UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

නිකදළුපොත ගනේවත්ත දඩුවැල්ලෑපිටියවත්ත ආර්.එම්. හසිනි ඉමාෂා රාජපක්ෂ දියණිය අවුරුදු 14 ක පමණ කාලයක සිට තැලසීමියා රෝගයෙන් පෙළෙමින් සිටින නබව කියයි. එම රෝගයෙන් මිදීම සඳහා ඇටමිදුළු ස්ටේම් සෛල බද්ධ කිරීමේ සැත්කමක් සිදුකළ යුතු බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දයානන්ද බණ්ඩාර මහතා නිර්දේශ කොට ඇති බවද කියයි. ඉන්දියාවේ බැන්ගලෝර්භි නාරායන හෙල්ත් රෝහලේ රක්තානුවේදි වෛද්‍ය උපදෙස් පරිදි සැත්කම සඳහා විශාල මුදලක් වැය වෙතැයි ගණන් බලා ඇති බවත් ඊට අමතරව මෙම දරුවාගේ පසු ප්‍රතිකාර කටයුතුවලදී ඉන්දියාවේ සිදුකරනු ලබන පරීක්ෂණ සඳහා ද අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා ද මුදල් වැය වන බව දැනට ගණන් බලා ඇති බවද පියා කියයි. මේ සඳහා ආධාර ලබා දී තම එකම දියණිය බේරා ගැනීමට සහයෝගය ලබා දෙන්නැයි පියා ඉල්ලීමක් කරයි.

ආර්.එම්.ඒ.කේ. රාජපක්ෂ, (විශ්‍රාමික යුද හමුදා සෙබල)

077 68 93 332, බැංකු ගිණුම් අංකය 81061255 (ලංකා බැංකුව හිරිපිටිය ශාඛාව)


මුල්ලේරියාව නවනගරයේ, හිඹුටාන ජයන්ති මාවතේ 268/2, ස්ථානයේ පදිංචි ප්‍රේමා වැලිතන්ත්‍රිගේ මහත්මියට වකුගඩු බද්ධ කිරීමක් සිදුකළ යුතු බවට, කොළඹ මහරෝහලේ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇති බව කියයි. හැකි ඉක්මනින් එම සැත්කම සිදුකිරීමට සිදුව ඇති බැවින්, වයස 25 – 55 අතර, “ඕ පොසිටිව්” වර්ගයේ, වකුගඩුවක් පරිත්‍යාග කරන මෙන් ඉල්ලීමක් කෙරේ. පරිත්‍යාගශීලීන් වෙතොත් පහත දුරකථන අංක ඔස්සේ 0774576031/ 0112 569020 අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.


ශක්ති මාවත, කිරි ඉබ්බන් වැව, සෙවනගල ලිපිනයෙහි පදිංචි විශ්‍රාමික විදුහල්පති, ඒ.පී. සුමතිපාල මහතා වකුගඩු අකරණිය යන රෝගයෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව කියයි. ඔහුට “ඕ පොසිටිව් හෝ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව කරාපිටිය ශික්ෂණ රෝහලෙහි වකුගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍ය නාලක හේරත් මහතා පවසයි. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් 071 5997338 දුරකථනයෙන් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.


ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගියෙකු හට ඉතා ඉක්මනින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් අවශ්‍යව ඇති බව කියයි. පරිත්‍යාගශීලී අයෙක් වෙතොත් පහත දුරකථන අංකයට 011 721 5934 දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.


පානදුර, වෑකඩ, පහන්ගම අංක 250/ඒ 1 හි පදිංචි එන්. චමින්ද කුමාර (31) දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට “බී පොසිටිව්” වකුගඩුවක් හැකි ඉක්මනින් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත. වකුගඩුවක් පරිත්‍යාග කළහැකි අයෙකු වේ නම් දුරකථන 071 346 2777 හෝ 071 7689731 දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ. ඔහුගේ ඖෂධ සඳහා මුදලින් ආධාර කිරීමට මහජන බැංකුව ලේක්හවුස් ශාඛාවේ ගිණුම් අංක 204 – 2 – 005 – 1 – 0002529 වෙත මුදල් බැර කළ හැකි ය.


බණ්ඩාරගම වල්ගම ශ්‍රී සද්ධාතිස්ස විදුහලේ ඉගෙනුම ලබන පහළොස් වියැති රාහුලි යසාරා ගමගේ දියණිය දරුණු වකුගඩු රෝගයකට ලක්වී ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ රුධිරය මාරු කිරීමට ලක්වෙමින් පසුවෙන බව කියයි.

උපතින්ම එක් වකුගඩුවක් අහිමිව ද තිබෙන එකම වකුගඩුවද 78% ක් දුර්වලව පවතින බැවින් ඉතා ඉක්මනින් “ඕ” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇති බවද කියයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වේ නම් ඒ පිළිබඳ දරුවාගේ පියා වන හේමන්ත ජයසිරි 071 3004030 වෙත දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කෙරේ.


මූල්‍ය උපකාර අවශ්‍යයි

කඩවත, ගෝනහේන, කෙසෙල්වත අංක 455 /එච්/ 5 හි පදිංචි ශයිනි තරුෂා රිද්මානි (16) පාසල් සිසුවියකි. ඇය දරුණු අක්මා රෝගයකින් පෙළෙන බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව කියයි. එම සැත්කම සඳහා අක්මා කොටසක් ලැබී ඇතත්, සැත්කමෙන් පසු ඖෂධ සඳහා විශාල මුදලක් වැයවන බව මවුපියන් දන්වා සිටින හෙයින් ඇයට ආධාර කළහැකි නම්, එම්. විල්ලද්දරගමගේ (පියා) කොමර්ෂල් බැංකුව, කඩවත, ශාඛාව ගිණුම් අංක 8670015899 මුදල් බැර කළ හැකි ය. වැඩි විස්තර 0777 858868 හෝ 072 588 6886 දුරකථනයෙන් දැනගත හැකි බවද කියයි.

 

 

 

 


උදිත පුතුට උපකාරය අවශ්‍යයි

වයස අවුරුදු 23 ක් වන දයාන් උදිත බලදේව පුතුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් වහාම බද්ධ කළයුතු බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය අනුර හේවා ගීගනගේ මහතා නිර්දේශ කර ඇති බව කියයි. වයස අවුරුදු 40 ට අඩු නිරෝගී අයෙක් මේ පරිත්‍යාගය සඳහා ඉදිරිපත් වන්නේ නම් පහත දැක්වෙන දුරකථන අංකයන්ට දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලීමක් කෙරේ. 077 7381645, 071 8034755, 078 5166606, 077 7767297 ලෙස උදිතගේ දිවි ගමනට අත්වැලක් වන්නට ආරාධනා කරන බව කියයි.


මහරගම දඹහේන පාරේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාරිනී විමලාවතී බොරළුගොඩ මහත්මියට “බී හෝ ඕ” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වි ඇති බව කියයි. මේ සඳහා දායකත්වය සැපයීමට පින් කැමැති අයෙක් වෙතොත් 07682 44 345 දුරකථන අංකයට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 05 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 1.47 ට ලබයි. ඔක්තෝබර් 06 වන දා සිකුරාදා පූර්ව භාග 00.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දාය ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]