UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පඤ්ච මහා අධිෂ්ඨාන පූජාවක් 18 වන දා ස්වර්ණමාලි මහා සෑරදුන් අබියසදී

පඤ්ච මහා අධිෂ්ඨාන පූජාවක් 18 වන දා

ස්වර්ණමාලි මහා සෑරදුන් අබියසදී

අනුරාධපුර ස්වර්ණමාලි මහා සෑරදුන් අබියසදී අගෝස්තු මස 18 වනදා පඤ්ච මහා අධිෂ්ඨාන පූජාවක් කලණ මිතුරෝ ජාත්‍යන්තරය මගින් පැවැත්වේ. අගෝස්තු 18 වනදා පස්වරු 2.00 ට විවිධාකාර වූ කංචුක පූජාවන් සිදු කිරීමද 3-6.30 දක්වා අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා සමඟ සියලු පූජාවෝ මහත් හරසරින් වැඩමවීමත්, 7-8.30 දක්වා මහා සඟරුවනෙහි අනුශාසනාවන්ද 8.30-9.15 අටවිසි සම්මා සම්බුද්ධ පූජාවද 9.15-10.10 පඤ්ච මහා අධිෂ්ඨාන ධර්ම දේශනාවද 10.10 බොදු සැදැහැවතුන් ඒකාත්මික වෙමින් සිදු කරන්නා වූ පඤ්ච මහා අධිෂ්ඨානයද 11 පිරිත් සූත්‍රාන්ත සත්‍ය ක්‍රියාවද 11.45 සර්ව රාති‍්‍රක ධර්ම දේශනාවද පැවැත්වේ. 19 වනදා පෙරවරු 5 දක්ඛිනෝදක පූජාව කිරිපිඬු පූජාව, සහ විශේෂ ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව පෙරවරු 6 මහා සඟරුවන උදෙසා හීල දානයද දවල් දානයද පූජා කිරීමට කටයුතු යොදා ඇත.

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 26 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 11.18 ට ලබයි. 28 වනදා සෙනසුරාදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 27 වනදා සිකුරාදාය.

 

මීළග පෝය ඇසළ අව අටවක අගෝස්තු මස 04 වනදා සෙනසුරාදා 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]