UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රද්ධාවන්ත පවුල ගුණගරුක සමාජයක පදනමයි

ශ්‍රද්ධාවන්ත පවුල ගුණගරුක සමාජයක පදනමයි

" සමාජයේ දී අපට හමුවන කුඩා ම ඒකකය නිවසයි. එම ස්ථානය යහපත් , විනයානුකූල , ආචාරධර්ම පිළිපදින ස්ථානයක් බවටත්, ශීලය ආරක්ෂා කරන ස්ථානයක් බවටත්, පරිවර්තනය නොකර ගම හෝ රට හැදීම කිසිසේත් කළ නොහැකි බව අප පළමුවෙන් ම අවබෝධ කරගත යුතු යි. පවුල් ඒකකය වඩාත් යහපත් ව, වඩාත් නිවැරැදි ව ගොඩනඟා ගැනී ම අත්‍යවශ්‍ය වෙ යි."

සැමියා හා බිරිඳ වශයෙන් ද, දෙමව්පියන් සහ දරුවන් වශයෙන් ද,ඔබගේ ගෙදර වඩාත් යහපත් නිවසක් බවට පත්කර ගැනීමට නිවස තුළ ගොඩනඟා ගත යුතු සම්බන්ධකම් කුමන ආකාරයෙන් සකසා ගත යුතු ද ? යන කාරණාව පිළිබඳ අවබෝධයක් ලබාගත යුතුයි.

සමාජයේ දී අපට හමුවන කුඩා ම ඒකකය නිවසයි. එම ස්ථානය යහපත්, විනයානුකූල, ආචාරධර්ම පිළිපදින ස්ථානයක් බවටත්, ශීලය ආරක්ෂා කරන ස්ථානයක් බවටත්, පරිවර්තනය නොකර ගම හෝ රට හැදීම කිසිසේත් කළ නොහැකි බව අප පළමුවෙන් ම අවබෝධ කරගත යුතු යි. පවුල් ඒකකය වඩාත් යහපත් ව, වඩාත් නිවැරැදි ව ගොඩනඟා ගැනී ම අත්‍යවශ්‍ය වෙ යි. එහි දී එම ස්ථානයෙහි ජීවත් වන ප්‍රධානීන් දෙදෙනා වන සැමියා සහ බිරිඳ හෙවත් මව සහ පියා අතර පවතින සම්බන්ධකම ඉතාම වැදත් වෙයි. එම දෙදෙනා අතර පවතින ශ්‍රද්ධාව, සිල්වන්තකම, පරිත්‍යාගශීලී බව ත්‍යාගවන්ත බව , ප්‍රඥාවන්ත බව දරුවන් ඉදිරියේ දී දායාදයන් ලෙස ඉදිරියට පැමිණෙන බව මතක තබා ගත යුතුයි. ඉතාම යහපත් පවුලක් ගොඩනැඟීමට සිතනවා නම්, ඔබ දෙදෙනාම එක සමාන වූ ශ්‍රද්ධාවකින් ඔබගේ ආධ්‍යාත්මයන් සකසාගත යුතු වෙයි. තිසරණය නිවැරැදි ව සමාදන් ව , තිසරණය නිවැරැදි ව අනුගමනය කරන, තිසරණය අපගේ ජීවිතය බවට පත්කර ගත් දෙමාපිය යුවළක් ගෙදර ජීවත් වීම අත්‍යවශ්‍යයි.

යමෙකු තිසරණය නිවැරැදි ව සමාදන් වෙනවා යනු එම තැනැත්තා හෝ තැනැත්තිය සතර අපායෙන් ම නිදහස් වීමට අවශ්‍ය දොරටු විවෘත කරගැනීමක් . වෙයි. තිසරණය කෙරෙහි ඇතිකරගනු ලබන ශ්‍රද්ධාව නම්, මෙලොව පරලොව විශ්වාස කිරීමට පටන් ගැනීමයි. සංසාර ගමන විශ්වාස කිරීමට පටන් ගැනීමයි. අප කරනු ලබන කර්මවල විපාක අපට ආපසු ලැබෙන බවට විශ්වාස කරීමට පටන් ගැනීමයි. අප කරන ක්‍රියාවන්හි විපාක මෙලොව පරලොව ලැබෙන බවත් , අප කරනු ලබන ක්‍රියාවන්හි විපාක ලබන ආත්මයටත් ගෙනයාමට සිදුවන බව විශ්වාස කරන, මවක් සහ පියෙක් ගෘහයක නායකත්වය දරනවා නම්, එම ගෙවල් බිඳවැට්ටවීමටත් , එම ගෙවල්තුළින් සැදුණ සමාජය බිඳවැට්ටවීමටත්, කිසිවෙකුටවත් හැකියාවක් නො ලැබෙයි.

අපට දක්නට ලැබෙන හැම අභියෝගයක් ම අපේ පවුල් සංස්ථාව කඩාගෙන වැටී දෙදරායාමේ අනතුරත් සමඟ අනෙක් සියල්ල බරපතළ අභියෝග ලෙස දක්නට ලැබෙයි. අපගේ අභ්‍යන්තරය කිසිදු ආකාරයේ ශක්ති සම්පන්න බවක් නොමැති බව අපම හොඳින් දන්නා කාරණාව වෙයි. අපගේ ඇතුළාන්තය බොහෝ සේ දුර්වලව පවතී. අපගේ රට, සංස්කෘතිය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නම්, පළමුවෙන් ම පවුල තුළ ශ්‍රද්ධාවන්තකම ගොඩනැඟිය යුතු වෙයි. බෞද්ධ ඔබ තුළ තුනුරුවන් කෙරෙහි පවතින විශ්වාසය කඩ නොකර ගැනීමට ඔබ ශක්ති සම්පන්න නම්, පවුල් ඒකකය බිඳවැටිමක් සිදු නොවෙයි. එම නිසා තිසරණය නිවැරැදිව සමාදන් වෙමින් නිවැරැදි ව තිසරණයෙහි පිහිටා සිටිය යුතු යි.

අප තුනුරුවන් නොඉක්මවා , තුනුරුවන් කෙරෙහි ඇතිකරගත් චිත්තප්‍රසාදය බිඳවැටීමට ඉඩනොදී මේ ලෝකය තුළ කුමන දෙයක් නැතිව ගිය ද, බුදුරජාණන් වහන්සේගේ ධර්මය මට තිබෙනවා කියන ගැඹුරු ශ්‍රද්ධාවෙන් , ගැඹුරු විශ්වාසයෙන් ,ධර්මය තමාට රැකවරණයක් වෙනවා කියන ගැඹුරු විශ්වාසයෙන් , අපගේ ජීවිතය ගෙවිය යුතුයි. එය පවුල් ඒකකය ගොඩනැඟීමේ පදනමයි.

මව්පියන් දෙදෙනෙකු වශයෙන් තුනුරුවන් කෙරෙහි පවතින ශ්‍රද්ධාව වගේ ශ්‍රද්ධාවක් විශ්වාසයක් ්ඔවුන් දෙදෙනා තුළ ද පවත්වා ගත යුතුයි. තමාගේ සැමියා පිළිබඳ විශ්වාසයක් බිරිඳ තුළ පැවතිය යුතුවා සේ ම බිරිඳ කෙරෙහි විශ්වාසයක් ්සැමියා තුළ ද තිබිය යුතුයි. ශ්‍රද්ධාව නොමැති ව ගෞරවය නොඋපදී. කවුරුන් හෝ පිළිබඳ ව ශ්‍රද්ධාවක් ඇති වුවහොත් පමණක් ඔහු පිළිබඳ ගෞරවයක් අප තුළ උපදී. බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනවා නම්, පමණක් බුදුරජාණන් වහන්සේ සමීපයට ගෞරව සම්ප්‍රයුක්තව පැමිණෙයි. බුදුරජාණන් වහන්සේගේ උතුම් ජීවිතයෙහි ලබාගත් අවබෝධය පිළිබඳ පවතින විශ්වාසය අප තුළ ගෞරවයක් ගොඩනැඟීමට හේතු වෙයි.

පවුල් සංස්ථාව ඇතුළත එකිනෙකා පිළිබඳ ගෞරවය ඇතිවීමට නම්, ශ්‍රද්ධාව විශ්වාසය එකිනෙකාගෙන් එකිනෙකාට පවතිනවා නම් පමණයි. එකිනෙකා පිළිබඳ විශ්වාසයක් නොමැති කිසිම විටෙක ගෞරවයක් උපදින්නේ නැති බවට මතක තබා ගත යුතුයි. නිවස තුළ අම්මා තාත්තා එකිනෙකාට අවමන් කරගැනීමට හේතුව නම්, දෙදෙනාගේ වටිනාකම් පිළිබඳව ගැඹුරු විශ්වාසයක් ගොඩනැඟී නොමැතිකම නිසයි. යම් කිසි පුද්ගලයෙකු තමාට අවශ්‍ය නැති බවට තමා විශ්වාස කරනවා නම්, අප ඔහුට ගරු නොකරයි. තමාට අනෙකාගේ ජීවිතය නිසා තමාගේ ජීවිතය එළිය වැටෙන බවට විශ්වාස කරනවා නම්, පමණක් එතැනට සතුරු කම් නොකර ගරු කරයි.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේට උතුම් සම්බුද්ධත්වය ලබාගැනීමට බෝධීන් වහන්සේ උපකාර කළ බවට අප තුළ පවතින විශ්වාසය උදාහරණයක් ලෙස සිතිය හැකියි. එම බෝධීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සම්මාසම්බුද්ධත්වය ලබා ගැනීමට උපකාර වූවා සේ ම , එම බෝධීන් වහන්සේගේ ආශිර්වාදය අපටත් පවතින බවට අප තුළ විශ්වාසයක් පවතී. එම නිසා ම බෝධීන් වහන්සේ සමීපයේ දී අප කෙතරම් ගරු කරනවා ද? වන්දනා කිරීමේ දී නොදැනුවත්ව හෝ බෝ මුල්, බෝපත් පෑගුණත් ඒ සඳහා සමාව ගනු ලබන්නේ බෝධිය කෙරෙහි පවතින විශ්වාසය නිසයි. බෝධීන් වහන්සේ කෙරෙහි පවතින විශ්වාසය කෙතරම් ද? යත්. වරදක් වුවහොත් සමාව ගැනීමට තරම් විශාල ගෞරවයක් අප තුළ ගොඩනැඟී ඇත. ගෞරවය ගොඩනැගෙන්නට විශ්වාසය තිබිය යුතුම ය.

ගෙදර එකිනෙකාට එකිනෙකා පිළිබඳ ගෞරවය පවතින්නේත් විශ්වාසය තිබෙනවා නම්, පමණයි. එකිනෙකාට එකිනෙකා පිළිබඳ විශ්වාසයක් නොැමැති නම්, ගෞරවයක් ඇතිවිය නොහැකියි. විශ්වාස කළ හැකි වැඩ කර තිබෙනවා ද? යනුවෙන් කෙනෙකුට ප්‍රකාශ කළ හැකියි. පෘථග්ජන සම්බන්ධකම් සියල්ලම කළු සහ සුදුවල මිශ්‍රණයක් බව මතක තබා ගත යුතුයි. රහත් නොවුණ සියලු දෙනා තුළ ම යහපත් බව සහ අයහපත් බව පවතින බව දැන එය කළමනාකරණය කරගනිමින් , සිහිනුවනින් ඒවා උහුලාගනිමන් ,ඉවසමින් , දරමින් ජීවත්වීම දක්ෂකම වෙයි. ඉතාම හොඳ පුද්ගලයෙකු ලැබුණොත් ගරු කරන්නම්, යැයි සිතීම පවා බහුතර පෘථග්ජනයන් වෙසෙන සමාජයක ගෞරව කි්රීමට කවුරුන් හෝ කෙනෙකු සොයාගැනීට නොහැකි වෙයි. පුද්ගලයෙකු අතින් වැරැදි ඇතිවෙලා තිබිය හැකියි.

එම පුද්ගලයා නැවත නිවැරැදි විය හැකියි . එයට අවස්ථාව ලබාදෙමින් , යම්කිසි ගරුත්වයක් ,වටිනාකමක් ලබාදීමට උත්සාහ කළ යුතුයි. ඉස්සර ගම්වල එකිනෙකා කෙරෙහි දැක්වූ ගෞරවය එම සමාජයෙහි පැවතුන යහපත්කම යි. ගමයි නගරයයි අතර අතරමංවීෙමී දී පවුල් අතර විසිරුණු බව නිර්මාණය වීමට තිබෙන ඉඩකඩ වැඩි වෙයි. එවැනි පරිසරයන්හි පවුල් ජීවිත ගෙවන පිරිස එකිනෙකා සම්බන්ධ ව ගරුකරමින් විශ්වාසයෙන් යුතුව කටයුතු කළ යුතු ය. තමන් කරනු ලබන කිසිදු ක්‍රියාවක විශ්වාසය පළුදු වන ආකාරයෙන් නොහැසිරිය යුතුයි. අනෙකා තමා පිළිබඳ ඇතිකරගෙන තිබෙන්නා වූ ශ්‍රද්ධාව කඩා වැටෙන ආකාරයෙන් නොහැසිරිය යුතු ය. සැම අවස්ථාවක ම ශ්‍රද්ධාව , විශ්වාසය , ඇතිවන ආකාරයෙන් කටයුතු කළ යුතු ය.

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 05 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 1.47 ට ලබයි. ඔක්තෝබර් 06 වන දා සිකුරාදා පූර්ව භාග 00.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දාය ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]