UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සෙංකඩගලපුර සිරි දළදා වරුණ:

දිය කැපුම් මංගල්ලය

අවසන් රන්දෝලි පෙරහර පැවැත්වෙන දිනයෙහි පෙරහර ආරම්භවීමට පෙර පුල්ලෙයාර් එනම් ගණදෙවි කෝවිලේ භාරකාර මණ්ඩලය පූජා වස්තූන් රැගෙන පැමිණ වතාවත්හි යෙදී දියවඩන නිලමේතුමාට ද ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම වර්තමානයෙහි වැදගත් චාරිත්‍රයකි. මෙම අවසන් මහ පෙරහර වීදි සංචාරය අවසානයේ මධ්‍යම රාත්‍රියේ දී කෙටි පෙරහරකින් පෙරහර කරඬුව අස්ගිරියේ ගෙඩිගේ විහාරය වෙත වැඩම වීම අතීතයේ සිට පවතින චාරිත්‍රයකි. අස්ගිරි ගෙඩිගේ විහාරය වෙත පෙරහර ළඟා වූ විට පෙරහර කරඬුව ගෙඩිගේ විහාරයෙහි තැන්පත් කිරීම සිදුවේ.ඇසළ හෝ නිකිණි පෝය දින අවසන් රාත්‍රී මහ පෙරහර ගෙවැදීමෙන් අනතුරුව පසුදින දියකැපුම් පෙරහර ආරම්භ වේ. සතර මහා දේවාලයේ කපු මහත්වරු සමඟ පවත්වන දිය කැපුම් පෙරහර ගැටඹේ තොටට ළඟා වේ. එහි බෝධීන් වහන්සේ අසල දෝලාවන් තැන්පත් කොට. කපු මහත්වරුන් ගඟ දිය මැදට ගොස්, අටමඟල ඇඳවා ස්ත්‍රෝත්‍ර ගායනා කොට, රැගෙන ගිය කප හා පසුගිය වසරේ පුරවා ගත් දිය කොටස ගඟ දියට එක්කොට රන් කඩුවෙන් දිය දෙබෑ වන සේ දිය කපා රැගෙන යන කෙණ්ඩියට යළි ගං දිය පුරවා ගැනීම සිදුවේ.

ඉතිරිය»

 

නිකිණි මස පුර අටවක පෝය


නිකිණි මස පුර අටවක පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා පූර්වභාග 01.06 ට ලබයි. 19 වන දා ඉරිදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 18 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 25 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]