UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වල්පොල ශ්‍රී සඳුන් විහාරයේ රන් වැට සහිත බෝධි ප්‍රාකාරය විවෘත කිරීම
18 වන දා

යක්කලමුල්ල වල්පොල ශ්‍රී සඳුන් විහාරය 1974 දී වල්පොල ශ්‍රී ගෞතමාරාමාධිපති ශ්‍රී දේවානන්ද මා හිමියන්ගේ පෞද්ගලික ඉඩමක ආරම්භ කරන ලදී. වල්පොල ශ්‍රී ගෞතමාරාම පුරාණ විහාරාධිපති වල්පොල විජිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේද නොමඳ ආශිර්වාදය මැද 1998 තල්පේ පත්තුව ප්‍රධාන අධිකරණ සංඝ නායක නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති අක්මීමණ පඤ්ඤාසාර නා හිමියන් සඳුන් විහාරයට වැඩම කරලීමත් සමඟ සියලු විහාරාංගයන්ගෙන් පරිපූර්ණ දැකුම්කළු විහාරයක් බවට පරිවර්තනය කරන්නට මහත් උත්සාහයක් ගත්හ.

ඉතිරිය»

 

සත්වන ලෝක බෞද්ධ මහා සමුළුවට සහභාගී වූ  දූත පිරිසක්  දළදා සමිඳුන් වැඳපුදා ගනී

 

ශ්‍රී ලංකාවේ පැවැති සත්වන ලෝක බෞද්ධ මහා සමුළුව සඳහා සහභාගී වූ එම සමුළුවේ උත්තරීතර උපදේශක ආචාර්ය කියුස් එන්ෂින්ජෝ ((Dr . Kyuse Enshinjoh) ) හිමිපාණන් වහන්සේ ඇතුළු දූත පිරිසක් ඉකුත් දා (07) මහනුවර සංචාරයක නිරත වූ අතර දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු එම පිරිස පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය නැරඹීමට ද ගියහ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ

නිර්දෝෂී උතුමන්ට අවැඩ කරන, දෝෂාරෝපණය කරන, නින්දා අපහාස කරන, බාධා කරන අයට විඳීමට සිදුවන බව දේශනා කළ අපේ බුදුරජාණන් වහන්සේ, පව්කම් කරන විට මිහිරි ලෙස සිතුවත්, ඒවායේ විපාක විඳින කල්හි දැඩි ලෙස පීඩා විඳුමට සිදුවන බව අවධාරණය කර ඇත.  අප ජීවත්වන සමාජයේ සත්පුරුෂයන් මෙන් ම අසත්පුරුෂයන් ද දක්නට ලැබේ. ඇතැම්විට සත්පුරුෂයන්ට වඩා අසත්පුරුෂයන් වැඩි වන්නට පුළුවන. සත්පුරුෂයා සැමවිට යහපත් දේම සිතයි. කරයි, කියයි. සතර බ්‍රහ්ම විහරණවලින් යුතුව කටයුතු කරයි. තමාගේත්, අනුන්ගේත් හිත පිණිස කටයුතු කරයි. විශේෂයෙන් ඔහු ජීව අජීව ලෝකයටම හිතවත් වෙයි. ලෝකයට හිත පිණිස වැඩකරන එවන් සත්පුරුෂයන්ගේ ක්‍රියාවන් අගය කරන අය මෙන් ම ඒවාට අකුල්හෙලන අය ද වෙති. ඒවා අගය නොකරන, ඒවාට බාධාකරන විවිධ අවලාද චෝදනා නඟන චරිත ඝාතනය කරන්නට වෙරදරන අසත්පුරුෂයන් ද කොතෙකුත් ය. පහත් පුද්ගලයින් කොපමණ බාධා හිරිහැර කළ ද, ඉන් නොසැලී අකම්පිතව, මහා නුග රුකක් මෙන් ද, මහා පර්වතයක් මෙන් ද කටයුතු කිරීම සත්පුරුෂයාගේ ලක්ෂණයයි.

ඉතිරිය»

වනිතා ලොවට ආදර්ශවත් වූ යශෝධරාවෝ

ලෝකයේ පහළ වුණ ශ්‍රේෂ්ඨ මහා සම්බුදුවරයෙකුගේ සම්බුද්ධත්වය අධ්‍යාත්මිකව සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් තරම් දීර්ඝ කාලයක් පුරා කරන ලද මහඟු පරිත්‍යාගවල , පුහුණු කිරීම්වල , අත්දැකීම්වල, දැනුම් සම්භාරයක මහා ප්‍රතිඵලය යි. එවැනි උතුම් බුද්ධත්වයක් ලබන උතුමෙකුට සංසාරය පුරාම ඒ වෙනුවෙන් දිරිය දෙමින්, වෙහෙස වෙමින්,කැප වෙමින්, ළඟින් සිට දුකසැප බෙදාගනිමින් ස්ත්‍රියක හෝ පුරුෂයෙකු සිටියා නම්, ඒ එකම කාන්තාරත්නය යශෝධරාවයි. යශෝධරාවෝ සංසාරය පුරාම උප උපන් හැම භවයකදීම ඒ උතුම් කාර්යභාරය වෙනුවෙන් ගැහැනියක ලෙස ඇප කැපවූ කාන්තාවයි. . බුදුබව පතනා සිදුහත් බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයෙහි නියත විවරණ ලබාගත් දවසේ සිටම එම ස්ථානයේ සිටි යමිකිසි කාන්තාවක් විසින් බුදු බව පතනා උතුමන් වෙනුවෙන් සසර පුරා කැපවන බවට කළ අධිෂ්ඨානය ආරම්භය ලෙස සදහන් කළ හැකියි. බුදුවන්නට පාරමී දම් පුරණ උතුªමන්ගේ බිරිඳවන්නට, ඒ වෙනුවෙන් සසරපුරා කැපවන්නට යශෝධරාවන්ද, පාරමී දම් පුරා තිබෙන ආකාරය ජාතක කතා තුළින් පැහැදිලි කරගත හැකියි.

ඉතිරිය»

 

ආලවක දමනය

 

ඉල් අමාවක පෝය


ඉල් අමාවක පෝය නොවැම්බර් 17 වන දා සිකුරාදා අපර භාග 03.29 ට ලබයි. 18 වන දා සෙනසුරාදා අපර භාග 05.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 17

 වන දා සිකුරාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 26 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]