UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

මියගිය ඥාතීන් අමතක නොකරමු

තස්ස මාතා පිතාභාතා
දුග්ගතායම ලෝකිකා
පාප කම්මං කරිත්වාන
පේත ලෝකං ඉතොගතා

ඉහත දැක්වූ ගාථා පාඨය, සූත්‍ර පිටකයට අයත් ඛුද්දක නිකායේ ප්‍රේත වස්තු පාලියෙහි සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩසිටි කාලයේ ‘පොට්ඨපාද’ නමින් මහරහතන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේගේ මවත්, පියාත්, සහෝදරයාත්, මනුෂ්‍ය ලෝකයේ දී පව්කම් කළ නිසා පෙරේත ලෝකයේ ඉපදුණා. එහි දී ඔවුන්ට ඉදිකටුවලින් අනිනවා වාගේ නිතර ම වේදනා විඳින්නට සිදුවෙනවා. ක්ලාන්තය හැදෙනවා. නිර්වස්ත්‍රවයි සිටින්නේ. සිරුරේ ඇටකටු පමණයි ඇත්තේ. මස් නැහැ. සෑම මොහොතක ම කාලය ගෙවන්නේ බයෙන්, තැති ගැන්මෙන් යුතුවයි. කෲර දේවල් කළ ඔවුන්ගේ ශරීර පිටට දර්ශනය වෙන්නේ නැහැ. සානුවාසී පර්වතයේ වැඩ වාසය කරන පොට්ඨපාද මහරහතන් වහන්සේ දිනක් පා ගමනින් වැඩම කරන අවස්ථාවක උන්වහන්සේගේ ගිහි ජීවිතයේ සොහොයුරා වූ මේ ප්‍රේතයා උන් වහන්සේට දර්ශනය වන ආකාරයට මාර්ගය අයිනේ සිටියා. නමුත් පොට්ඨපාද මහරහතන් වහන්සේ ඔහු ගැන එතරම් තැකීමක් නොකර ම වැඩම කළා. මේ අවස්ථාවේ එම ප්‍රේතයා තමන් උන්වහන්සේගේ මියගිය සහෝදරයා බව පවසා සිටියා.

ඉතිරිය»

 

ඉල් පුර අටවක පෝය


ඉල් පුර අටවක පෝය නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා, පූර්වභාග 07.05 ට ලබයි. 16 වනදා සිකුරාදා පූර්වභාග 09.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 22 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 15

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22

Second Quarterඅව අටවක

නොවැම්බර් 30

Full Moonඅමාවක

දෙසැම්බර් 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]