UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොළොන්නරුව සෝමවතී රජමහා විහාරයේ සති පිරිත් දේශනාව මෙවරත්

පොළොන්නරුව සෝමවතී රජමහා විහාරයේදී රටට සෙත්පතා වාර්ෂික සති පිරිත් දේශනාව ජුනි 29 වනදා ආරම්භ කෙරේ. ජුලි 05 වනදා දේවදූත පෙරහර සහ දොරකඩ අස්න අනුශාසනාව පැවැත්වේ. 6 වනදා දවල් 75 පමණ මහ සඟරුවන විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාව පිරිනැමෙන බව සෝමවතී රජමහා විහාරාධිපති විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියෝ පැවසූහ. ජුලි 8 වනදා දක්වා පැවැත්වෙන එම පින්කම් මාලාවට පැමිණ සහභාගි විය හැකි බවද උන්වහන්සේ පැවසූහ.

ඉතිරිය»

 

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජුනි 25 කළුතර බෝධි පරිශ්‍රයේදී


උපසම්පදා විනයකර්මය ජුනි 26 සිට ජූලි 03 දක්වා


ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජුනි 25 කළුතර බෝධි පරිශ්‍රයේදී පැවැත්වේ. 2017 ජූනි 26 දින සිට ජූලි 03 දින දක්වා උදේ, හවස හා රාත්‍රී කාලවල දී පාර්ශව විසිදෙකේ තුන්සියයක් පමණ සාමණේරයන් වහන්සේලා සුපරිශුද්ධ උපසම්පත්තියට පත් කරනු ලබයි. එම කාලය පුරා භික්ෂූන් වහන්සේ පන්සිය නමකට උදේ දාවල දානය හා ගිලන්පස පූජා කිරීම ද, ගිහි භවතුන් 1500 දෙනෙකුට පමණ උදේ දවල් හා රාත්‍රී ආහාර ද, තේ පැන් ද සපයන අතර නවාතැන් පහසුකම් ද සලසා දෙනු ලබයි.

ඉතිරිය»

 

ධර්ම දේශනාව:

අභියෝග ජය ගන්නේ කෙසේද?

‘අක්කොධෙන ජිනේ කොධං
අසාධුං සාධුනාජිනේ,
ජිනෙ කදරියං දානෙන
සච්චේන අලිකවාදිනං’

ජීවිතය යනු අභියෝග රැසකි. උපතේ සිට මරණය දක්වා ඇති ක්‍රියාකාරකම් සියල්ල අභියෝගයන්ගෙන් පිරී පවතී. සියලු දෙනාටම එන අභියෝග පොදු වුවත් මිනිසුන් ඒවාට මුහුණ දෙන ආකාරය විවිධයි. ඒ අතර සමහරු ඉතා සාර්ථකව අභියෝගවලට මුහුණ දී ජය ගන්නා අතර තවත් සමහරු ඒවා ජය ගත නොහැකිව ජීවිතයෙන්ම පරාජිත වෙති.  මිනිස් සිතේ ඇතිවන භය, තැති ගැනීම් ආදිය නිසා අභියෝග තේරුම් ගත නොහැකිව අන්දමන්ද වූ ස්වභාවයට පත්වේ. ඇතැම් විට දුක වේදනාව නිසා අභියෝග ඇතිවේ. කෝපය, වෛරය, ආශාව නිසාද අභියෝග ඇති වේ. ජීවන ගමනේ දී මෙසේ ඇති වන්නා වූ විවිධාකාර අභියෝග ජය ගන්නට නම්, ඒවාට සාර්ථකව මුහුණ දෙන්නට නම් ශක්තිමත් සිතක් ඇවැසිය. එවැනි ශක්තිමත් බවක් ඇති කර ගන්නට මව්පිය අවවාද, පැවිදි උතුමන්ගේ අනුශාසනා, මඟ පෙන්වීම්, දහම් පොත පත කියවීමෙන් ලබා ගන්නා දැනුම උපකාරි වෙයි.

ඉතිරිය»

සොඳුරුවන සංසාරගත බැඳීම්

බුදු දහමේ උගන්වනු ලබන්නේ එම දුකෙන් නිදහස් වීමේ මාර්ගයයි. උප්පාදාවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං බුදුරජාණන් වහන්සේලා උපන්නත් නැතත් මේ ලෝක ස්වභාවය වන දුක ඒ ආකාරයෙන්ම ලෝකයෙහි පවතී. හැඩ වැඩ ලස්සන ජීවිතයක් අවබෝධයෙන් ගතකරමින් නිවන් දැකීමට යුහුසුළු වීම බෞද්ධයාගේ අරමුණ විය යුතුබව බුදු දහමෙහි සඳහන් වෙයි.සෑම බෞද්ධයෙකුම තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක් ප්‍රාර්ථනා කරමින් සංසාරයෙහි ගමන් කරයි. එසේ යන ගමන කිසියම් මොහොතක නිවනින් නිමා වෙයි.බුද්ධත්වය ලබාගැනීම හෝ පසේ බුද්ධත්වය ලබාගැනීම හෝ මහරහත් බව ලබාගැනීම බෞද්ධයෙකු තුළ තිබෙන උදාරතර අරමුණයි. එම අරමුණ මනසේ තබාගෙන සියලු කාර්යයන් කරනු ලබයි. මහරහතන් වහන්සේලා එම අරමුණ තබාගෙන සංසාරයෙහි ගමන් කළ ආකාරය බණ පොතෙහි සඳහන් වෙයි.

 

ඉතිරිය»

මාර සේනාව පරාජය කිරීම.
සිතුවම - පුන්සර උදාර

 

පොසොන්
අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූනි 23 වන දා සිකුරාදා පූර්ව භාග 11.50 ට ලබයි. 24 වන දා සෙනසුරාදා පූර්ව භාග 8.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය ජූලි 01 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]