UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා පූජෝත්සවය

මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා පූජෝත්සවය

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය උපසම්පදා පූණ්‍යෙීත්සවය 2018 මැයි මස 29 වෙනි අඟහරුවාදා දින පටන් ජූනි මස 27 වෙනි බුධ දින (පොසොන් පුන් පෝය දින) අවසන් කොට පහත සඳහන් පෝය දිනවල පෙරහර සහිතව ද සෙසු දිනවල පෙරහර රහිතව ද උපසම්පදා පුණ්‍ය ක්‍රියා සිදුකරන බව මල්වතු මහා විහාරපාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මා හිමිපාණන් වහන්සේ සහ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක බදුළු මුතියංගන රජමහා විහාරාධිපති වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහානායක මා හිමිපාණන් වහන්සේ ශාසන ගෞරවයෙන් නිකුත්කර තිබෙන නිවේදනවලින් ප්‍රකාශ කර ඇත.

මැයි 29 අඟහරුවාදා (අධි පොසොන් පුර පසළොස්වක) ජූනි 06 (අව අටවක පෝදා) ජූනි 13 (අමාවක) ජූනි 20 (පුර අටවක) සහ (ජූනි 27) ( පුර පසළොස්වක) යන දිනවල පෙරහර සහිතව ද (වාහල නාග) සෙසු දිනවල පෙරහර රහිතව ද උපසම්පදා පුණ්‍ය කටයුතු සිදු කෙරේ. ජූලි 27 කිවි දින ගිම්හාන සෘතුවෙහි 10 වෙනි පොහොය කොට ඊට පසුදින පෙරවස් එළඹීම ද අගෝස්තු 25 වෙනි දින වස්සාන සෘතුවෙහි 02 වෙනි පොහොය කොට ඊට පසු දින පසුවස් එළඹීම ද ඔක්තෝබර් 24 වෙනි බුධ දින වස්සාන සෘතුවෙහි 06 වෙනි පොහොය කොට එදිනම පෙරවස් පවාරණය ද, නොවැම්බර් 22 වෙනි බ්‍රහස්පතින්දා 08 වෙනි පොහොය කොට එදිනම පසුවස් පවාරණය ද යෙදෙන්නේ ය.

උපසම්පදාපේක්ෂකයින් පළාතේ ප්‍රධාන තෙරුවන් වහන්සේගෙන්, පිරිවෙනක ශිෂ්‍යයෙක් නම් පරිවෙනාධිපතින් වහන්සේගෙන් ද ගුරුවරුන් විහාරස්ථානය සහ ඉගෙනීම පිළිබඳ සහතික ලියුම් සහ උප්පැන්න සහතික ද ඇතිව පැවිදිකළ ගුරුවරුන් සමග පැමිණිය යුතු ය. අයදුම්පත සමග උප්පැන්න සහතිකය එවිය යුතුය) මෙම වසරේ දී උපසම්පදාවීමට බලාපොරොත්තුවන සාමණේරතැනගේ නමත් උපන් දිනයත් (උපසම්පදාව ලබාගන්නා දිනය වන විට වයස අවුරුදු 19 මාස 06 ඉක්මවා සිටිය යුතු ය.) සම්මත පරිදි වාචෝද්ගත කරන ලද සාමණේර බණදහම් ආදිය පිළිබඳ විස්තර ද ගුරුවරයා සහ ගුරුවරුන්ගේ නම් ද විහාරස්ථානයේ ලිපිනයත්, දිස්ත්‍රික්කයත්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයද මෙම මස 30 වෙනි දිනට ප්‍රථම අප වෙත ලියා එවන ලෙස ප්‍රාදේශීය සියලුම භික්ෂූන් වහන්සේලා ඒ ඒ පළාත්වල අපේ නායක ස්ථවිරවරයන් වහන්සේලා විසින් දන්වා සිටිය යුතු බවය. අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලා දෙනම එම නිවේදනවලින් දන්වා ඇත.

 

  බක් පුර පසළොස්වක පෝය


 බක් පුර පසළොස්වක පෝය මාර්තු 30 වනදා සිකුරාදා අපරභාග 07.39 ට ලබයි. 31 වනදා සෙනසුරාදා අපර භාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 31 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 08 වන ඉරිදා ය.
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]