UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

පිරිවෙන් අධ්‍යාපනය ලබන ගෞරවනීය ස්වාමින් වහන්ස /දුවේ, පුතේ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.


අංගුලිමාල තෙරුන් වහන්සේ

කොසොල් රජුගේ පුරෝහිත තනතුර දැරූ ගග්ග නම් බමුණාගේ හා මන්තානි නම් බැමිණියගේ පුත්‍රයා වූයේ අහිංසක කුමරු ය. මව්පියන් විසින් ඔහු ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමට තක්ෂිලානුවර දිසාපාමොක් ආචාර්යවරයා වෙත පිටත් කර යවනු ලැබීය. ඉගෙනීමේ දක්ෂයකු වු අහිංසක කුමරු ආචාර්යවරයාගේ පි‍්‍රයතම ශිෂ්‍යයා විය. එයට අන් ශිෂ්‍යයෝ ඔහුට ඊර්ෂ්‍යා කළහ. ආචාර්යවරයාට අහිංසක පිළිබඳව බොරු කේලාම් බස් කියා ඔහු කෙරෙහි බිඳවූහ. දිසාපාමොක් ආචාර්යවරයා ඔහු නැසීමට උපායක් කල්පනා කළේ ය.

ඔහු අහිංසකට ගුරු පූජාවක් ලෙස මිනිසුන් දහසකගේ දකුණතේ මහපට ඇඟිලි ගෙනෙන ලෙස කියා පිටත් කර හැරී ය. අහිංසක කුමරු ගුරු ගෞරවය නිසා ම කඩුවක් ද රැගෙන කැලයට වැදී එහි යන එන මිනිසුන් ඝාතනය කිරීමට පටන් ගත්තේ ය. ඝාතනය කරන ලද පිරිස ගැන දැන ගැනීමට හේ ගෙල වටා ඇඟිලි මාලයක් සාදා ගත්තේ ය. එමඟින් අහිංසක, අංගුලිමාල විය. ගුරු පූජාව පැවැත්වීමේ අරමුණින් අංගුලිමාල මිනිසුන් බොහෝ මරා දැමී ය. අංගුලිමාල පිළිබඳ දැනගත් කොසොල් රජු ඔහු අල්ලා ගැනීමට සේනා සමඟ පිටත් වූහ. මේ බව ආරංචි වු මන්තානි බැමිණිය දරු සෙනෙහසින් සිය දරුවා බේරා ගැනීමට කැලයට පිවිසුණා ය. මේ බව දුටු බුදුරජාණන් වහන්සේ අංගුලිමාල වෙත වැඩම කර ඔහු ආනන්තරීය පාප කර්මයෙන් මුදවා ගත්හ. අංගුලිමාල බුදුබණ අසා තෙරුවන් සරණ ගොස් පැවිදි විය.

එහෙත් කෙටි කලක් යනතුරු ඔහුට කිසිවෙකුගේ ගෞරවයක් හිමි නොවී ය. පසුව උන්වහන්සේ සියලු කෙලෙසුන් නසා අරහත්භාවයට පත් වූ සේක.

ඩබ්.ඒ.පසිඳු අංජන වීරක්කොඩි


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

369. කේ.ඒ.නිපුනි ශෂිකලා ජයරත්න
11 ශ්‍රේණිය, යූ.බී.වන්නිනායක නවෝද්‍යා පාසල
බලල්ල

370. කැදන්ගමුවේ විමල ඥාණගවේසි හිමි
02 ශ්‍රේණිය, ශ්‍රීවර්ධන මූලික පිරිවෙන
මාරඹ

372. ජී.ඩබ්.වින්ද්‍යා මධුභාෂිනි මිත්‍රරත්න
9 ශ්‍රේණිය, යූ.බී. වන්නිනායක නවෝද්‍යා පාසල
බලල්ල

373. එස්.ඒ. සසිනි ප්‍රබෝදනී සමරසිංහ
08 ශ්‍රේණිය, ශ්‍රී රේවත දහම් පාසල
මාවනැල්ල

374 ඒ.ජී. මෙතුලි සුමෙත්යා අන්හෙට්ටිගම
04 ශ්‍රේණිය, සංඝමිත්තා බාලිකා විදුහල
ගම්පහ

375. කේ.පුබුදු මදාරා
11 ශ්‍රේණිය, ඕවිටිගම මහ විදුහල
ගම්පහ

376. ජී.ඊ.එස්.ඩී. ඇලපාත
05 ශ්‍රේණිය, ශ්‍රී සුචරිතෝදය දහම් පාසල
පල්ලේපොල


ශ්‍රී මහ බෝධින් වහන්සේ

සංඝමිත්තා තෙරණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් පාත්‍රයක රෝපණය කරවා මෙරටට වැඩම කළහ. දේවානම්පියතිස්ස රජතුමා දඹකොළ පටුන වරාය වෙතට ගොස් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ දොහොත් මුදුන් දී පිළි ගත්තේ ය. උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේ අනුරාධපුරයේ මහමෙව්නා උයනේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ රෝපණය කළ සේක.


පූජා කරමු මල්

වතු සුදු අරලිය සමන් පිච්ච මල්
විලෙන් නෙළා ගත් ඕලු නෙළුම් මල්
කහ සුදු රතු දම් රෝස පාට මල්
බුදු පා මුල පරවෙන පියකරු මල්


සාම කුමරු

බරණැස්නුවර සාම නමින් කුමාරයෙක් හිටියා. කුමරු අම්මාටත්, තාත්තාටත් හරිම ආදරෙයි. පුතාටත් අම්මයි, තාත්තයි හරිම ආදරෙයි. සාම කුමරු සතුන්ට ද හරිම ආදරෙයි. මුවෝ, හාවෝ, ගිරව්, මයිනෝ,ලේන්නු හැමෝම යාළුවෝ. කුමරුගේ මව්පියෝ අන්ධ යි. දවසක් යාළු සතුන් සමඟ කුමරු පැන් ගෙන එන්නට ගඟට ගියා. බරණැස්රජතුමා මුව දඩයමේ ගියා. රජතුමා මුවෙකුට හීයක් විද්දා.අනේ ඒ හීය සාම කුමරුට වැදුණා. සාමකුමරු සිහි නොමැතිව බිම ඇදගෙන වැටුණා. මේ පුවත සාම කුමරුගේ මව්පියන්ට දැන ගන්න ලැබුණා. “අපේ පුතා කවදාත් වැරැදි කරන්නේ නෑ. ඒ නිසා පුතා සුවපත් වේවා! පුතා සුවපත්වේවා! පුතා සුවපත් වේවා! යි අම්මයි තාත්තයි සත්‍ය ක්‍රියාවක් කරමින් සෙත් පැතුවා. කුමරුට සිහිය ආවා. අම්මා ගේ තාත්තාගේ ඇස් පෙනීම ද ලැබුණා. සාමකුමරු මෙන් අපි ද යහගුණ පුරුදු වෙමු. නිති මව්පියන් රකින දරුවෝ වෙමු.


ගමේ පන්සල

බොදුනුවන්ගේ මුදුන් මල්කඩ වන් වූයේ
ගමේ පිහිටි නිසසල බිම්කඩ වූයේ
අප කාගේත් සිත නිමනා තැන වූයේ
අපේ බසින් මෙහි නම පන්සල වූයේ

මහා සඟ රුවන වැඩ සිටිනා පින්බිමය
නිතරම දහම් පද මතුවන පින්බිමය
බොදු අප නිතර යන එන පින්බිමය
ලොවේ උතුම් තැන පන්සල වූ මේ පින්බිමය

ගමේ සියලු වැසියන් එතැනට රැස්වෙන්නේ
ගමේ සියලු පොදු වැඩ එහි දී අරඹන්නේ
ගමේ විපතක දී අපහට පිහිටට ඉන්නේ
ගමේ පන්සල කොයි කවුරුත් රැකගන්නේ


පින් වැඩීමට කාලයයි

මේ වැසි සමය යි. “වැහි වැහැලා හොඳට තණකොළ වැවිලා තිබෙනවා. මේ හාමුදුරුවරු ඇවිදලා තණකොළ විනාශ වෙනවා. ඒ වගේම හාමුදුරුවරු පව් කරගන්නවා කියා” ඉස්සර කාලේ බමුණන් ස්වාමින් වහන්සේලාට චෝදනා කළාලු.ඒ නිසාම, බුදුරජාණන් වහන්සේ හාමුදුරුවරුන්ට වස් සමාදන් වීමට අනුදැන වදාළා. විහාරස්ථානයේ දායකයන් හාමුදුරුවරු තම විහාරස්ථානයේ වඩා හිඳුවාගෙන මේ කාලයේ සිව් පසයෙන් උපස්ථාන කරනවා. මේ වැසි සමයේ ගිහි පැවිදි දෙපිරිසට ම කුසල් වඩන්නට, පින් පුරවාගන්නට කාලය යි. වස් තුන් මස පුරා හැම විහාරස්ථානයක ම පින්කම් පැවැත් වෙනවා. ඇසළ පොහෝ දිනෙන් වස් ආරාධනය ආරම්භ වුණා.


අත්තම්මා පන්සල් යනවා

ඩී.කේ.එම්.ටිවිනි ආදිත්‍යා
01 ශ්‍රේණිය,
බණ්ඩාරනායක බාලිකා විදුහල
අම්පාර


තිත්තිර ජාතකය

කැදන්ගමුවේ
විමලඤාණගවේසි හිමි,
02 ශ්‍රේණිය,
ශ්‍රී වර්ධන මූලික පිරිවෙන, මාරඹ


 

නිකිණි මස පුර අටවක පෝය


නිකිණි මස පුර අටවක පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා පූර්වභාග 01.06 ට ලබයි. 19 වන දා ඉරිදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 18 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 25 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]