UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ පෙරහර

 

මහනුවර ඓතිහාසික සංස්කෘතික මංගල්‍යය

හෙළයේ විචිත්‍රවත්ම කලා මංගල්‍යය ලා සැලකෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පසුගිය 24 වන දින සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ආරම්භ විය. ප්‍රථම කුඹල් පෙරහර 29 දා වීදි සංචාරය කළ අතර රන්දෝලි පෙරහර ආරම්භ වූයේ අගෝස්තු මස 03 දින ය. අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දින වීදි සංචාරය කිරීමට නියමිත ය. කලාකරුවන් දහසකට අධික පිරිසක් සමඟ අලි ඇතුන්ද අසූවක් පමණ සහභාගි වෙමින් දින එකොළහක් පුරා පවත්වන්නාවූ මෙවන් සංස්කෘතික මංගල්‍යයක් ලොව කිසිදු රටක දක්නට නොමැත. එක් පසෙකින් සංස්කෘතික මංගල්‍යයක් වුවද තවත් පසෙකින් මෙය දළදා සමිඳුන් උදෙසා මෙන් ම සතර මහ දෙවිවරුන් වෙනුවෙන් පවත්වන්නාවූ පූජෝපහාරයකි. පැරැණි රජ දවස පටන් රාජ්‍යය අනුග්‍රහය ලබමින් පැවැත්වු පෙරහර මංගල්‍යය අද ද පවත්වන්නේ රාජ්‍යය උත්සවයක් ලෙසිනි. ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත්ව පවත්වා අවසන් කිරීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමන්ටය. වසර 2005 දී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරයට පත්ව නිල කාලය අවසන් වූ පසු යළිත් 2015 වසරේ දී එම තනතුරට පත් ප්‍රදීප් නිලංග දෑල මහතා මෙවර මහනුවර ඇසළ පෙරහර සංවිධානය කරන්නේ 13 වන වරටය. මෙවර පෙරහරේ සංවිධාන කටයුතු සම්බන්ධව ඒ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

ඉතිරිය»

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 06 වනදා ඉරිදා අපරභාග 10.28 ට පෝය ලබයි. 07 වනදා සඳුදා අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අගෝස්තු 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]