UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

පින නිබඳව ම කළ යුතු ය

පුඤ්ඤං චේ පුරිසෝ කයිරා
කයිරාථෙ’තං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ
සුඛෝ පුඤ්ඤස්ස උච්චයො

යම් පුද්ගලයෙක් පින්කම් කරන්නේ නම් නැවත නැවත ඒවා කරන්නේ ය. එහි කැමැත්ත තබා ගන්නේ ය. පින් රැස් කිරීම සැප ලැබීමට හේතු වන හෙයිනි,’ යනු මෙහි සරල අර්ථය වේ. මිනිසෙකු වශයෙන් උපත ලැබීම ඉතා දුර්ලභ අවස්ථාවක් බැවින් ඉන් උපරිම ඵල නෙළා ගැනීම බුද්ධිමත් පුද්ගල ලක්ෂණයක් වේ. පින වූ කලී සෑම පුද්ගලයෙකු ම ලද අවස්ථාවේ රැස් කළ යුතු ධර්මයක් වේ, ඒ සඳහා මොහොතක් හෝ ප්‍රමාද වීම දුර්වලතාවයක් වේ. මෙහි වැදගත් පදයක් වනුයේ ‘පුඤ්ඤ’ යන්නයි, එය නිතර නිතර සිදු කළ යුතු ය යන්නෙන් මෙහි වටිනාකම තවත් තීව්‍ර වේ. මෙහි පින් යනුවෙන් අදහස් කොට ඇත්තේ දාන, සීල, භාවනා වශයෙන් දැක්වෙන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් ය. තවද මෙය දස වැදෑරුම් ව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. එම දස වැදෑරුම් පුණ්‍ය ක්‍රියා නම් දන් දීම, සිල් රැකීම, භාවනා වැඩීම, පින් දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, දහම් දෙසීම, දහම් ඇසීම හා සම්‍යක් දෘෂ්ඨියෙන් යුතුව වාසය කිරීම යන කරුණු දහයයි. මිනිසත් භවය ඵලදායක වීමට නම් මෙම පුණ්‍ය ක්‍රියාවන් නිතර සිදු කළ යුතු ය.

ඉතිරිය»

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 05 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 1.47 ට ලබයි. ඔක්තෝබර් 06 වන දා සිකුරාදා පූර්ව භාග 00.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දාය ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]