UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයීය බෞද්ධ සංගමයට වසර 25 යි

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයීය බෞද්ධ සංගමයට වසර 25 යි

වසර 75 අභිමානය 2017 වසර වනවිට සපුරන ලබන අතර, කොළඹ අගරදගුරු හිමි පාණන්ගේ සභාපතීත්වයෙන් යුත් විද්වත් පාලක මණ්ඩලයක් මගින් මෙම විද්‍යාලය පාලනය කෙරේ. ශ ී‍්‍ර ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ පාර්ලිමේන්තුවේ 1930 අංක 7 දරණ පණත මගින් ස්ථාපිත ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ශාඛා විද්‍යාලයක් ලෙස රජය පිළිගත් ආධාර නො ලබන පෞද්ගලික පාසලක් ලෙස සදහන් කළ හැකිය.

ජාතික සංහිදියාවේ ප්‍රධාන උදාහරණය ලෙස බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය රටට ම කීර්තියක් මෙන් ම පූර්වාදර්ශයක් ද සපයන්නේය. සිංහල, දමිල, මුස්ලිම්, බර්ගර් යන සියලු ජාතීන් ද බෞද්ධ, කතෝලික, ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් යන සර්ව ආගමිකයන් ද සමගින් ඉතා හොඳ සමගි සන්ධානයකින් බැඳි මෙම පාසලේ කටයුතු සිදු කෙරේ.

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය පල්ලිය මගින් පාලනය වන පාසලක් වූවත් බොදු දරුවන්ගේ ආගමික අයිතින් හා එහි සංස්කෘතික අංග පෝෂණය කිරීම සඳහා කරන කාර්ය භාරය අති ප්‍රසංශනීය වේ.

බුද්ධ ධර්මය ප්‍රධාන විෂයක් ලෙස අධ්‍යයනය කරන දරුවන්ට බෞද්ධ ක්‍රියාකාරකම් නිසි ලෙස කරන්නට පාසලෙන් ලැබෙන සහය අති විශාලය. මෙම ක්‍රියාකාරකම් ක්‍රමාණුකුලව හා වගකීම් සහිතව ක්‍රියාත්මක කිරීමට මෙම විද්‍යාලයේ ඇති බෞද්ධ ශිෂ්‍ය සංගමය මහත් පිටුවහලක් වී ඇත.

පාසල වසර 75 ක අභිමානයෙන් වජ්‍රජයන්තිය සමරත් දී එහි බෞද්ධ ශිෂ්‍ය සංගමය වසර 25 ක අභිමානය රිදි ජුබිලිය සමරන්නේ 2017 වසරේ දී ය.

1992 වසරේ එවකට ගරු විදුහල්පති වූ ආර්.ආර්.ආර්. හේරත්ගේ ගරු විදුහල්පතිතුමාගේ පාලන කාලයේ දී උදෑසන බුද්ධ වන්දනාව හා බෞද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිව මෙම බෞද්ධ ශිෂ්‍ය සංගමය ආරම්භ වන අතර, එහිදි එවකට සිටි සියලු අංශ ප්‍රධාන මහත්ම මහත්මීන් ද, ගුරුභවතුන් ද සහයෝගය දැක්වූ අතර, විශේෂයෙන් විද්‍යාලයේ ආචාර්ය ජේ.කේ.සී.ජේ.පි. මංචනායක මහතා එම ආරම්භක ක්‍රියාවලියේ දී පූර්ණ මැදිහත් කරුවා ලෙස කටයුතු කරමින් සිටී. එහි ආරම්භක උපදේශක වන එතුමා එදා සිට 2007 වන තුරුම උපදේශකත්වයේ කටයුතු කරමින් සංගමයට මහත් වූ සේවාවක් සිදු කළේ ය.

ආරම්භයේ දී විවිධ බාධක ජයගනිමින් කටයුතු කළ සියලු දෙනාටම ජාතියේ ප්‍රණාමය හිමිවන අතර, ඉන් පසුව ආචාර්ය උපුල් සිංහ පතිරණ මහතා විසින් උපදේශකත්වය දැරු අතර, වර්තමානයේ විද්‍යාලයේ ආචාර්ය උපුල් බණ්ඩාර සෙනෙවිරත්න මහතා උපරිම කැපවීමෙන් හා වගකීමෙන් යුතුව සංගමයේ කටයුතු කරගෙන යෑම ඉතා ප්‍රසංශනීය වේ.

විද්‍යාලයේ ඇති සංගම් අතර, පූර්ණ කාලීන ක්‍රියාකාරි සංගමයක් වන මෙය වාර්ෂිකවත් දිනපතාත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. ඒ අතර වෙසක් පහන් කුඩු තරඟය, පොසොන් බැති ගී සුගායනය, ශීල භාවනා වැඩසටහන්, ධර්ම දේශනා පිංකම්, මාපිය ප්‍රණාම පූජාව, ගුරු උපහාර උළෙල, ලේ දන් දීමේ පිංකම, අභය දාන පිංකම ආදි වැඩසටහන් හා දිනපතා බුද්ධ වන්දනාව ඇතුලුව උපදේශන දේශන වැදගත් තැනක් ගනි.

තවද දරුවන්ගේ ලේඛන හැකියාව හා බෞද්ධ පොත්පත් කියවීම මෙන්ම නිර්මාණාත්මක හැකියා වර්ධනය කරමින් වාර්ෂිකව එළිදක්වන මෙත්මල් සඟරාවද විද්වත් කාගෙත් ගෞරවාදරයට පාත්‍රවී ඇත. එමෙන්ම ප්‍රදේශයේ අඩුපාඩුකම් සහිත පාසල් සඳහා විවිධ අධ්‍යාපනික උපකරණ ලබාදෙමින් නෑගම් යාමේ වැඩසටහන යටතේ බෞද්ධ ශිෂ්‍ය සංගමය සපයන සහජීවනය හා සමානාත්මතාවයේ ශක්තිය රටටම ආදර්ශයකි.

ප්‍රදේශවාසි තෛ‍්‍රනිකායික මහා නායක සානුනායක ස්වාමින්ද්‍ර වරක්ප්‍රමුඛ පූජනීය මහ සඟරුවණින් ආශිර්වාද මධ්‍යයේ ගරු විදුහල්පතිතුමාගේ පූර්ණ අනුග්‍රහය මත 25 වසරක අභිමානයෙන් රිදී ජුබුලිය සමරණුවස් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමස්ථ ධර්ම විජය මහ පිරිවෙන් පරිශ්‍රයේ දී 2017 ක් වූ ඇසළ මස 06 වන දින සවස 06 සිට 25 වන සංවත්සර බොදු බැති ගී සුගායනය පවත්වන්නට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව සඳහන් කරන්නේ හද පිරි බැතියෙනි.

තවද වසර 75 ක අභිමානය සමරමින් වජ්‍ර ජයන්තිය අබියස රැඳෙන බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුමෑණියන් වහන්සේ ද, ඈ ඇකයේ වැඩෙන බෞද්ධ ශිෂ්‍ය සංගම් දියණි තොමෝ ද ජාතියක් පෝෂණය කළ හැකි දරු පිරිසක් වඩන්ට සියක්වස් කල් සුජීවත්වන්ට ආසිරි පතම්හ.

 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජුනි 30 වන දා සිකුරාදා අපරභාග 6 ට ලබයි. ජූලි 01 වන දා සෙනසුරාදා අපරභාග 06.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 01 වනදා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ජූලි 08 වන දා සෙනසුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]