UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සේරුවිල නිකිණි මහ පෙරහර

සේරුවිල නිකිණි මහ පෙරහර

ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ නිධන්ගත ඓතිහාසික සේරුවිල මංගල මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා වාර්ෂිකව පවත්වන ලලාට ධාතු නිකිණි මහා පින්කම මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් සිදු කිරීමට සේරුවිල මංගල මහා චෛත්‍යවර්ධන සමිතිය, විහාරස්ථ දායක සභාව, ඇතුළු සමිති සමාගම්වල එකමුතුව සැලසුම් කර තිබේ.

සේරුවිල මංගල රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත මුංහේනේ මෙත්තාරාම නා හිමියන්ගේ අනුශාසනා පරිදි සමිති සමාගම්වල එකමුතුවෙන් පැවැත්වෙන එම ලලාට ධාතු පූජෝත්සවය මහ සෑ රදුන් අබියස මෙවර පැවැත්වෙන්නේ 93 වෙනි වරටයි.

අගෝස්තු මස 5 වෙනිදින සිට අගෝස්තු 12 වෙනිදින දක්වා සිදු කෙරෙන එම පුණ්‍යෙීත්සවයේදී දිනපතා ලලාට ධාතු පූජා , ධර්ම දේශනා , තුන්තිස් පෑ පිරිත් සජ්ඣායනා පැවැත්වෙනු ඇත. අගෝස්තු මස 7 වෙනිදා නිකිණි පොහොය දින සියලු ආගමික වැඩසටහන් ශ්‍රී ලංකා ගුවන් විදුලිි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් සජිවීව විසුරුවා හැරෙන අතර, අගෝස්තු මස 12 වෙනිදින ලලාට ධාතු පූජා මහා පෙරහර වීථි සංචාරය කෙරෙනු ඇත.

මේ අතර එම පුණෝ‍යීත්සවය පැවැත්වෙන කාලය ඇතුළත දඹගස්ආරේ ශ්‍රී සුමේධංකාර මහ නා හිමි 33 වන ගුණ සැමරුම සහ අපවත් වී වදාළ සේරුවිල සරණකිත්ති අනු නා හිමි වර්ෂ පූර්ණ ගුණ සැමරුම ද සංඝගත මහා දානමය පින්කමක්ද පැවැත්වේ.

 

ඇසළ අමාවක පෝය


ඇසළ අමාවක පෝය ජූලි 22 වනදා සෙනසුරාදා අපරභාග 6.27 ට ලබයි. 23 වනදා ඉරිදා අපරභාග 03.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 23 වනදා ඉරිදාය.

 

මීළග පෝය ජූලි 30 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]