UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විහාර මන්දිරය

 

අමරපුර අරියවංශ සද්ධම්මයුත්තික මහා නිකායේ මූලස්ථාන මහා විහාරය

කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාමය

 

ජය ශ්‍රී මහා බෝධි අංකුරය රෝපණය කිරීම සහ අටවිසි බුදුකුටි සහිත බෝධි ප්‍රාකාරය විවෘත කිරීම 20 වනදා

කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ බෝම්බුවල නම් පෞරාණික ග්‍රාමයේ සුපිහිටි ශ්‍රී සුබෝධිරාජාරාම මහා විහාරස්ථානය සියලු විහාරාරාංගයන්ගෙන් සමන්විත ඓතිහාසික වටිනාකමින් යුක්ත සිද්ධස්ථානයකි. එම විහාරස්ථානය වසර 200 කට පමණ ආසන්න ඉතිහාසයකට නෑකම් කියයි.  එහි ඉදිකර ඇති සියලු ගොඩනැගිලි වසර 100 ඉක්මවා ඇත. ඒ අතර විහාර මන්දිරය නුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදාය ගුරු කොට නිර්මාණය කොට ඇත. තෙමහල් ධර්මශාලා මන්දිරය කළු ගලින් ම නිර්මාණය කර ඇති අතර එය ප්‍රදේශයේ දක්නට ලැබෙන ඉතා විශිෂ්ට නිර්මාණයකි. මෙම විහාරස්ථානය ඓතිහාසික වශයෙන් හා ශාසනික වශයෙන් වැදගත්වීමට ප්‍රධාන හේතුව වන්නේ ශ්‍රී ලංකා අමරපුර නිකායට අයත් අරියවංශ සද්ධම්ම යුත්තික පාර්ශවය 1900 වසරේදී මෙම ස්ථානයේදී ආරම්භ වීමයි. කළුතර, ගාල්ල, කොළඹ, මීගමුව යන පළාත්වලින් ස්වාමීන්වහන්සේලා 34 නමක් සහභාගි වී ආරම්භ කරන ලද එම නිකාය වර්තමානය වන විට පළාත් සංඝ සභා 9ක් රට පුරා ව්‍යාප්තව විහාරස්ථාන 500 කට ආසන්නව ස්වාමීන් වහන්සේලා 1500 ක් පමණ වැඩවාසය කරති.

ඉතිරිය»

 

උඳුවප් අමාවක පෝය 


උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 17 වන දා ඉරිදා පූර්ව භාග 09.26 ට ලබයි. 18 වන දා සඳුදා අපරභාග 12.00 න් ගෙවේ. 17 වන දා ඉරිදා සිල්.

 

මීළඟ පෝය දුරුතු පුර අටවක දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]