පරිදි 2018 සමස්ත ලංකා දහම් පාසල් 6 – 10 ශ්‍රේණි විභාගය මෙම මස 25 වෙනි ඉරුදින දිවයින පුරා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතාගේ මෙහෙයවීමෙන් දහම් පාසල් කොමසාරිස් එච්.එන්. කුමාරි මහත්මියගේ සංවිධානයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉතිරිය»

සදහම් එළියෙන් ලොව ම එකලු වූ ඉල් පුර පසළොස්වක පොහෝ දා

 

ලොව මුල් වරට මහ රහතන් වහන්සේලා සැට නමක් ධර්ම ප්‍රචාරක කටයුතුවලට පිටත්ව යාම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කිරීම පිණිස උරුවෙල් දනව්වට වැඩම කිරීම, සැරියුත් මහරහතන් වහන්සේගේ මෑණියන් වූ සාරි බැමිණිය මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම, සැරියුත් මහ රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේදී පිරිනිවන්පෑම, මෛත්‍රී බෝධි සත්ත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම වැනි අනුස්මරණීය ශාසනික සිදුවීම් රාශියක් ඉල් මස පුර පසළොස්වක පොහෝ දා සිදු වී ඇත. පසු වස් පවාරණය කළ යුතු දිනය මෙන්ම, කඨින චීවර පූජාව, සිදුකළ හැකි අවසන් දිනය යෙදෙනුයේ ද ඉල් මස පුර පසළොස්වක පොහෝ දා ය. තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඇසළ පුන් පොහෝ දා බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන් වහන්සේලා සමඟ පළමු වරට වස් සමාදන් වූ සේක. එම වස් කාලයේ දී ම උන්වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පවත්වා එම පස්වග මහණුන් වහන්සේලාට රහත්වීමට මඟ පෙන්වා දුන් සේක. තව ද මෙම වස්කාලයේදී ම උන්වහන්සේ යස කුල පුත්‍රයා හා ඔහුගේ යහළුවන් පනස් හතර දෙනෙකුට රහත් මඟඵල ලැබීමට මග පෙන්වූ සේක. එම වස් කාලය අවසන් වූ පසු එළඹුණු ඉල් මස උන්වහන්සේලා ආමන්ත්‍රණය කළ බුදුරජාණන් වහන්සේ “මහණෙනි බොහෝ දෙනාගේ හිත සුව පිණිස, බොහෝ දෙනාගේ සැප පිණිස,ලෝවැසියන් කෙරෙහි අනුකම්පාවෙන් දෙව්, මිනිසුන්ගේ යහපතත්, සැපයත් පිණිස චාරිකාවේ හැසිරෙන්න” යැයි වදාළ සේක. අනතුරුව උදාවූ ඉල් පුර පසළොස්වක පොහෝදා එම රහතන් වහන්සේලා පිරිස ධර්ම ප්‍රචාරය පිණිස පිටත්කර යවා තමන් වහන්සේ තනිව ම උරුවෙල් දනව්ව බලා වැඩම කළ සේක.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සරු දිවියකට සරු දේ සරු ලෙසින් දකිමු

“සාරංච සාරතෝ ඤත්වා
අසාරංච අසාරතෝ
තේ සාරං අධිගච්ඡන්ති
සම්මා සංකප්ප ගෝචරා”
(ධම්මපදය – යමකවග්ගය)

යහපත් අදහස් ගොදුරු කොට ඇත්තෝ සරු දෙය ම ලබන්නාහු ය. මෙහි සරු දෑ ලබන්නෙකු පිළිබඳ අවධානය යොමු කොට ඇත්තේ සරු දෑ නොලබන්නෙකුගේ ගති ලක්ෂණ පිළිබඳ විස්තර කිරීමෙන් පසුව ය. ඒ අනුව එහි ‘අසාරේ සාර මතිනෝ’ යන්නෙන් දක්වා ඇත්තේ නිසරු දෙය සරු ලෙස ගැනීම පිළිබඳව ය. නිසරු දෙය යනු විවිධ සම්පත් නොනිසි අයුරින් එක්රැස් කිරීමේ උත්සාහය වන අතර එය සිව්පසය යන පූජනීය නාමයෙන් හඳුන්වන අතර ආහාර, වස්ත්‍ර, නිවාස, බෙහෙත් යන මූලික මිනිස් අවශ්‍යතා අරමුණු වන බව සඳහන් කළ යුතුව ඇත. සියලු සමාජ සංස්ථා අතර මෙම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පමණක් නොව බලය සඳහා ද ඇත්තේ මහත් අරගලයෙකි. මෙහිදී එබඳු පුද්ගලයන් සරු දේ හෙවත් යහපත් දෙය ලෙස පිළිගනු ලබන්නේ දස අකුසලයන් හා දස වස්තුක මිත්‍යා දෘෂ්ටියයි. ‘මිච්ඡා සංකප්ප’ යන්නෙන් වැරදි දෑ නිවැරදි දෑ ලෙස දකිමින් පස්කම් සැපෙහිම ඇලෙමින්, ගැලෙමින් වැරැදි ආකල්පයන් අනුව සමාජ විරෝධි ක්‍රියාවන්හි නිරතවීම අදහස් කරනු ලැබේ. මෙසේ ක්‍රියා කරන ලද පුද්ගල ක්‍රියාකාරීන් පිළිබඳ අපේ ධර්ම සාහිත්‍යයෙහි බහුල වශයෙන් තොරතුරු වාර්තාකොට තිබේ. එබඳු පුද්ගල චරිත පිළිබඳ විමසා බලනවිට පැහැදිලිවන මූලික ලක්ෂණයක් වන්නේ ඔවුන් යම් යම් මිත්‍යා සංකල්පයන්ගේ මන්මත්ව ක්‍රියා කර ඇති ආකාරයයි. මෙසේ පුද්ගල මනස මත් කරවන කරුණු සත් විස්සක් පිළිබඳව සඳහන් ය.

ඉතිරිය»  

පළමු රහතන් වහන්සේ සැට නම
ධර්ම ප්‍රචාරයට ගමනාරම්භ කිරීම

 

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 22 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.51 ට ලබයි. 23 වන දා සිකුරාදා පූර්ව භාග 11.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 22 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 30 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22

Second Quarterඅව අටවක

නොවැම්බර් 30

Full Moonඅමාවක

දෙසැම්බර් 06

First Quarterපුර අටවක

දෙසැම්බර් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]