UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

මොහඳුරු වැඩුණු තරමට ගනඳුරු වේ ය මෙ සසර

අද පෝදා ධර්මානුශාසනාව ලෙස මා මාතෘකා කළේ බෞද්ධයාගේ හස්ථසාරය වන ධම්මපදයේ නිරය වග්ගයේ අන්තිම ගාථා දෙකයි. එහි සරල අදහස වන්නේ “නිවැරැද්ද වැරැද්ද සේ ද, වැරැද්ද නිවැරැද්ද සේ ද සලකන, මිසදිටු අදහස් දරන්නෝ අපායට යති. වරද වරද ලෙස ද, නිවැරද නිවැරැදි ලෙස ද, දැන සම්මා දෘෂ්ඨිය ගත් අය සුගතියට යති.මෙම වටිනා අදහස් ඇතුළත් ගාථා දේශනාව බුදුරදුන් දේශනා කළේ සැවැත්නුවර නිවටුන් අදහන පිරිසක් මුල්කර ගෙන ය. සැවැත්නුවර ඒ ඒ ප්‍රදේශවල බුදුරදුන් සරණ ගොස් තුනුරුවන්ට ගරු සරු ඇතිව ජීවත්වන මිනිසුන් අතර මිථ්‍යාදෘෂ්ඨික ශාස්තෘන් අදහන අය ද වාසය කළහ. ඔවුන්ගේ දරු දැරියෝ භේදයකින් තොරව කෙළි සෙල්ලම් කළ අතර සමගිව වාසය කළහ. තුණුරුවනට ගරුකරන ළමයි විහාරයට යති එති. භික්ෂූන් දුටු තැන වඳිති පුදති. නමුත් මිථ්‍යාදෘෂ්ටික අදහස් ඇති මවුපියවරු තම දරුවන්ට විහාරයට නොයන ලෙස තහනම් කළහ. දිනක් සෙල්ලම් කරමින් සිටි ළමයින් කණ්ඩායමක් දෙව්රම් විහාර දොරටුව අභියසට පැමිණි අතර පිපාසාව සන්සිඳුවා ගැනීමට විහාරස්ථානයට ඇතුළුවීමට සාකච්ඡා කළහ. එහෙත් අබෞද්ධ ළමයි තම මවුපියන් දුන් අවවාදය කියා විහාරස්ථානයට ඇතුළු නොවී ඔබලා ගොස් පැන් බී අපටත් පැන් රැගෙන එන ලෙස කියයි. බෞද්ධ ළමයි වෙහෙරට ගොස් පැන් බී යාළුවන්ට පැන් රැගෙන එන විට බුදුරජාණන් වහන්සේ හමුවුණි. බුදුරදුන්ට වන්දනා කළ ළමයි, තමන් පැන් බී දොරටුව ළඟ සිටින ළමයින්ට පැන් රැගෙන යන බව කී හ. ඔබ ගොස් පැන් බීමට ඒ ළමයින්ටත් මෙහි එන්න කියන්න” බුදුරදුන් වදාළෙන් බුදුවදන ඉවත දැමිය නොහැකි ඒ ළමයි පැමිණ පැන් බී බුදුරදුන් හමුවට ගියහ. මොවුන් අන්‍යාගමික ශාස්තෘන් සරණ ගිය ද පෙර පින් කළ අය බව දැන ගත් බුදුරජාණන් වහන්සේ ඔවුන්ට ධර්මය දේශනා කළ සේක. ඒ මිථ්‍යා ආගමික ළමයි ද පිරිසත් සමඟ ම සෝවාන් ඵලයෙහි පිහිටියහ. නිවැරැදි මග හෙළිකර දුන් ළමයින්ට ආර්ය මාර්ගයට ඒමට හැකියාව ලැබුණි.

ඉතිරිය»

 

 දුරුතු අමාවක පෝය 


 දුරුතු අමාවක පෝය ජනවාරි 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 5.13 ට ලබයි. 17 බදාදා පූර්ව භාග 07.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 16 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජනවාරි 24 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]