UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨින පින්කම්

කඨින පින්කම්

ශ්‍රී දළදා මාළිගාවේ කඨින චීවර පූජෝත්සවය

ශ්‍රී දළදා මාළිගාවේ කඨින චීවර පූජෝත්සවය මෙම මස හය (06) සහ හත (07) දෙදින තුළ පැවැත්වේ.

ශ්‍රී දළදා සමිඳු තේවාව බාර, මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නාහිමියන්ගේ අනුශාසනා පරිදි, මහනුවර කටුකැලේ ලේඩි බ්ලේක් ආරාමාධිපතිනි කොත්මලේ සුධර්මා සිල්මෑණියන්ගේ ප්‍රධානත්වයෙන් සහ දෙහිවල කව්ඩාන පාරේ දෙවන පටුමගේ පදංචි දමිත ජයවර්ධන මහතා සහ නදීශා ජයවර්ධන මහත්මිය, දීසල පියුම්දි දරුවන් හා දෙමව්පියන්ගේ ප්‍රධාන දායකත්වයෙන් කඨින පුණ්‍යෙීත්සවය පැවැත්වේ. අමුතු මුළුතැන් බුද්ධ පූජාව කප්රුක් සහිත කඨින චීවර පූජාව සිදු කෙරෙන අතර අතිපූජ්‍ය මල්වතු අස්ගිරි මහානායක මා හිමිවරු අනුනා හිමිවරු ප්‍රධාන ශතාධික මහා සංඝරත්නය විෂයෙහි අටපිරිකර සහිත දක්ෂිණාවක් පිරිනැමේ. 6 වෙනිදා සවස 4.00 සිට සවස 5.00 දක්වා ධර්ම දේශනාවද රාත්‍රී 7.15 ට ගිලන්පස පූජාවද සිදු කෙරේ. 5 වෙනි දින දෙහිවල දමිත ජයවර්ධන මහතාගේ නිවසේ සිට පෙරහරකින් කඨින වස්ත්‍රය කටුකැලේ ආරාමයට වැඩමවා 7 වෙනි දින අලුයම අලි ඇතුන් සහිත කඨින වස්ත්‍රය ශ්‍රී දළදා මාළිගාවට වැඩමවා සඟ සතුකර පූජා කෙරේ.

කොත්මලේ සුධර්මා සිල් මෑණියන්ගේ ප්‍රධානත්වයෙන් මෙවර ශ්‍රී දළදා මාළිගාවේ පවත්වනු ලබන්නේ 53 වෙනි කඨින පින්කම වේ.


මල්වතු මහා විහාරය

මහනුවර මල්වතු මහා විහාරයේ කඨින පින්කම මෙම මස 21 සහ 22 යන දිනයන්හි ඓතිහාසික මංගල උපෝෂථාගාරය මුල්කරගෙන පැවැත්වේ.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහා නායක තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන අනුනාහිමිවරුන් ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන කඨින පින්කම මල්වතු මහා විහාරයීය ශ්‍රී සංඝරාජ ගුණානුස්මරණ සමිතියේ අනුශාසක මල්වතු මහා විහාර කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික,අග්ග මහා පණ්ඩිත මහෝපාධ්‍යාය අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ගේ මූලිකත්වයෙන් හා සංඝරාජ ගුණානුස්මරණ සමිතිය සංඝරාජ කාන්තා සමිතිය සහ සංඝරාජ දහම් පාසලේ මෙහෙයවීමෙන් පැවැත්වේ. 21 වෙනිදා සවස 4.00 කථිකාචාර්ය පණ්ඩිත මාවතගම පේමානන්ද හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනාව ද සිරිත් පරිදි කඨින චීවර තුනක් මල් වතු මහා විහාරයේ මංගල උපෝෂථාගාරයටත්, පෝය මලුව විහාරයටත්, මාහිමි නිල ආරාමයටත් පුජා කරන අතර 22 වෙනි දින දවල් ගරුතර මහා සංඝරත්නය හැට නමක් විෂයෙහි පිරිනමනු ලබන සපිරි කර සංඝගත දක්ෂිණාවකි.


අස්ගිරිය මහාවිහාර මහ පිරිවෙන

මහනුවර අස්ගිරිය මහා විහාර මහ පිරිවෙනේ කඨින පින්කම් මහෝත්සවය මෙම මස 14,15 දිනවලදී පරිවේනාධිපති අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ශාස්ත්‍රපති නාරන්පනාවේ ආනන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.

14 වෙනි දින සවස 6.30 රාජකීය පණ්ඩිත දෙමුන්නෑවේ උපාලි හිමියන් මෙහෙයවන අස්ගිරි මහා සෑ රදුන් වන්දනාව සිදු කෙරෙන අතර දායකත්වය පරිවෙනාස්ථ සීල සමිතිය දායක සභාව චෛත්‍ය සංවර්ධන කමිටුව, ශ්‍රී සුමනතිස්ස දහම් පාසල මගිනි. 9.00ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවද 15 දා අලුයම 4.30 ට කඨින පෙරහර රැජින හෝටලය අසලින් ආරම්භ කිරීමද උදේ 6.30 ට පිණ්ඩ පාත චාරිකාව උදේ 10.30 බුද්ධ පූජාව , දවල් 11.00 අස්ගිරිය පාර්ශ්වයේ අතිපුජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ අනුනා හිමිවරු ප්‍රධාන 250 නමක් මහා සංඟරුවන විෂයෙහි සංඝගත දක්ෂිණාව පිරිනැමීම ද දවල් 12.30 ට කඨිනානිසංස ධර්ම දේශනාවද පැවැත්වේ. මෙවර කඨින පින්කමේ දායකත්වය රාජගිරිය රෝයල් කොට්නි පදිංචි උපේද්‍රා සමරතුංග මහතා සහ එරංගා සමරතුංග මහත්මිය ප්‍රධාන පවුලේ පිරිස විසිනි.


සෙල්ලාවලී රජමහා විහාරය

අස්ගිරිය මහා විහාරයීය සංඝ සභාවේ මහෝපාධ්‍ය හල්ඔළුව පල්ලේගම සෙල්ලාවලී රාජ මහා විහාරාධිපති හාරිස්පත්තුව ප්‍රධාන සංඝනායක පණ්ඩිත ගිඩ්ඩව ශ්‍රී සුමන තිස්ස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කඨින පින්කම මෙම මස 14 සහ 15 යන දිනවල පැවැත්වේ.


මරදාන ශ්‍රී මහින්දාරාමය

කොළඹ 10 මරදාන ශ්‍රී මහින්දාරාමයේ කඨින පින්කම විහාරාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක මාපලානේ ධම්මාලෝක නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම 13-14 යන දිනවල සිදුකිරීමට දායක පින්වතුන් කටයුතු යොදා ඇත.

13 වෙනි දා සර්ව රාත්‍රීක පිරිත් දේශනාවද 14 වෙනි දින පාන්දර 4 ට කඨින වස්ත්‍රය රැගත් පෙරහර කොළඹ 10 මරදාන ගෝතමී බාලිකා විද්‍යාලයෙන් පිටත් වී උදෑසන 6 ට විහාරස්ථානයට පිවිසීමට නියමිතය. එදින මහා සංඝ රත්නය විෂයෙහි දවල් දානය පිරිනැමීමත්

සවස 5 සිට 6 දක්වා කඨිනානිසංස ධර්ම දේශනය කැනඩාවේ මොන්ට්‍රියල් නගරයේ භාවනා මධ්‍යස්ථානාධිපති කොළඹ 07 සම්බෝධි විහාරවාසී රාජකීය පණ්ඩිත දික්වැල්ලේ උපතිස්ස නාහිමියන් විසින් පැවැත්වීමට නියමිත ය.


උතුරු කළුතර

උතුරු කළුතර සුමිත්‍රාරාමයේදී විහාරාධිපති පාතකඩ චන්ද්‍රානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පාතකඩ චන්දවිමල හිමියන්ගේ සංවිධානයයෙන්. කඨින පින්කම් මෙම 21 ,22 දින පැවැත්වේ.එහි ප්‍රධාන දායකත්වය උතුරු කළුතර සිරිනිවාස පාරේ ඉන්ද්‍රානි පෙරේරා කෝදාගොඩ මහත්මිය විසිනි.


ඓතිහාසික සෝමවති රජමහා විහාරය

පොළොන්නරුව සෝමවති රජමහා විහාරයේ කඨින පින්කම මෙම 7 සහ 8 දිනවල සෝමවති රජ මහා විහාරාධිපති, මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ වැඩබලන ලේඛකාධිකාරි පණ්ඩිත පහමුණේ ශී‍්‍ර සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 07 වෙනිදා සවස ගිලන්පස සහ මල්පහන් පූජාවකි. සෙත් පිරිත් දේශනාවකි. අටවෙනිදා දවල් මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන් ප්‍රධාන අර්ධ ශතාධික මහා සඟරුවන විෂයෙහි පිරිනමනු ලබන සපිරිකර සංඝගත දක්ෂිණාවකි. කඨින පිනක්ම් පූජෝත්සවයේ දායකත්වය දරනු ලබන්නේ කොළඹ ලීලාරත්න වෙළෙද ව්‍යාපාරයේ අධිපති ලීලාරත්න අඹේපිටිය මහතා සහ වෛද්‍ය අඹේපිටිය මහතා ය.

ලීලාරත්න අඹේපිටිය මහතාගේ ධන පරිත්‍යාගයෙන් නිමකරන ලද අංග සම්පූර්ණ මුල්තැන්ගෙය විවෘත කිරීමද සිදු කෙරේ.


අස්ගිරිය විජය සුන්දරාරාම පුරාණ රජමහා විහාරය

මහනුවර අස්ගිරිය විජයසුන්දරාරාම පුරාණ රජමහා විහාරයේ කඨින පින්කම මෙම මස 22 සහ 23 දිනවලදී අස්ගිරිය මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික, මොලගොඩ ධම්මරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. අතිපූජ්‍ය අස්ගිරිය මහා නාහිමි අනුනා හිමිවරු ප්‍රධාන මහා සංඝරත්නය විෂයෙහි පිරිනමනු ලබන කඨින චීවර සහිත සංඝගත දක්ෂිණාවකි .ශාස්ත්‍රවේදී මතුරට පඤ්ඤාරතන හිමිගේ මෙහෙයවීමෙන් වැඩසටහන පැවැත්වේ.


කාහේන්ගම

කුරුවිට ,කාහේන්ගම, ශ්‍රී බෝධිමාලකාරාමස්ථ කඨින මහා පින්කම ඔක්තෝබර් මස 7 හා 8 දෙදිනයන්හි පැවැත්වේ. 07 වන දින අටවිසි බුද්ධ පූජාව බෝධි පූජාව හා අනතුරුව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනව ද 08 වන දින කඨින චීවරය රැගත් පෙරහර පවත්වා දහවල් පනස් නමකට අධික ගරුතර මහා සංඝරත්නය විෂයෙහි කඨින චීවරය සහිත සංඝගත දක්ෂිණාව පැවැත්වේ. කොස්ගොඩ කාහේන්ගම ශ්‍රී බෝධිමාලාකාරාමස්ථ ශ්‍රී විද්‍යාලෝක පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දොඹවෙල සිරි විජයඥාණ හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා සුමනදාස තෙවරගේ (බැංකුවේ මහතා) වෛද්‍යාචාරිනී නිශාන්ති සුභසිංහ මහත්මියගේ මූලික දායකත්වයෙන් හා විහාරස්ථ දායක සභාව විශාඛා කුළඟන සමිතිය හා ශ්‍රී බෝධි දහම් පාසල මෙහෙයවීමෙන් එම පින්කම සිදු කෙරේ.


පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාමය

පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාමාධිපති උඩරට අමරපුර නිකායේ මධ්‍යම පළාත් ශාසන ජෝතිකා කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරි , ප්‍රධාන අධිකරණ සංඝනායක පණ්ඩිත වත්තේගම , ධම්මාවාස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සුබෝධාරාමයේ වාර්ෂික කඨින පින්කම ඔක්තෝබර් 7 සහ 8 දිනවල සිදුකෙරේ. දමිළ භාෂා ධර්ම දේශනා විශාරද පණ්ඩිත ගලබඩවත්තේ ඤාණාලංකාර නාහිමියන්ගේ 37 වෙනි ගුණසමරු පින්කමද ඊට සමගාමීව පැවැත්වේ.


පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමය

තලාතුඔය පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමාධිපති හඟුරන්කෙත සද්ධානන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථ කඨින පින්කම මෙම මස 6 සහ 7 දිනවලදී පැවැත්වේ. ඊට සමගාමීව අපවත් වී වදාළ බුටාවත්තේ ශී‍්‍ර රතනජෝති නාහිමි ගුණසමරු පින්කමද පැවැත්වේ.


මහනුවර ශ්‍රී නාථ දේවාල විහරය

මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරයේ කඨින පින්කම මෙම මස 5, සහ 6 දිනවල දී විහාරාධිපති මහෝපාධ්‍යාය ගොමගොඩ රතනසාර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 5 වෙනි දා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවකි. 6 වෙනි දින මහා සංඝ රත්නය තිස්නමක් විෂයෙහි පිරිනමනු ලබන කඨින චීවර සහිත සපිරිකර සංඝගත දක්ෂිණාවකි. අපවත්වී වදාළ ගොඩමුන්නේ ශ්‍රී ගුණරතන නාහිමි සහ මහාචාර්ය වරකාවේ ධම්මාලෝක නාහිමි ගුණසමරු පින්කම ද කඨින පින්කමට සමගාමීව පැවැත්වේ.

කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය මහනුවර රජ පිහිල්ල මාවතේ පදිංචි ඩබ්ලිව්. ලාල්. දේවපි‍්‍රය , වර්ණසූරිය මහතා සහ එම මහත්මිය ප්‍රධාන පවුලේ පිරිස විසිනි.


බොරලැස්ගමුව නාගරුක්ඛාරාමය

බොරලැස්ගමුව නාගරුක්ඛාරාමයේ කඨින පින්කම නිමිත්තෙන් ඇල්ලේකෝනේ සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි මඩුපොත සරණතිස්ස හිමියන්ගේ මග පෙන්වීමෙන් අගෝස්තු 19 වනදා ඇරඹුණු දම් දෙසුම් මාලාව මෙම 8 වනදා දක්වා පැවැත්වේ. 8 වනදා වැවපාර තල්ගහවත්ත මාවතේ පදිංචි සිරි රහල් ලියනගේ සහ පුෂ්පලතා ජයසිරි ලියනගේ මහත්ම මහත්මීහු ඇතුළු පවුලේ සැමගේ ප්‍රධාන දායකත්වෙන් කඨින චීවර පූජාවද දවල් සපිරිකර සංඝගත දක්ෂිණාවද පිරිනැමේ.


වනවාසල ශ්‍රී සුධර්මාරාමය

වනවාසල ශ්‍රී සුධර්මාරාම මහා විහාරයේ කඨින පින්කම ඉකුත් 30 වන දින සිට ඔක්තෝබර් 08 වන දින දක්වා සිදු කිරීමට විහාරාධිපති කන්දේගම ධම්මානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි නිල්ඔබ සෝභිත හිමියන්ගේ මෙහෙයවීමෙන් කටයුතු යොදා ඇත. දිනපතා සවස 7.00 ට අටවිසි බුද්ධ පූජාව ද 30 වන දින සිට 06 වන දින දක්වා විශේෂ ධර්ම දේශනා මාලාවක් රාත්‍රී 7.30 සිට 8.30 දක්වා පැවැත්වේ. කඨින චීවරය රැගත් පෙරහර කඨීන පින්කමේ දායකත්වය දරණ කේ.කේ. ආනන්ද හා එන්. නිලන්ති යන දෙපලගේ නිවසින් ආරම්භ වේ. එදින රාත්‍රී 9.00 ට සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය සිදුකරන අතර, පසුදින උදේ 6.30 ට කඨින චීවරය සඟ සතු කිරීම සිදුකෙරේ. කඨිනානිසංස ධර්ම දේශනය ඔක්තෝබර් 08 වන දින රාත්‍රි 7.00 ට විහාරාධිකාරි නිල්ඔබ සෝභිත හිමියන් විසින් සිදුකෙරේ.


අස්ගිරිය ගෙඩිගේ රාජ මහා විහාරය

මහනුවර අස්ගිරිය මහා විහාරයීය ඓතිහාසික ගෙඩිගේ රාජ මහාවිහාරයේ (දළදා ගමන් මාළිගාව) කඨින පින්කම මෙම මස 18 සහ 19 යන දිනවලදී අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අනුනායක පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති, ගෙඩිගේ රජමහා විහාරාධිකාරි ශාස්ත්‍රපති වේඩරුවේ උපාලි අනු නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

18 වෙනිදා සවස ධර්ම දේශනාවක්ද , බොධි පූජාවක්ද 19 වෙනිදා දවල් අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ඤාණරතන මහා නා හිමිපාණන් වහන්සේ ප්‍රධාන අනුනා හිමිවරු ඇතුළු ගරුතර මහා සංඝරත්නය විෂයෙහි පිරිනමනු ලබන කඨින චීවර සහිත සපිරිකර සංඝගත දක්ෂණාවකි. ගෙඩිගේ රජමහා විහාරස්ථ ශ්‍රී ධර්ම කීර්ති දහම් පාසල සහ කඳුරට බෞද්ධ කාන්තා සමිතියේද සහභාගිත්වයෙන් පැවැත්වෙන කඨින පින්කමේ දායකත්වය මහනුවර හරස්වීදියේ ඔටෝ ට්‍රේඩර්ස්හි අධිපති ධර්මසේන මහතා විසින් උසුලයි.


මිරිස්සේ ධම්මික හිමියන්ගෙන් කඨින මාසයේ චීවර පූජාවක්

දුෂ්කර ප්‍රදේශවල වැඩවසන පූජනීය ස්වාමීන් වහන්සේලා වෙනුවෙන්, චීවර මාසය වෙනුවෙන් චීවර පූජා කිරීමට බලාපොරොත්තු වන බැවින්, අවශ්‍ය හිමිවරු පහත සඳහන් ලිපිනයට තොරතුරු දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ. සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන, පන්නිපිටිය පාර, බත්තරමුල්ල.


අනුරාධපුර සිරි සම්බුද්ධ සීල භාවනා මධ්‍යස්ථානය

සිරි සම්බුද්ධ සීල භාවනා මධ්‍යස්ථානයේ කඨින පින්කම නිමිත්තෙන් 18 වන දා සවස 6.30 ට ගිලන්පස සම්බුද්ධ පූජාව සහ ධර්මානුශාසනාවද, 19 වනදා අලුයම 5.00 ට කඨින පූජා පෙරහර බෞද්ධ මණ්ඩලයේ සිට භාවනා මධ්‍යස්ථානයට පැමිණීමද, උදෑසන 6.00 ට කඨින චීවරය සහිත පූජා භාණ්ඩ සංඝික කිරීමද, උදෑසන 7.30 ට මහා සංඝරත්නය විෂයෙහි සපරීෂ්කාර සංඝගත දක්ෂිණාව සහ සිල් පිරිසට සංග්‍රහ කිරීම ද සිදු කෙරේ.


සංකල්ප විහාරයේ වස්සාන ධර්ම දේශනා මාලාව කඨින මහා පින්කම 16 වනදා සිට

පිළියන්දල, මාකන්දන වැලිතොටුවවත්ත, සංකල්ප විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන වස්සාන ධර්ම දේශනාමාලාව සමඟින් කඨින මහා පින්කම මෙවරද විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසකත්ව යෙන් මෙම 16 සිට 29 දක්වා පැවැත්වේ. ඔක්තෝබර් 16 පුහුල්වැල්ලේ විනයසිරි හිමි, 17 තුම්බෝවිල ධම්මරතන හිමි, 18 තලල්ලේ චන්දකිත්ති හිමි, 19 කහගොල්ලේ සෝමවංශ හිමි, 20 මීගොඩ සුඛිත හිමි, 21 මකුරුප්පේ සෝමාලංකාර හිමි, 22 වැල්ලම්පිටියේ විනයවංශ හිමි, 23 කැස්බෑවේ පඤ්ඤානන්ද හිමි, 24 ගොම්බද්දල දමිත හිමි, 25 මඩිහේ සුගතසිරි හිමි, 26 වැලිමඩ පසන්න මානස හිමි, 27 මස්සැන්නේ විජිත හිමි (කවි බණ) යන හිමිවරුන්ගේ ධර්ම දේශනා පැවැත්වේ.

ඔක් 28 සවස 3.00 කඨින චීවරය රැගත් පෙරහර මාකන්දන, නො. 33/3 පදිංචි දායක සභාවේ සභාපති සී. නිශ්ශංක මහතාගේ සහ අනෝජා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් වීථි සංචාරය කෙරේ.

ඔක්. 29 දින දවල් 75 නමක් විෂයෙහි මහා සංඝගත දක්ෂිණාවක් ද මෙදින රාත්‍රී 7.00 කොට්ටාවේ සුමන හිමියන්ගේ කඨිනානිශංස ධර්ම දේශනාව ද පැවැත්වේ.

සංකල්ප දායක සභාව, සංකල්ප කුළඟන සමිතිය, සංකල්ප ක්‍රීඩා සමාජය, සංකල්ප අන්‍යෝන්‍යාධාර සමිතිය, සංකල්ප දහම් පාසල, සංකල්ප වැඩිහිටි සමිතිය, එස්. – 20 සංවිධානය, සංකල්ප නව යෞවන එකමුතුව එම පින්කම සංවිධානය කරයි.

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 05 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 1.47 ට ලබයි. ඔක්තෝබර් 06 වන දා සිකුරාදා පූර්ව භාග 00.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දාය ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]