UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොත් විත්ති

පොත් විත්ති

සිරිලක සුපතල ඓතිහාසික පූජනීය විහාර වන්දනා චාරිකා

කර්තෘ - ජී.ආර්. දිසානායක

ප්‍රකාශන – කර්තෘ ප්‍රකාශනයකි

ජී.ආර්. දිසානායක මහතා සිය 39 වැනි ග්‍රන්ථය ලෙස සිරිලක සුපතල ඓතිහාසික පූජනීය වන්දනා චාරිකා පොත ප්‍රකාශයට පත් කර ඇත.

මෙම ග්‍රන්ථයෙහි බස්නාහිර පළාත, දකුණු පළාත, ඌව පළාත යන පළාත් තුනෙහි පූජනීය විහාර විස්තර අන්තර්ගත ය. මෙම ග්‍රන්ථය යුගයේ අවශ්‍යතාවයක් ව තිබූ හිඩැසක් යම් අයුරකින් සම්පූර්ණ වීමක් ද වෙයි. මෙම කෘතිය සඳහා තෝරාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ අතීතය විදහා දක්වන විහාරස්ථානවල තොරතුරු බව කතුවරයා පවසයි.

 

 

 

 

 

 

 


නිවන් මඟ අභියස

කර්තෘ - අසංග ආටිගල

ප්‍රකාශන - සාහිත පොත් පියස

වනවාසී සේනාපති විමලරතන හිමියන් සමඟ සාකච්ඡා මඟින් පළකළ ලිපි පෙළක එකතුවක් ලෙස මෙම බෞද්ධ ග්‍රන්ථය ඔබ අතට පත්වෙයි. අති දුෂ්කර වන ගත ප්‍රදේශවල භාවනායෝගී ව වැඩ වසමින් ධර්මාවබෝධය සඳහා වෙහෙසුණු වනවාසී සේනාපති විමලරතන හිමියන් ඉතාමත් සරලව පාඨකයාට වැටහෙන පරිදි දහම් කරුණු ගොනුකර ඇත. සසරින් එතෙර වන්නට කළයුතු දේ, රාග, ද්වේෂ, මෝහ නසා දමන්නේ කොහොමද? පාප මිතුරන් දුරස් කරන්න. නිවන යනු නිරාමිස පී‍්‍රතියේ උපරිමයයි. ආදී අගනා මාතෘකා දහ හතරක් ඔස්සේ මෙම ග්‍රන්ථය ප්‍රකාශනයට පත්කොට ඇත.

 

 

 

 

 

 

 


අසිරිමත් ධර්ම දේශනා

කර්තෘ - මාදෝවිට වජිරබුද්ධි හිමි

ප්‍රකාශනය - වෛද්‍යාචාරිනී චාන්දනී වික්‍රමාරච්චි

ඉතා සරල බස් වහරකින් දහම් කරුණු විස්තර කර ඇති අසිරිමත් ධර්ම දේශනා කෘතියෙහි මාතෘකා 12 ක් අන්තර්ගත ය. තථාගත ධර්මය නිතරම හඳුන්වා ඇත්තේ මුල මැද අග යහපත් අර්ථ සහිත ව්‍යඤ්ජන සහිත ධර්මයක් ලෙසිනි. ධර්මය හරවත් ය. තෙදවත් ය. එහි තිබුණේ බුද්ධ භාෂිත පමණෙක් යන්නය කතුවරයා සඳහන් කරයි. මහරහතන් වහන්සේ, සිතිවිලි දහරා දෙක, බුදු තෙමඟුල, අවිද්‍යා මූලය, බමුණුකම ආදි විවිධ මාතෘකා ඔස්සේ ලිය වී ඇත.

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 05 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 1.47 ට ලබයි. ඔක්තෝබර් 06 වන දා සිකුරාදා පූර්ව භාග 00.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දාය ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]