UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 
 

 

ශාන්ති පදනම මෙහෙයවීමෙන් 29 වනදා පැවැත්වෙන පිච්චමල් පූජාව

අනුරාධපුර අටමස්ථානාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක ,ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි සහ රුවන්වැලි මහා චෛත්‍යාරාමාධිකාරි, නුවරකළාවියේ ප්‍රධාන සංඝ නායක, ශාස්ත්‍රවේදී පල්ලේගම හේමරතන නාහිමියන්ගේද අනුශාසනා පරිදි අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් අබියසදී වාර්ෂිකව සිදු කෙරෙන පිච්චමල් පූජා පුණ්‍ය මහෝත්සවය 27 වැනි වරටත් ජූලි මස 29 වෙනි දින සිදු කිරීමට ශාන්ති පදනමේ අනුශාසක කොටපොල අමරකිත්ති හිමියෝ කටයුතු යොදා ඇත. කොටපොල අමරකිත්ති හිමියන්ගේ සංකල්පනාවකට අනුව 1990 වසරේ මැයි මස සිට ඇරඹී මෙම පුණ්‍යකර්මය සඳහා මුල් අවස්ථාවලදී සහභාගි වූයේ සුළු සැදැහැවතුන් පිරිසකි. එහෙත් මේ වන විට පිච්චමල් පූජාව සඳහා සැදැහැවතුන් ලක්ෂ ගණනක් සහභාගි වන බව වාර්තා වේ. එම පින්කම පිච්චමල් පූජාවට පමණක් සීමා නොකර ඊට සමගාමීව විවිධ පූජාවන් හා දානමය පින්කම් රැසක් ඇතුළත් දින දෙකක වැඩසටහනක් අනුරාධපුර මහමෙව්නා උයනේදී ක්‍රියාත්මක වේ.

ඉතිරිය»

 

ඇසළ අමාවක පෝය


ඇසළ අමාවක පෝය ජූලි 22 වනදා සෙනසුරාදා අපරභාග 6.27 ට ලබයි. 23 වනදා ඉරිදා අපරභාග 03.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 23 වනදා ඉරිදාය.

 

මීළග පෝය ජූලි 30 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]