UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෑ රදුන් වහන්සේ

 

 

වසර 105 ක් සපිරෙන විතාරන්දෙණියේ ශ්‍රී සුදර්ශනාරාමය

ඉපැරැණි රෝහණයේ ගිරුවාගම් දොළොස් දහස් රටට අයත් වූ නූතන දක්ෂිණ ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඓතිහාසික විතාරන්දෙණිය ග්‍රාමයේ පිහිටා ඇති ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය ආරම්භ කොට 2018 වර්ෂය වන විට වසර 105 ක් ගත වේ. පුරා සියවසකට වැඩි කාලයක් තුළ විවිධ යුග පසුකරමින්, අනේකවිධ සමාජ, ආර්ථික විපර්යාසයන්ට නො සැලී මුහුණ දෙමින් අපේකම, අපේ රට, අපේ ආගම රැක ගනුවස් මිල කළ නො හැකි තරම් සේවාවක් සුදර්ශනාරාමයෙන් සිදුව තිබේ. සිංහල භික්ෂුවංශය පිරිහීගොස් තිබූ මහනුවර යුගයේ එය නැවත පුනර්ජීවනයට පත් කළ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන්ගේ සඟ පරපුරෙන් පැවත එන වේහැල්ලේ ධම්මදින්න නාහිමියන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරේ පහතරට යුගකාරක යතිවරයන් වහන්සේ නමක් වූ මුලනේ ගුණානන්ද නා හිමියන් විසින් 1913 වසරේ දී සුදර්ශනාරාමය ගොඩනැංවීමේ කටයුතු ආරම්භ කරනු ලැබ තිබේ. කිරින්දේ දේවානන්ද හා පලපොත ධම්මානන්ද ආදී පසුකාලීන විහාරාධිපතීන් වහන්සේලා විසින් විහාරස්ථානය තවදුරටත් සංවර්ධනය කරමින් බොදු ජනයාගේ අධ්‍යාත්මික දියුණුව සඳහා සුවිසල් සේවාවක් සිදු කොට ඇත්තාහ.

ඉතිරිය»

 

ඉල් පුර අටවක පෝය


ඉල් පුර අටවක පෝය නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා, පූර්වභාග 07.05 ට ලබයි. 16 වනදා සිකුරාදා පූර්වභාග 09.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 22 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 15

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22

Second Quarterඅව අටවක

නොවැම්බර් 30

Full Moonඅමාවක

දෙසැම්බර් 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]