UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පිංකම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහාවිහාරය

පෝදා පෙරවරු 6.00 – 6.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 6.30 – 7.00 උදෑසන බුද්ධපූජාව. 8.00 – 9.00 භාවනා ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 – 10.00 පෙරවරු ධර්මදේශනාව අතුරුගිරියේ සුබෝධ හිමි, 10.00 – 11.00 ධම්මපදයෙන් බිඳක් විද්‍යාලංකාර මහපිරිවෙනේ ආචාර්ය, දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00 – 11.30 දිවා බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15 – 02. සීල භාවනා සමිතිය, 2.00 – 3.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 3.00 – 4.00 පස්වරු ධර්ම දේශනාව නීලම්මහර චතුරශාන්ත හිමි, 4.00 – 5.00 ධර්ම සාකච්ඡාව, 5.00 – 6.00 භාවනා ශ්‍රී කල්‍යාණී උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 – 7.00 ගිලන්පස බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00 – 8.00 සන්ධ්‍යා ධර්මදේශනාව මාඋස්සාගොල්ලේ මුදිත හිමි.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෝදා පෙරවරු 06.00 – 07.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 7.00-7.30 - තෙරුවන් වන්දනාව, 8.15 – 9.30 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 9.30 – 11.00 ධර්මදේශනය – ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 11.00 – 11. 30 - තෙරුවන් වන්දනාව, පස්වරු 12.30 – 1.00 - සූත්‍ර සජ්ඣායනාව, පස්වරු 1.00 – 2.00 ධර්මදේශනය ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද හිමි, 2.00 – 3.30 – ධර්ම සාකච්ඡාව පිටකන්දේ ආනන්ද විමලකීර්ති හිමි, 4.00 – 5.00 – ධර්මදේශනය ශාස්ත්‍රපති විතාරන්දෙනියේ මේධානන්ද හිමි, 5.00 – 6.00 ධර්මදේශනය ශාස්ත්‍රපති අළුත්වෙල ධම්මසති හිමි, රාත්‍රි 7.00 අටවිසි බුද්ධ වන්දනාව.


තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෝදා පෙරවරු 5.30 ක්ෂීරපායාස බුද්ධ පූජාව 6.00 – 7.00 සීල සමාදානය හා අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව රත්නපුරේ චිත්තවිහාරි හිමි, 9.00 – 9.30 භාවනා 9.30 – 10.30 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 10.30 – 11.00 දෙතිස්ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව පස්වරු 12.30 – 1.00 ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව සහ පින් අනුමෝදනාව, 1.00 – 2.00 ධර්ම දේශනාව ගම්පහ පාසාදික හිමි, 2.00 – 3.00 ධර්ම සාකච්ඡාව මහකෙළියේ නාහිමියන් සමඟ මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව කැලණියේ විපුලඥාන හිමි, 4.30 – 5.00 කරණීයමෙත්ත සූත්‍ර දේශනාව සහ සිල් පවාරණය, 6.00 – 7.00 ඖෂධ 108 යුක්ත සම්බුද්ධ පූජාව, ඔක්තෝබර් 21, 22 වස් අවසාන මහා පින්කම හේමා රත්නායක, මහත්මිය ඇතුළු දායක සභාව සහ දායක දායිකාවන් පිරිස විසිනි.


තෙලවල – විජයරූපාරාරාම ධර්මායතනය

මොරටුව, කටුබැද්ද, තෙලවල, විජයරූපාරාම, ධර්මායතනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නා හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් පුර පොහෝ දින වැඩසටහන සිදු කරනු ලැබේ.

පෙරවරු 6.30 – 7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව දම්පහළ ඤාණරතන නාහිමි, 8.30 – 9.30 ධර්ම දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 9.45 – 10.15 භාවනාව දම්පහළ ඤාණරතන නාහිමි, 10.15 – 11.00 ජාතක කතා දේශනය දම්පහළ ඤාණසුධීර හිමි, 11.00 දවල් සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 -2.00 ගිහිදේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා, 2.30 – 3.30 ධර්ම දේශනය පානදුරේ සමිතනන්ද හිමි, 4.00 – 5.00 දක්වා මහා සමය සූත්‍ර දේශනාව සහිත මහා පිරිත් දේශනය ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා, 5.00 සිල් පවාරණය සිදු කිරීම දම්පහළ ඤාණරතන නා හිමි, 6.30 – 7.30 දක්වා අටවිසි ගිලන්පස බෝධි පූජාව සහ පුණ්‍යානුමෝදනාව, දම්පහළ ඤාණරතන නා හිමි, බුදුසරණ පුවත්පත, ධර්මදානය පිණිස බෙදාදීම දායකත්වය, ඔක්කම්පිටිය, බුරුතගොල්ල පදිංචි චමිලා පි‍්‍රයදර්ශනි මෙනවිය සහ මොරටුව, තරුණ බෞද්ධ සමිතිය මගිනි.


ඓතිහාසික අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික අනුරාධපුර මහා විහාරයේ වප් පුන් පොහෝදින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම වප් මස 05 දින පෙරවරු 06.00 සිට පස්වරු 06.00 දක්වා මහා විහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. වප් පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී මොරගොල්ලේ සිරිරතන හිමියෝ සංවිධානය කරති.

පෝදා පෙරවරු 6.00 – අටසිල් සමාදන්වීම, 6.30 – බුද්ධ පූජාව, 08.00 – ධර්ම දේශනාව කුඹුගොඩආරේ පඤ්ඤාලෝක හිමි, 09.00 – ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 09.15- ගිහි දේශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සේනාරත්න කාරියවසම් මහතා, 10.30 – බුද්ධ පූජාව, දවල් 12.00 – ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, 01.00 – ධර්ම දේශනාව දර්ශනපති පාහියංගල සුමංගල හිමි, 2.00 – ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 02.45 – දම්සභා මණ්ඩපය – රාජකීය පණ්ඩිත කරපික්කඩ සෝභිත හිමි (ශ්‍රී ලංකා භික්ෂු විද්‍යාලයේ ශිෂ්‍ය පාලක), ශාස්ත්‍රපති ඊ. එම්. ධර්මවර්ධන මහතා, දර්ශනති වසන්ත දිසානායක මහතා, 04.00–භාවනා වැඩසටහන මෙහෙයවීම-ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි, 05.00 - බෝධි පූජාව මෙහෙයවීම – ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, 05.55 - සිල් පාවාරණය.


බොරැල්ලේ ශ්‍රී ගෝතමී පුරාණ විහාරය

බොරැල්ලේ ඓතිහාසික පුරාණ ගෝතමී මහා විහාරස්ථානයේ පොහෝදා සීල සමාදානය තෙල්වත්තේ නාගිත හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. පෝදා පෙරවරු 6.00 – 6.30 ශීල සමාදානය, සම්බුද්ධ පූජාව හා අනුශාසනාව කිතුල්වත්ත එෆ්.ආර්. සේනානායකරාමාධීපති ශාස්ත්‍රපති තෙල්වත්තේ නන්දතිස්ස හිමි, 8.15 භාවනාව පණ්ඩිත ඉසුරුගම ධම්මතිලක හිමි, 9.45 බුදුසරණ පුවත්පත බෙදාදීම හසිත දියබලනගේ තිලංක දියබලනගේ සොහොයුරන් 10.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත බොරැල්ලේ මංගල හිමි, 11.00 සම්බුද්ධ පූජාව පස්වරු 12.30 සිරිපොද වැස්ස උපදේශන සේවාව මගින් පවත්වන දේශනය මනස කළමනාකරණය වැඩසටහනේ නිර්මාතෘ ජයන්ත රාජවික්‍රම මහතා, 1.30 ධර්මදේශනාව, ශාස්ත්‍රපති දෙනියායේ සිරිනන්ද හිමි, 3.00 ධර්ම දේශනාව ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති මරදන්කඩවල ධම්මසෝභන හිමි, 4.30 ධර්ම දේශනාව සහ අටවිසි බුද්ධ පූජාව පණ්ඩිත ඇතුන්ගම ධම්මජීව හිමි, 5.30 සීල පවාරණය සහ තේපැන් සංග්‍රහය.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත, ශ්‍රී ජයශේඛාරාරාම මහා විහාරස්ථානයේ දී වප් පුර පසළොස්වක පොහෝදා ශීල, භාවනා, ධර්ම දේශනා මාලාවක් තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ. එදින පෙරවරු 6.00 – 6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්මදේශනය ජයවර්ධනපුර ශ්‍රී ජයශේඛරාරාමාධිපති, ශාස්ත්‍රපති, රජවත්තේ වප්ප නාහිමි, 10.30 – 11.00 දවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.15 – 12.45 සෙත්පිරිත් දේශනය, ශ්‍රී ජයශේඛරාරාමවාසී ස්වාමීන් වහන්සේලා 1.00 – 2.00 මාසික රැස්වීම 2.15 – 3.15 ධර්ම දේශනය යටිහලගල විජිත හිමි, 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනය සෙවණගල අජිත හිමි, 6.00 ට සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 සවස ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව රාත්‍රී 8.00 – 9.00 දක්වා ධර්ම දේශනය පටිගත කරන ලද දේශනය.


හුණුපිටිය විජයසුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි වප් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමි යන්ගේ අනුශාසනා පරිදි බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල, හුණුවල පියදස්සි, තිස්සමහාරාම ධම්මසාර, අනුරාධපුරයේ සුමනවංශ යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ වප්පෝදා පින්කම් රැසක් සිදුකිරීමට රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු සිදු කෙරේ.

උදෑසන අටසිල් සමාදන් කරවීම, මල් පහන්, ගිලන්පස කිරි ආහාර පූජාවද, ශබ්ද පූජා මධ්‍යයේ ෂඩ් වර්ණ ශාටකයක් චෛත්‍යයේ පැළඳවීමද උදේ ධර්ම දේශනාව විහාරස්ථ ධර්මශාලාවේ දී සහ භාවනා වැඩසටහන චෛත්‍යමළුවේදී පැවැත්වේ. කිරිවෙහෙර චෛත්‍ය ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට දානශාලාවේ පෝදා බත් දන්සල පැවැත්වේ. විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ ඔසු පැන් දන්සල ද එම ස්ථානයේ දී පැවැත්වේ.

සවස මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර චෛත්‍යයේ සිට අෂ්ඨඵල බෝධිය වෙතට ගොස් මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව අෂ්ඨඵල බෝධි තේවා භාර කිරිවෙහෙර රාජමහා විහාරාධිකාරී තලවල ඥාණින්ද හිමියන් විසින් බෝධි පූජාව පවත්වනු ලැබේ. රාත්‍රී ධර්මදේශනාව අටවිසි බෝධිමළුවේ දී පැවැත්වෙන අතර කතරගම සමථමණ්ඩලයේ කොත්තමල්ලි දන්සල රාත්‍රී කාලයේ පැවැත්වේ. කිරිවෙහෙර තුන්වන මළුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාවක් ද පැවැත්වේ. කතරගම බෞද්ධ සංගමයේ මහාසේන සිල් සමිතිය විහාරස්ථ දායක සභාව එම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.

ඊ.එච්. සෝමපාල, කතරගම විශේෂ වාර්තාකරු


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන පෝදා ආගමික වැඩසටහන් මාලාව මෙසේ ය.

පෙරවරු 6.15 – 7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම, වැලිකල පඤ්ඤාතර හිමි, 7.30 – 9.45 ධර්මදේශනාව වතුරුගම නන්දසිරි හිමි, 10.30 – 11.30 ධර්මදේශනාව කඩවත පඤ්ඤානන්ද හිමි, පස්වරු 1.00 – 3.15 ගිහි දෙසුම ශාස්ත්‍රවේදී ශේන් බ්ලොක් මහතා, 3.30 – 4.30 ධර්ම දේශනාව කොබවක ධම්මසීවලී හිමි, 4.45 – 6.00 ධර්මදේශනාව, පිටිගල ධම්මවිනීත හිමි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදාන පින්කම

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත දොඩම්පහළ කුමාරකස්සප හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ලුණුගම්වෙහෙර සුනීත හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ වාරියපොල ධම්මශාන්ත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනය මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව ඇටැම්පිටියේ සද්ධානන්ද හිමි, 4.15 – 5.00 ධම්මපදය වතුරුගම ධම්මජීව හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සී හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ලග්ගල අසම හිමි.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී වප් පුන් පොහෝ දින අලුයම 05.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 – පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ.

පෙරවරු 8.00 – 9.00 දහම් දෙසුම දෙල්කඳ පුෂ්පාරාමවාසී පණ්ඩිත කහටපිටියේ පඤ්ඤාසාර හිමි, 9.30 – 10.30 දහම් දෙසුම ගංගොඩවිල පඤ්ඤෝධාරාමවාසී ශාස්ත්‍රපති වල්ගම සුමන හිමි, 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00 – 12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 – 2.00 දහම් දෙසුම කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය විනීත හිමි, 3.00 – 5.00 භාවනා වැඩසටහන පල්ලේගම ධම්මජෝති හිමි, සවස 6.00 ට මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් උඩහමුල්ලේ තාදී දසසිල් මාතාව විසින් පවත්වනු ලැබේ. සුපුරුදු පරිදි මෙම පොහොය දිනයෙහිදී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදාදෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 05 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 1.47 ට ලබයි. ඔක්තෝබර් 06 වන දා සිකුරාදා පූර්ව භාග 00.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දාය ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]