UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

හෝමාගම ප්‍රදේශයේ ජීවත් වන එල්.එස්. මතීෂා දියණිය කැලණිය විශ්වවිද්‍යාලයේ තෙවන වසර ශිෂ්‍යාවක් වන අතර ඇය කොඳු ඇට පෙළ ඇද වීමේ රෝගයකට ගොදුරු වී ඇති බව මීට වසර කිහිපයකට පෙර අනාවරණය වී ඇති බව කියයි. දැනට ඇති වී ඇති තත්ත්වය අනුව ඇයගේ කොඳු ඇට පෙළ පෙනහළු ප්‍රදේශයට ඇද වී ඇති බැවින් ඇයට හුස්ම ගැනීමේ අපහසුතාවයක් පවතින අතර හදිසි ශල්‍ය කර්මයක් කිරීමට ඉන්දියාවේ ඇපලෝ රෝහලේ වෛද්‍ය සාජන් කේ. හෙඩ්ප් මහතා තීරණය කර ඇති බව කියයි. ඒ සඳහා විශාල මුදලක් වැය වන බව පැවසූ අතර මාසයක කාලයක් තුළ එය කිරීමට සිදු වී ඇති බැවින් පරිත්‍යාගශීලීන්ගේ ආධාර ලබා දෙන්නැයි ඉල්ලීමක් කෙරේ. මහජන බැංකුව, දළුගම ශාඛාවේ 055200100031685 එස්.ජී. ලියනගේ.

****

බදුගම අළුබෝගහවත්ත අංක 448 සඳහන් ලිපිනයේ පදිංචි ආරියරත්න මුණසිංහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙක් බවත්, වකුගඩු රෝගයෙන් පෙළෙන හෙයින් වකුගඩු දෙකම අක්‍රීයව පවතින බවද කියයි. ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය චූලා හේරත් මහතාගේ නිර්දේශය මත කඩිනමින් වකුගඩුව බද්ධ කළ යුතුව ඇති බව මේ සඳහා පරිත්‍යාගශිලියෙකුගේ සහාය පතන අතර ඒ පොසිටිව්’ ලේ වර්ගය ඇති පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0342248591,0774151464 දුරකතන වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

පිළියන්දල, මකුළුදුව සමගි මාවතේ අංක 68/1 බී පදිංචි පී.පී.රොහාන් පීරිස් (47) මහතාගේ ජීවිතය බේරා ගැනීමට කඩිනමින් වකුගඩුවක් බද්ධ කළ යුතුයැයි කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය රුචිර ලැනරෝල් මහතා නිර්දේශ කර ඇති බව කියයි.

දෙදරු පියෙකු වන ඒ මහතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබාදිය හැකි පරිත්‍යාගශීලියකු වෙත්නම් 0777-966427 හෝ 076 9260165 දරණ දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස ඥාතීහු ඉල්ලීමක් කරති.

****

මිනුවන්ගොඩ ගල්ලොලුව අංක 318 නිවසේ පදිංචි සරත් කුමාරසිරි මහතා දරුණු වකුගඩු ආබාධයකට ගොදුරුවී වකුගඩු දෙකම අකර්මන්‍ය වෙමින් පවතින බවත් මේ වන විට සරත් මහතාට රුධිරය පිරිසුදු කිරීමේ ප්‍රතිකාර මාලිගාවත්ත රුධිර කාන්දු පෙරණ මධ්‍යස්ථානයෙන් ලබා දෙන අතර ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා හැකි ඉක්මනින් “ඒ පොසිටිව්” වකුගඩුවක් බද්ධ කළ යුතු බව වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගනගේ මහතා නිර්දේශ කර ඇති බව කියයි. ඒ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වෙතොත් 0112295904,0778405261 දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ. ඒ මහතා පෞද්ගලික ආරක්ෂක සේවයේ නියුතුව සිටි අයකු වන අතර ප්‍රතිකාර සඳහා මේ වන විට වැය වන මුදල් පවා සොයා ගන්නේ ඉතා අපහසුවෙන් බවද මුදලින් හෝ උපකාරයක් කිරීමට හැකිනම් ඔහුගේ නමින් හැටන් නැෂනල් බැංකුවේ මිනුවන්ගොඩ ශාඛාවේ අංක 049020283916 දරණ ගිණුමට මුදල් ආධාරය යොමු කරන ලෙස ඉල්ලීමක් කෙරේ.

****

කේ.ඒ.කේ. පෙරේරා නමැති අය වකුගඩු රෝගයෙන් දැනට අවුරුද්දයි 1 මාස 4 ක කාලයක් පීඩා විඳින අතර ඔහුට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කරන ලෙස සායන වෛද්‍යවරු ප්‍රකාශ කරන බවත්, ඔහුගේ ලේ වර්ගය ඕ පොසිටිව් වන අතර වකුගඩුවක් ලබා ගැනීම සඳහා පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වෙතොත් 0764623018 ,0722775905 දුරකථන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

“කුමාරි” බඹරැන්ද උතුර, කෝට්ටගොඩ පදිංචි ඒ.එන්. චන්ද්‍රාවතී මහත්මියගේ වකුගඩු දෙකම අක්‍රීය තත්ත්වයේ පවතින නිසා දැඩි ලෙස වකුගඩු රෝගි තත්ත්වයෙන් පීඩා විඳින අතර දැනට දින 04 න් 04 ට කරාපිටිය රෝහලෙන් ලේ කාන්දුකරණය කරමින් අමාරු තත්වයේ පසුවන බව කියයි. එම රෝගී මෑණියන් වෙත ඒ පොසිටිව්, ඒ නෙගටිව්, ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනට බද්ධ කිරීමට අවශ්‍යවී ඇති අතර ඒ සඳහා විශාල මුදලක් වැයවන අතර ආර්ථික අපහසුතාවලින් පෙළෙන හෙයින් රෝගී ප්‍රතිකාර සඳහා පරිත්‍යාගශීලින්ගේ සහාය අපේක්ෂා කෙරේ.

ගිණුම් අංකය ඒ.එන්. චන්ද්‍රා 1-0004-11-0264-8 (ජාතික ඉතිරිකිරීමේ බැංකුව මාතර ශාඛාව)

****

අංගොඩ කැලණිමුල්ල ලිපිනයේ (කුලී නිවසක) පදිංචි වීරසිංහ මුදියන්සේලාගේ සුගත් යන අය දෙදරු පියෙකු වන අතර ඔහුගේ රැකියාව කුලී ත්‍රීරෝද රථයක් පැදවීම බවත්, ඔහුට දරුණු වකුගඩු රෝගයක් සැදි ඇති අතර බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව කියයි. ඒ සඳහා පරිත්‍යාගශීලි පින්වත් කෙනෙකු සිටීනම් හැකි ඉක්මනින් වකුගඩුවක් ලබා දෙන මෙන් ඉල්ලීමක් කෙරේ.

ආධාර කිරීමට කැමති නම් 098200173932235 මහජන බැංකුව කොටිකාවත්ත නමටද 0775321140 දුරකතනයෙන් වැඩි විස්තර දැනගත හැකි බවද කියයි.

****

පානදුර, එළුවිල, කිරිබේරිය පාරේ අංක 183/ ඒ ලිපිනයේ පදිංචි තිදරු පියකු වන ජී.ජී. මහින්ද මහතා වකුගඩු රෝගයෙන් පෙළෙයි. ඔහුට ඉතා ඉක්මණින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍ය අනුර පි‍්‍රයන්ත හේවාගීගන මහතා නිර්දේශ කර ඇති බව කියයි.

ඔහුට වකුගඩුවක් පිරිනැමීමට කැමැති පින්වතෙක් සිටී නම් 0759888365, 072 3375524 දුරකථන අංකයට කතා කරන මෙන් ඉල්ලීමක් කරන අතර ඔහුට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය මුදල් උපකාර කිරීමට පානදුර ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් අංක 1 – 0043 – 88 – 2931 – 4 ඩී.ඩී.ගමආරිය නමට මුදල්මය පරිත්‍යාග කරන මෙන් ඉල්ලීමක් කරයි.

****

පේරාදෙණිය පාර අංක 885 මහනුවර ලිපිනයේ පදිංචි එම්.කේ.ආර්. තිලකරත්න නමැති අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා කඩිනමින් ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍ය සූර්ජිත් සෝමයියා නිර්දේශ කර ඇති බව කියයි.

පරිත්‍යාගශීලියකු වේ නම් හැකි ඉක්මනින් 077-7861003 හෝ 081-2222099 යන අංක වලට දැනුම් දෙන ලෙස ඥාතීහු ඉල්ලා සිටිති.

 

පොසොන් පසළොස්වක පෝය


පොසොන් පසළොස්වක පෝය ජුනි 27 වන දා බදාදා පූර්ව භාග 08.15 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා පූර්වභාග 10.25 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජුනි 27 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජූලි 06 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]