UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා

 

ධර්මපාල චින්තනයෙන් ධර්මපාල පරපුරක් නිර්මාණය කිරීම ජාතික අවශ්‍යතාවකි

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා වූ කලි 19 වන සියවසේ අග භාගයේත්, 20 වන සියවසේ මුල් භාගයේත් ලක්දිව ඇති වූ බෞද්ධ පුනරුදයට අසහාය පහන් ටැඹක් වූ අද්විතීය යුග පුරුෂයෙකු යැයි නො පැකිල ව හැඳින්විය හැකි ධර්ම වීරයාණ කෙනෙකි. මීට වසර 85 කට පෙර ලංකා මාතාවගෙන් සමුගත් මේ ශ්‍රේෂ්ඨ වීරයාණන් ගේ 154 වන උපත් සමරුව යෙදෙන මෙ කල ලක්වැසියන් විසින් තම කෘතවේදිත්වය දැක්විය යුතු වන්නේ එතුමන් ජාතිය සතු කළ විශිෂ්ට චින්තාවලියට නව පණ දීමෙන් මිස අන් දෙයකින් නොවේ. 1864 සැප්තැම්බර් මස 17 වන දින කොළඹ දී, අගනුවර ප්‍රකට වෙළෙඳ ව්‍යාපාරිකයකු ව සිටි දොන් කරෝලිස් හේවාවිතාරණ මහතාට දාව, ඉතා සැදැහැවත් කුල කාන්තාවක වූ මල්ලිකා හේවාවිතාරණ මහාත්මනිය ගේ කුසින් මෙලොව එළිය දුටු පින්වත් පුත් රුවනට එවක පැවැති ආගමික හා සමාජීය පසුබිම අනුව නම් තැබුණේ ‘දොන් ඩේවිඩ්’ යනුවෙනි. ඒ වන විට පැවැති ක්‍රිස්තියානි මිෂනාරී අධ්‍යාපනය අනුව මූලික පාසල් ඉගැනීම ලැබුව ද මවුපියන් ගේ දූරදර්ශී මඟ පෙන්වීමත්, නිවෙස තුළ පැවැති බෞද්ධ වත් පිළිවෙත් පණ ගැන්වුණු පරිසරයත් හේතු කොටගෙන ළමා කල පටන් එතුමාට බුද්ධ ධර්මයේ අගය වැටැහෙන්නට පටන් ගති.

ඉතිරිය»

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 16 වන දා ඉරිදා අපර භාග 04.00 ට ලබයි. 17 වන දා සඳුදා අපර භාග 05.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 16 වන ඉරිදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 24 වන දා සඳුදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]