UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ විහාරය

 

අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාරය

විහාරවංශ කථාවේ වසර 652 ක ඉතිහාසයක් ඇති සෙංකඩගල පුරවරයේ අස්ගිරිය මහා විහාරයීය ඓතිහාසික ගෙඩිගේ විහාරය ක්‍රි.ව. 1347-1375 සමයේ ගම්පොල යුගයේ රාජ්‍ය මෙහෙයවූ තෙවන වික්‍රමබාහුරජතුමා විසින් සිය මෑණියන්වූ චන්ද්‍රවතී බිසව සිහිපත් කිරීම මුල්කරගෙන ඉදිකර ඇති බව පොතපතින් දැක්වේ. එම වර්ෂය ක්‍රි.ව. 1364 වශයෙන් දැක්වෙන අතර, චන්ද්‍රවති බිසවගේ ආදාහන කටයුතු ද මෙහි දී සිදුකර ඇත. සිහිවටනයක් ලෙස චන්ද්‍රාවති නමින් රෝපණය කළ බෝධින් වහන්සේ නමද අදත් මෙහි වැඩහි¼දියි. චන්ද්‍රවති බිසවගේ භෂ්මාවශේෂ මෙහි තැන්පත් කළ නිසා මෙම පූජනීය ස්ථානය ආදාහනමලුව වශයෙන්ද හඳුන්වනු ලැබේ. වික්‍රබාහු රජතුමා විසින් ගෙඩිගේ විහාර සම්ප්‍රදාය අනුව මෙහි විහාර මන්දිරයක් ඉදිකොට ඇත.ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණයකර සංඝාවාසයක් ද මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කර ඇති බව සඳහන් වේ. සියම් දේශයේ ප්‍රවර උපාලි මාහිමියන් අස්ගිරිය ගෙඩිගේ විහාරයේ වැඩ සිට ශාසනික මෙහෙවරෙහි යෙදී සිටියදී අපවත්වීමෙන් උන්වහන්සේගේ ආදාහනය ද මෙහි දී සිදුකර ඇත

ඉතිරිය»

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 06 වනදා ඉරිදා අපරභාග 10.28 ට පෝය ලබයි. 07 වනදා සඳුදා අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අගෝස්තු 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]