UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ ළමා සමාජයේ ත්‍යාගලාභීන්

සදහම් අරණ ළමා සමාජයේ ත්‍යාගලාභීන්

පුංචි දුවේ, පුතේ. බුදුසරණ සදහම් අරණට හොඳම නිර්මාණ එවු දරුවන් වෙනුවෙන් මරදාන “සාහිත පොත් පියස” පොත් ප්‍රකාශකයෝ විසින් පරිත්‍යාග කළ ග්‍රන්ථ අප විසින් ත්‍යාගලාභී දරුවන් වෙත ලබා දුන්නෙමු. ඒ නාම ලේඛනය මෙසේ ය.

අඹගස්වැවේ අමිතානන්ද හිමි– පඩිකාරමඩුව, සනුක සස්නාස් එදිරිසිංහ – මාතලේ, ජේ. එච්. එම්. එස්. පියුමිකා ජයවීර - ලෝකාහෙට්ටිය, එම්. ඒ. අශාන් බිම්සර පතිරාජ - හෙයියන්තුඩුව, ඩී. එම්. සඳුනි මහේෂිකා – මහව, කාලිංග මලිෂ චමත් – කැලණිය, ඉසුර උත්පල මධුභාෂිත – එප්පාවල, විශාකි ඕෂදි බ්ලොක් –ගාල්ල, තිසරි උපාද්‍යා අබේසිංහ -හොරණ, භාග්‍යා සත්සරණි ද. සොයිසා , - රක්වාන, රෂිනි නටාෂා ප්‍රබෝදනී – පුත්තලම, කසුනි ගීත්මා පෙරේරා - මාලඹේ, හිරුක උදාන් අබේසිංහ – මහනුවර, ෂෙයාන් දෙනෙත් සංදුල – කොළඹ 05.

මහා කාරුණිකයාණෝ

අහිංසක නමින් සිටි අඟුල්මල් වැනී
පියතුම නැති සෝපාක අසරණ පොඩි පුතුනී
අදින්න පුබ්බක පුත් මට්ටකුණ්ඩලී වැනී
අසරණ දනන් හට පිහිටක් ලැබුනී

ඉතා නපුරු යක්ෂය ආලවක වැනී
නාලාගිරි නමින් සිටි මහ ඇත් රජුනී
රජ්ජුමාලා අසරණ කුල කතුනී
තිලොවට අග රදුන්ගේ පිහිටක් ලැබුනී

තිලොවට අමා මෑණිය වූ බුදු රදුනී
අසරණ දනට ඔබගේ පිහිටක් ලැබුනී
හිමි පෙන් වූ මඟ යන්නට පමා නොවී
ගිලනුන් හට සලකමු අපි බැති සිතිනී


වස්සානයේ පින්කම

ඇඟ කිළිපොලා යමින් තද සුළඟක් හමන්නට විය. ගස්වල අතු කඩා වැටෙමින් ද, අකුණු ගසමින් ගොරවමින් ද අධික වර්ෂාවක් පතිත විය. ටික වේලාවකින් මට පුංචි ලේන් පැටවෙකු අඬනා හඬ ඇසුණි. වැස්ස නො බලා ම මම ලේන් පැටියා ගැන සොයා බැලුවෙමි. පුංචි ලේන් පැටවු දෙන්නෙක් කූඩුවත් සමඟ බිමට වැටී සිටී. ඒ අතර අපගේ නිවසේ හැදී වැඩෙන පූසා ද එතැනට දුව එන්නට විය.

මම හැකි ඉක්මනින් ලේන් පැටවු දෙදෙනා ගෙන අම්මා හා තාත්තා සමඟ එකතු වී පිරිසුදු රෙදි කැබැල්ලක් මත ඔවුන් තබා කිරිද සාදා පෙව්වෙමි. පසුදා උදෑසන ලේන් අම්මා දුකින් කෑගසන ශබ්දය ඇසී අපි ඉක්මනින් ලේන් පැටවු දෙදෙනා ගසක් මත තැබුවෙමු. තම මව දැකීමෙන් සතුටට පත් පැටවු දෙදෙනා අම්මා සමඟ වෙනත් ගසකට යන සැටි බලා අපි සතුටු වූයෙමු.


පින් කළෙමු

මෙම වස්සාන කාලයේ අපි විසින් පුණ්‍ය ක්‍රියා සහ යහපත් ක්‍රියා රැසක් සිදු කළෙමු. පුණ්‍ය ක්‍රියා ලෙස අසරණ අයට පිහිටවීමත්, මහා සඟරුවනට දන් පූජා කිරීමත්, පන්සිල් රැකීම මෙන් ම රෝගින්ට පිහිටවීමත් කළෙමු. බුද්ධ වන්දනාව සිදු කළෙමු. යහපත් ක්‍රියා ලෙස ගුරුතුමියට ගරු කරමින් ඉගෙනුම ලැබීමත්, මව්පියන්ට හැකි පමණින් සැලකීමත්, ඔවුන්ට වන්දනාමාන කිරීමත් කරන්නෙමු.


ළමා ලෝකය


වැඩිහිටියන්ට සලකමු

අපේ ගමේ වැඩිහිටි නිවාසය බලන්න දිනක් අපි ගියෙමු. මාතර – තංගල්ල ප්‍රධාන පාරට මුහුණ ලා පොඩි කඳු ගැටයක් මත තැනිතලා බිමක එය ඉදිකර තිබුණි. එහි නේවාසික ව සීයලා ආච්චිලා 28 දෙනෙක් සිටිය හ. ඒ අය ඉතා අසරණ ය. අම්මා, තාත්තා සහ පවුලේ සියලු දෙනා එකතුව ඒ අසරණ මව්පියන්ට දානයක් පූජා කර අඳින්නට රෙදිපිළි ද පූජා කළෙමු. වැඩිහිටියන්ට සැලකීම අපගේ යුතුකමකි. පුංචි අපිත් වැඩිහිටියන්ට සලකමු.


පින්බර පොසොන් සඳ

පින්බර පොසොන් පොහො දින ලොව එළිය කළ
අරහත් මිහිඳු සමිඳුන් මෙහි වැඩම කළ
තිස්ස නිරිඳු මුව දඩයම් කරන කල
මිහින්තලය රැස් දහරින් විය සසල

පහන් ආලෝකයෙන් ලොව නැහැ වේවා
බුදු සිසිළසින් මුළු දෙරණම බැබළේවා
මෙත් මල් පිපී සැමගේ සිත් තුටුවේවා
සැම හට පොසොන් සඳ බැබළී සෙත්වේවා


දෙපා වඳිම් නළල තබා

පාසල් ගොස් ඉගෙන ගන්න මඟ පෙන් වූ අම්මා
මිහිරි ලෙසට කවි කියන්න කට හුරු කළ අම්මා
ගුණවත්කම් නැණවත්කම් කියා දුන්න අම්මා
තුනුරුවණේ ආසිරි ලැබ නිවන් දකින් අම්මා

සිදුවූ මගෙ හැම වරදට සමාව දුන් අම්මා
මතු දියුණුව ලබා ගන්න මා යොමු කළ අම්මා
නිති ගුණදම් නිවැරැදි මඟ කියා දුන්න අම්මා
මතු සසරේ හමුවේවා ආදර මගෙ අම්මා

කපා අඳුර බාධක දිවි එළිය කළා අම්මා
අපා දුකින් මුදා ගන්න වෙහෙස වුණා අම්මා
නිවැරැදි මඟ පෙන්වා දී සෙනෙහස පෑ අම්මා
දෙපා වඳිමි නළල තබා මැණික් පහන අම්මා

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 05 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 1.47 ට ලබයි. ඔක්තෝබර් 06 වන දා සිකුරාදා පූර්ව භාග 00.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දාය ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]