UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රභාශ්වර සිත

ප්‍රභාශ්වර සිත

මෙම ලිපියෙහි තුන්වන කොටස වෙසක් අමාවක පෝදා මැයි 15 වන දා පත්‍රයේ පළවිය.

උපන් අකුසලයන් දුරු කිරීමට, නූපන් කුසලයන් ඉපදවීමට, උපන් කුසලයන්ගේ ‘සිටීමට, නොනැස්මට, බහුල බවට විපුල බවට, වැඩීමට, සම්පූර්ණ භාවයට ‘ වීර්ය යෙදිය යුතු ය.

‘අකුසල සීලයන්ගේ නිරෝධයට’ පිළිපැදීම වෙන්න ඕනේ.

භාග්‍යවතුන් වහන්සේ,

මේ කුසල සීලයෝ ය,

කුසල සීලයන් මෙයින් උපදින්නාහ.

මෙහි කුසල සීලයන් ඉතිරි නැතිව නිරුද්ධ වෙති යි ද?

මෙසේ පිළිපැදීමෙන් කුසල සීලයන්ගේ නිරෝධයට පිළිපන්නේ යැයි දත යුතු යැයි ද වදාළ හ.

කුසල සීලයෝ වන – කුසල කාය කර්මය, කුසල වචී කර්මය, කුසල වූ ආජීව පාරිශුද්ධ සීලයේද මූලය සිතින්ම උපදනා බව දැනගත යුතු යැයි වදාළ හ.

කුසල කාය කර්මයන්ගෙන් මිදි, ‘කුසල’ කාය කර්මය යි දැන් වැඩෙන්නෙ. එනම්

“සීල සමාධි, ප්‍රඥා මුල් වුණ,” කාය කර්මයක්.

දැන් ‘පුද්ගලයෙකු ගේ ක්‍රියාවක් නොවෙයි.”

වායෝ ධාතුව, හේතුඵල ධර්මයට අනුව චේතනාවකට අනුව මේ ‘සතර මහාධාතුන්ගෙන් යුත් කය ක්‍රියා වී නිරුද්ධ වන බවට’ නුවණක් තිබෙනවා.

ඒකට කියන්නේ ‘කුසල කාය කර්මය’ ඒ වගේම යම් වචනයක් කථා කිරීමේ දී වචනය සිතිවිලි වලට නැගී, ඊට අදාළ අකුරු සිතුවිලිවලට විචෑරීම වෙනවා.

අනතුරුව චේතනාවට අනුව හටගත් අධ්‍යාත්මික වායෝ ධාතුව – තොල් , දිව, තල්ල, මගින් කැඩි කැඩී පිටවෙනවා.

එසේ - ‘හේතු යෙදෙන විට් හටගන්නා වචී කර්මය ඇතිව නැතිවෙනවා.

ඒ බවට ‘නුවණ’ යෙදීමේ දී

වචී කර්මය, කුසල වචී කර්මය වෙනවා

ඒ වගේම , පරිසුදු ආජීවයෙන් ද යුක්ත වෙනවා.

ඒ කුසල සීලයන්ට මුල්වී තිබෙන්නේ ද, ‘හේතු නිසා පහළවන සිත යි’ ඒ – රාගය පහවෙන, ද්වේෂය, පහවෙන,මෝහය පහවෙන සිතයි.

මේ කුසල සීලයෝ කොහිදී නිරුද්ධ වෙනවාද?

මෙසේ මහණකමෙහි සිල්වත් වූවත් එපමණකින් සිල්වත්වූයේ නොවෙයි.

මේ කුසල සීලයෙහි සම්පූර්ණ නිරෝධය – ඵල සමාධියෙන් හා ඵල ප්‍රඥාවෙන්’ ඇති සැටියෙන් ම දැකගන්නවා.

මේ ආකාරයට ක්‍රමයෙන් සමාධිය ප්‍රඥාව වඩන්න. වඩ වඩාත් වඩන්න අවශ්‍ය බවයි වදාරා තියෙන්නේ.

අකුසල සීලයෝ හෝ කුසල සීලයෝ ගැන නොවෙයි.අකුසල හෝ කුසල කාය කර්මය, වචී කර්මය , ආජීවය ගැන නොවෙයි.

අකුසල ‘සංකල්පයන්ගේ’ සහ කුසල ‘සංකල්පයන්ගේ නිරවශේෂ නිරෝධය ගැනයි.

අකුසල සංකල්ප ගැන පැහැදිලි කිරීමේ දී භාග්‍යවතුන් වහන්සේ “මේ අකුසල සංකල්පයෝ ය. අකුසල සංකල්ප මෙයින් උපදනාහ. මෙහි අකුසල සංකල්පයෝ ඉතිරි නැතිව නිරුද්ධ වේය, මෙසේ පිළිපදින්නේ අකුසල සංකල්පයන්ගේ නිරෝධයට පිළිපන්නේ යැයි දත යුතුය” යැයි වදාළ හ.

කාම සංකල්ප – රූප, ශබ්ද, ගන්ධ,රස, ඵොට්ඨබ්බ යන පඤ්ච කාම ගුණයන් කෙරෙහි ඡන්ද, රාගයෙන් බැඳී කල්පනා කිරීම, ව්‍යාපාද සංකල්ප – තරහ,ක්‍රෝධ, වෛර, සහිත සිත් පහළ කරවමින් කල්පනා කිරීම, විහිංසා සංකල්ප සතුන්ට හිංසා කිරීමේ කල්පනාව යන මේවා අකුසල සංකල්පයයි.

නා නා විධ, නා නා ප්‍රකාර වන මේ අකුසල සංකල්ප, සඤ්ඤාව (හැඳිනීම) මුල් කොට ඇති වෙනවා.

කාම සඤ්ඤා, ව්‍යාපාද සඤ්ඤා, විහිංසා සඤ්ඤා මුලින් පැහැදිලි කළ නූපන් අකුසල් නූපදවීමට කරන වීර්යය ආදි ‘සතර සම්‍යක්ප්‍රධාන වීර්ය’ එකතුව

මේ ‘අකුසල සංකල්පයන්ගේ නිරෝධය පිණිස ‘නුවණින් යුත් සිහිය’ භාවිත කළ යුතු වෙනවා.

මේ ‘අකුසල සංකල්පයන්ගේ නිරෝධය’ නම් කාමයන්ගෙන් වෙන්ව,අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතක්ක , විචාර සහිත, පී‍්‍රතිය සහ සුවය ඇති ප්‍රථම ධ්‍යානයට පත්වීමයි. මේ ‘විදර්ශනාව මුල් වූ ‘ ධ්‍යානයක්.

‘අනාගාමී ඵලයෙන් අකුසල සංකල්පයෝ ‘නිරවශේෂයෙන් නිරුද්ධ වන බව ‘ පෙන්වා තිබෙනවා.

කුසල සංකල්පයන් ගැන භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. නෙක්ඛම්ම සංකල්ප – පඤ්ච කාමයෙන් නික්මීම,අව්‍යාපාද සංකල්ප තරහ, ක්‍රෝධ, වෛර නොවීම ,අවිහිංසා සංකල්ප– හිංසා නොකිරීම යන මේවා කුසල සංකප්ප බව,

නානා විධි, නානා ප්‍රකාර වු කුසල සංකල්පයෝ ද, සඤ්ඤාව (හැඳිනීම) මුල්කොට හට ගන්නවා.

නෙක්ඛම්ම සඤ්ඤා ,අව්‍යාපාද සඤ්ඤා , අවිහිංසා සඤ්ඤා)

සතර සම්‍යක් ප්‍රධාන වීර්යය යෙදී,

නුවණින් යුත් සිහියෙන්

විතක්ක, විචාර– ‘සිතිවිලි සන්සිඳි ඇති’ ද්විතීය ධ්‍යානයට පත්වෙනවා.

මේ ‘විදර්ශනාවේ මුල් වු ‘ධ්‍යානයක්

අර්හත් ඵලයෙහි’ ඒ කුසල සංකල්පයෝ

’නිරවශේෂ විරුද්ධ වීම් පෙන්වා තිබෙනවා.

මේ අකුසල සංකල්පයන්ගේ සහ කුසල සංකල්පයන්ගේ ඉතිරි නැතිව විරුද්ධ වීම, ‘විදර්ශනා භාවනාවේ’ එනම් ‘චිත්ත භාවනාවෙන්’ සිදුවන්නක්.

මේ පිළිබඳව ‘නුවණින් යුත් සිහිය’ භාවිතවීම – චිත්ත භාවනාව සලකා බැලීමේදී පැහැදිලි වන්නේ,

මනස මුලිකව පහළවන අකුසල සංකල්පයන් හෝ කුසල සංකල්පයන්, ඒ ඒ අවස්ථාවට අනුව පහළවන ‘මනෝ විඤ්ඤානයේ දැන ගැනීමට බඳුන්වෙන බවයි.

 

   අධි පොසොන් පුර අටවක පෝය


 ... අධි පොසොන් පුර අටවක පෝය මැයි මස 21 වන දා සඳුදා අපරභාග 10.17 ට ලබයි.
22 වන දා අඟහරුවාදා අපරභාග 08.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 22 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි 29 වන දා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]