UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ස්වර්ණමාලි මහා සෑ වන්දනාව සහ නිවන් මඟ දේශනා මාලාව 10 වන දා

රුවන්වැලි මහා සෑ පුදබිමේ දී

ස්වර්ණමාලි මහා සෑ වන්දනාව සහ නිවන් මඟ දේශනා මාලාව මාර්තු 10 වන දා සවස 3 සිට පසුදා උදෑසන 6 දක්වා රුවන්වැලි මහ සෑ පුදබිමේ දී පැවැත්වේ.  මහා සෑ රදුන් වහන්සේ උදෙසා මහා අධිෂ්ඨාන බල කංචුක පූජාව, මහා පුෂ්ප උපහාර පූජාව, මහා සුවඳ දුම් පූජාව, නොඉඳුල් දියනොමුසු කිරි ආහාරපූජාව, බුදු, පසේබුදු මහරහත් උත්තමයන් උදෙසා පුදන ආසන පූජාව, ශතාධික සඟරුවන සහභාගිත්වයෙන් මහා සෑ වන්දනාව, ගිලන්පස, අෂ්ඨපාන පූජාව, විදුලි ආලෝක පූජාව මහා ඖෂධ පූජාව ද පැවැත්වේ. ස්වර්ණමාලි මහ සෑ රදුන් අබියස සිට ආර්ය අෂ්ටාංගික මාර්ගය විවරණය කරමින් පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ දී කහගොල්ලේ සෝමවංශ හිමි, පිටිගල ගුණරතන හිමි, කෝරළයාගම සරණතිස්ස හිමි, බළංගොඩ රාධ හිමි, උඩුදුම්බර සෝභිත හිමි, දහම් දෙසුම් පවත්වති.

ඉතිරිය»

 

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජා පින්කම මැදින් පුර පසළොස්වක පොහෝදා (01) පස්වරුවේ මිහින්තලා පුද බිමේ දී සිදු කෙරිණ. මිහින්තලා රාජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි එම පුණ්‍ය කර්මය සිදු කළහ. සෑම පොහෝදිනකම ලේක්හවුස් ආයතනය මෙහෙයවීමෙන් පවත්වනු ලබන කප්රුක් පූජා පින්කම මෙවර සිදුකරනු ලැබුවේ තිස්සමහාරාම, පන්නගමුව අයි.ජයසූරිය මහත්මිය ඇතුළු උපාසක උපාසිකාවන්ගේ දායකත්වයෙනි. මිහින්තලා පුදබිමේ මැදමළුවේ සිට පෙරහරින් සාධු නාද මධ්‍යයේ එම කංචුකය වැඩමවාගෙන යාමෙන් අනතුරුව මිහින්තලා මහා සෑ චෛත්‍යරාජයාණන් වෙත පූජා කිරීම සිදු විය. අනතුරුව සැදැහැවතුන් විසින් මිහින්තලා සේල චෛත්‍යය වෙත ද කංචුක පූජාවක් සිදු කළේ ය.

ඉතිරිය»

 

ධර්ම දේශනාව:

 

2015 පෙබරවාරි 03 වන දා බුදුසරණ පුවත්පතේ පළ වූ මෙම ලිපිය අපවත්වී වදාළ දරණාගම කුසලධම්ම හිමියන්ට උපහාර පිණිස නැවත පළ කිරීමකි:

දිවියම සුවඳවත් කර ගන්නේ කෙසේ ද?

ලොව්තුරා බුදුපියාණන් වහන්සේ විසින් ස්වකීය අනුගාමික පිරිසට නිරතුරුව තම ජීවිත සාර්ථකත්වය පිණිස අනුගමනය කරනු වස් අනුදැන වදාළ ‘පංචශීලය” නම් අප විසින් අවබෝධයෙන්ම සුරැකිය යුතු නිත්‍යශීලයයි. මෙහිදී ඉතාම පහසුවෙන් ආරක්ෂා කොටගත හැකි වූ ද, බෞද්ධයන්ටම පමණක් සීමා නොවිය යුතු ඕනෑම ජනවර්ගයක සාමාජිකයකුට වුවද පොදුවූ සරල තාර්කික ඉගැන්වීමක් මෙන්ම ප්‍රතිපදාවක් වන” පංචශීල ප්‍රතිපදාව“ මානව සංහතියේ ප්‍රවර්ධනයට මෙන්ම සකලවිද ජන සමාජයන්ගේ ම සංහිඳියාවට හා යහපැවැත්මට මහෝපකාරි වන්නේ ය. මිනිසකුගේ වටිනාකම ඔහුගේ ජාති කුල ගෝත්‍රයට වඩා ඔහු විසින් රකින්නා වූ පංචශීලය තුළින් විදහා දැක්වෙන බව පැවසීමට අපගේ ශාස්තෘන්වහන්සේ විසින් දේශනා කරන ලද දීඝ නිකායේ එන ‘සෝණදණ්ඩ’ සූත්‍රය පිළිබඳව අවධානය යොමුකරනු වටී.

ඉතිරිය»

 

බලපිටිය පාතෙගම ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගල්වෙහෙර විමලසිරි නා හිමි

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන්  ගල්වෙහෙර විමලසිරි නා හිමියෝ  “සිරි සද්ධම්මවංසද්ධජ විනය කීර්ති ශ්‍රී ගෞරව නාමයෙන් පිදුම් ලබති. ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය මාර්තු 10 වන දා පස්වරු 2 ට බලපිටිය, පාතෙගම ශි‍්‍ර බෝධිරුක්ඛාරාමයේ දී.

ඉතිරිය»

බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ කොළඹ ශ්‍රී සම්බෝ්ධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමි

 

  මැදින් අව අටවක පෝය


 මැදින් අව අටවක පෝය මාර්තු 09 වන දා සිකුරාදා පූර්ව භාග 03.47 ට ලබයි. 10 වන දා සෙනසුරාදා පූර්ව භාග 06.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සිකුරාදා ය.

 

මීළඟ පෝය මාර්තු 17 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]