UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

හිරුවල්පොල දොරළුබ පදිංචි වයස අවුරුදු 5 ක සන්හිත ගිම්හාන් නමැති දරුවා බිලියරි ඇක්ට්ස්සියා නමැති අක්මා රෝගයකින් පෙළෙන අයෙක් බව කියයි. එම දරුවාගේ රෝග තත්ත්වය උත්සන්න බැවින් උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ, විශේෂඥ වෛද්‍ය තුමන් පවසන්නේ සය මසකටත් අඩු කාලයකදී දරුවා ඉන්දියාවේ චෙන්නායි හි ඇති ග්ලේනගල්ස් ග්ලෝබල් නමැති රෝහල වෙත රැගෙන ගොස් අක්මාවක් බද්ධ කළ යුතු බවයි. එම රෝහලේ වෛද්‍යවරු පවසන අන්දමට එම අක්මා බද්ධ කිරීම සඳහා විශාල මුදලක් වැය වන බව කියයි. මෙම දරුවාගේ පියා ත්‍රීරෝද රථ රියදුරෙකි. මව ද රැකියාවක නියලෙන අයකු නොවේ. මොවුන්ගේ ආර්ථීක අපහසුතා නිසා ඔවුන්ට තනිව දැරීමට නොහැකි මෙම විශාල මුදල උපයාගැනීමට පරිත්‍යාගශීලීන්ගේ සහාය පතයි. 077 9217125, 077 0729875, බැංකු ගිණුම් අංකය 70255930, එන්.පී.එන්. ඩබ්. කුමාර නමින් දුම්මලසූරිය ලංකා බැංකු ශාඛාවේ ගිණුමට ආධාර කළහැකි බව කියයි.

****

කොටුගොඩ ලෝකිලංගමුව අංක 146 පදිංචි ඊ.සරත් පේ‍්‍රමචන්ද්‍ර රොද්‍රිගො මහතා වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඒ මහතා සුවපත් කිරීමට ඕ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙතොත් 0725980918 දුරකතන අංකය වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

මුතුණාක පෙඩිගේ මහින්දසිරි අමරරත්න නමැති අය වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඒ සඳහා වකුගඩුවක් බද්ධ කළ යුතු බවට විශේෂ වෛද්‍ය නිර්දේශය වී ඇති හෙයින් බී පොසිටිව් ලේ වර්ගය ඇති අයෙකුගේ වකුගඩුවක් අපේක්ෂා කෙරේ. පරිත්‍යාගශීලියෙකු වේ නම් මෙහි පහත දුරකතන අමතන ලෙස ඉල්ලීමක් කෙරේ. 0767107487- කැළුම් 0776004812- නිල්මිණි

****

බේරුවල පාදාගොඩ විනීත හිමි මාවතේ පදිංචි අයි.බී. මිනිරුවන් කරුණානායක මහතා 47 වන වියෙහි පසුවන ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති දරුවන් දෙදෙනෙකුගේ පියෙක් බව කියයි. ඒ මහතා දරුණු වකුගඩු රෝගයකට ලක් වී ඇති බැවින් ඒ හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට ඉතා ඉක්මනින් අවශ්‍ය බව වෛද්‍යවරුන් පවසා ඇති බව ද කියයි. එබැවින් එය ලබා දීමට කැමති පින්වතෙක් වේ නම් පහත සඳහන් දුරකථනවලට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

0777216528,0345614599,0777826517 දුරකතන අංක වේ. ජාතික ඉතිරිකිරීමේ බැංකුව අලුත්ගම ශාඛාවේ 0105014269 ගිණුම වෙත ආධාර කළ හැකි බව ද කියයි.

****

අවිස්සාවේල්ල යටියන්තොට පදිංචි 63 හැවිරිදි සුබසිංහ පරණවිතාන මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් හැකි ඉක්මනින් ඕ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇති බව කියයි.

ඔහුට අවශ්‍ය “ඕ” වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමති පරිත්‍යාගශීලි අයෙකු වෙතොත් 0764836024 හෝ 0758969990 යන අංක වෙත අමතන ලෙස ඔහුගේ දරුවෝ ඉල්ලීමක් කරති.

****

නොම්මර 112, වෑබඩ නැගෙනහිර, වෑඩබ පදිංචි විවාහක එක් දරු පියෙකු වන ජී.ඩබ්.බී. යටිවැල්ල මහතා වකුගඩු ආබාධයක් නිසා දැඩි රෝගී තත්ත්වයෙන් පීඩා විඳිමින් ප්‍රතිකාර ගනිමින් සිටියි. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට “ඕ හෝ බී” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බව කියයි. ඔහුට වකුගඩුවක් පරිත්‍යාග කරනමෙන් පින් කැමැත්තන්ට ආරාධනා කරන බව කියයි. වැඩි විස්තර 0788 695510 දුරකථනයෙන් විමසිය හැකි අතර ලංකා බැංකුවේ මුදල් ආධාර දෙල්ගොඩ ශාඛාවේ ඇති 5614027 ගිණුම් අංකයට පරිත්‍යාග කළ හැකි බවත් කියයි.

****

කළුතර කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කළ බී.ජී.අජිත් මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර විශේෂඥ වෛද්‍ය තුමන්ගේ නිගමනය වී ඇත්තේ ඔහුට හැකි ඉක්මනින් ඒ පොසිටිව් හෝ ඒ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි. මේ වන විට ඔහු නිතිපතා රුධිර පාරවිලනය කරමින් පවතින බව ද කියයි. වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියෙකුවේ නම් ඒ බව දන්වන මෙන් ද කළුතර ලංකා බැංකුව 2055548 ගිණුම වෙත මුදලින් ආධාර පිරිනැමිය හැකිබව ද සඳහන් කරන අතර පහත දුරකතන අංකයට අමතන මෙන් ඉල්ලීමක් කෙරේ. 0772963010 හෝ 0776614445

 

 දුරුතු අමාවක පෝය 


 දුරුතු අමාවක පෝය ජනවාරි 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 5.13 ට ලබයි. 17 බදාදා පූර්ව භාග 07.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 16 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජනවාරි 24 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]