UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රත්මලාන මල්ලිකාරාමයේ දී වස්සානයේ දම් දෙසුම්

රත්මලාන මල්ලිකාරාමයේ දී වස්සානය නිමිත්තෙන් පැවැත්වෙන පින්කම් මාලාවේ දී ඔක්තෝබර් 7 වනදා සවස 5-6 දක්වා තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ දහම් දෙසුමක් ද 13 වනදා සත්බුදු වන්දනා පින්කමක් ද, 14 වනදා සිට මෙම මස 25 වනදා දක්වා දිනපතා සවස ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ.

ඉතිරිය»

ජීවත්වීමට සුදුසු පරිසරයක් තෝරාගන්නේ කෙසේද?

යම් කිසි කෙනෙක් ජීවත්වනවා නම්, ඒ සඳහා සුදුසු ප්‍රදේශයක් තෝරා ගැනීම දියුණුවට මග යැ යි බණ දහමේ වුණත් උගන්වා තියෙනවා. තමන් ජීවත්වන පරිසරය ජීවත් වීමට නුසුදුසු නම්,එම ප්‍රදේශය සුදුසු තැනක් බවට පත් කරගැනීම එක කරුණක්. එම ස්ථානය අතහැර දමා වෙනත් ප්‍රදේශයක පදිංචිය දරමින් අලුතින් ජීවිතය ඇරඹීම තවත් එකක් .අද පවතින ආර්ථික තත්ත්වය අනුව සමාජය හදන්න කියලා ඉන්න හිටින තැන විකුණා තැන් තැන්වල පදිංචියට යන එක හරිද? නුවණැති කෙනෙකුන් විසින් කළ යුතු කාර්යයක් ද? යන වග දෙතුන් වතාවක් හිතන්න අවශ්‍යය යි. ලෝකය තමන්ට අවශ්‍ය විදියට හදන්න යන අයත් ඉන්නවා. ලෝකයට හා සමාජයට අවශ්‍ය ආකාරයට තම ගති සිරිත් වෙනස් කරලා හැදෙන අයත් ඉන්නවා. සමාජ ගති සිරිත් උකහා ගෙන තමන්ගේ ස්වභාවයත් සමග ගලපලා වඩාත් අර්ථවත් ලෙස සකස් කර ගෙන ජීවත් වෙන අයත් ඕනෑතරම් සිටින බව පෙනෙනවා. තෙවැනි ගණයට අනුව ජීවිතය සකස් කරගෙන අර්ථවත් ව ජීවත් වන අය සමාජයේ අඩු වුණත් ඔවුන් සැහැල්ලුවෙන් ජීවත්වන බව නම් පැහැදිලි යි. ඔබ මෙයින් කෙබඳු වර්ගයේ කෙනෙක්දැයි සිතා කල්පනා කර බැලුවොත් නරක ද? ජීවත් විය යුත්තේ කොහොම ද? කියන බව වුවත් පැහැදිලි වන්නේ එවිට යි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සැප සදන සප්ත වත

අප්පමාදෙන මඝවා - දේවානං සෙට්ඨ තං ගතො
අප්පමාදං පසංසන්ති - පමාදො ගරහිතො සදා

සකල සතවෙත පතළ මහා කරුණා ඇති අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩවසන සමයෙක සක්දෙවිඳුන් පිළිබඳ ව මහාලි නම් ලිච්ඡවී රජු විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක. මෙම මහාලි ලිච්ඡවී රජ සක්ක පඤ්හ සූත්‍රය අසා බුදුරදුන් ශක්‍ර දෙවියන්ගේ සම්පත්තිය ඉතා උසස් කොට දේශනා කරන්නේ, ශක්‍ර සම්පත්තිය දැකලා දැනගෙන ද? නැතිනම්, නොදැක නොදැනදැයි, අසන්නෙමි'යි සිතාගෙන දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ බුදුරදුන් දෙපා නැමද එකත්පසව හිඳ මෙසේ ඇසී ය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ශක්‍රදේවයන් දැක තිබේ ද? එසේ නොවේ නම්, ශක්‍රයාගේ ප්‍රතිරූපයක් වත්දැයි පිළිවිසී ය. එහි දී බුදුරජාණන් වහන්සේ ‘මහාලිය, මම ශක්‍රයා ද දන්නෙමි, එම ශක්‍ර සම්පත්තිය ලබා ගැනීමේ ධර්මය ද දන්නෙමි. යනුවෙන් පිළිවදන් දී ශක්‍රදේවේන්ද්‍රයාගේ අතීත කතාව මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සේක.

ඉතිරිය»

අසූවැනි ජන්ම සමරුවට උපහාර ලබන අත්තුඩාවේ ශ්‍රී පියරතන නා හිමි

බොහෝ දෙනාගේ හිත සුව පිණිස කටයුතු කරන්න යයි බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට ආරම්භයේ දී ම අනුශාසනා කළ හ. මේ අවවාදය මුළුමනින් ම අර්ථවත් ව ශාස්ත්‍රවේදී අත්තුඩාවේ පියරතන නා හිමියෝ ක්‍රියාත්මක කළහ. සැදැහැවතුන් තමන් වෙත පුදන පිරිකර ඇතුළු ද්‍රව්‍ය එකතු කොට තම මව්පියන් මෙන් ම පැවිදි බිමට පත් කළ ගෞරවණීය ගුරු හිමිවරුන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා වසරකට කිහිප විටක් සංඝගත දක්ෂිණා පවත්වා පූජා කළ හ. පන්තිස් වසරක් අඛණ්ඩ ව ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ධූරය ද තෙවිසි වසරක් දක්ෂතම ආචාර්යවරයෙකු වශයෙන් ද, තිස් වසරකට අධික කාලයක් රත්මලාන විහාරාධිපති සංගමයේ ලේකම් වශයෙන් ද පත්ව ආදර්ශ සම්පන්න සුවිශේෂ සේවයක් සිදු කළහ. කවියෙකු මෙන් ම, ධර්ම දේශකයෙකු වශයෙන් ප්‍රසිද්ධියක් ඉසිලූ අත්තුඩාවේ නාහිමියෝ ග්‍රන්ථ කිහිපයක් ම සම්පාදනය කළ හ. වේලාවට වැඩ කිරීම, නිවැරැදිව වැඩ කිරීම, ආදර්ශ සම්පන්නව කටයුතු කිරීම, සැම විටම අගය කරමින් කටයුතු කළ උන්වහන්සේ කිසිදු භේදයකින් තොරව ගිහි පැවිදි බොහෝ දෙනා හිතවත් ව ඇසුරු කළ හ. ගුණවත් හා උගත් තම පැවිදි ආචාර්යයන් වහන්සේලාගෙන් මෙන් ම යහපත් බෞද්ධ මවුපියන්ගෙන් ලැබුණු ගුණ ධර්ම නමැති දායාද තවදුරටත් තම ජීවිතයට එකතු කොට ගෙන කළ සේවය අගය කළ මල්වතු මහා විහාරයේ අතිපූජ්‍ය මහානායක...

ඉතිරිය»

මාගන්ධිය බමුණා බුදුරදුන් හමුවීම

 

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 08 වනදා සඳුදා පූර්ව භාග 11.35 ට ලබයි.09 වනදා අඟහරුවාදා පූර්ව භාග 09.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 08 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය

ඔක්තෝබර් 16 වනදා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]