UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හාපිටිගම ෆොන්සේකා දහම් පාසල 68 වසර සපුරයි

හාපිටිගම ෆොන්සේකා දහම් පාසල 68 වසර සපුරයි

යහපත් සාරධර්මයන්ගෙන් පිරිපුන් ගුණගරුක සමාජයක් බිහිකිරීමේ අරමුණින් හා ප්‍රදේශයේ දරු දැරියන්ගේ දහම් දැනුම වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් දැනට වසර 68 කට පමණ ඉහත දී ආරම්භ කෙරුණු මීරිගම හාපිටිගම ෆොන්සේකා දහම් පාසලේ ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පටිපත්ති සංවර්ධන සභාවේ ලේකම් අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් උපදේශක දීවෙල මහින්ද නාහිමියන් එම උත්සව සභාවේ මූලාසනය හෙබ වූ අතර, පැමිණ සිටි සියලු දෙනා පන්සිල්හි පිහිටුවා එම උත්සව සභාවෙහි වැඩ කටයුතු ආරම්භ කළහ.

හාපිටිගම ජයසුමනාරාම මූලමහා විහාරස්ථානයේ විහාරාධිපති ශි‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති නියෝජ්‍ය ලේඛකාධිකාරි ශාස්ත්‍රපති මක්කානිගොඩ අස්සජී නාහිමියන් විසින් පිළිගැනීමේ අනුශාසනාව පැවැත්වූහ.

එම දහම් පාසල ගැන ඉතාමත්ම කැපවීමෙන් කටයුතු කළ හිටපු විහාරාධිපති සිරිකුසල ස්වාමින් වහ්සේගේ සිහිනයක්ව පැවැති නව ගොඩනැගිල්ලක අවශ්‍යතාව සැබෑ කරමින් එම ගොඩනැගිල්ලේ වැඩ කටයුතු අවුරුදු දෙක හමාරකින් පමණ නිම කර මෙවර ත්‍යාග ප්‍රදානෝත්සවනය පැවැත්වීමට හැකිවීම ගැන සතුටුවන බව ද මක්කානිගොඩ අස්සජි හිමියෝ පැවැසූහ.

මීරිගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් පනාවැවේ සිරිධම්ම හිමියෝ ද අනුශාසනාවක් පැවැත්වූහ.

දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයටද ත්‍යාග පිරිනැමීම විශේෂ සිදුවීමක් විය. එමෙන්ම ශිෂ්‍ය නායක නායිකා පදක්කම් පැළඳවීම සිසු දරු දැරියන්ගේ මවුවරුන් විසින් සිදුකළ අතර, ශිෂ්‍ය නායක ප්‍රතිඥාව කියවීම එම දහම් පාසලේ ආචාර්ය මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ සිංහල භාෂා අධ්‍යක්ෂ වයි. ගොඩගේ මහතා (විශ්‍රාමික) විසින් සිදු කෙරිණි.

උත්සව සභාවේ විශේෂ ආරාධිතයා ලෙස කොළඹ ගොඩගේ පොත් මැදුරේ අධිපති සිරිසුමන ගොඩගේ මහතා සහ එම මහත්මිය සහභාගී වූහ.

 

   අධි පොසොන් පුර අටවක පෝය


 ... අධි පොසොන් පුර අටවක පෝය මැයි මස 21 වන දා සඳුදා අපරභාග 10.17 ට ලබයි.
22 වන දා අඟහරුවාදා අපරභාග 08.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 22 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි 29 වන දා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]