UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උඩරට අමරපුර නිකායේ උපසම්පදාව ජුනි 23-24

උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතිකා කාරක සංඝ සභාවේ උපසම්පදා පුණ්‍යෙීත්සවය ජුනි මස 23-24 දිනයන්හි පේරාදෙණිය, ගන්නෝරුව ශ්‍රී මහා බෝධි සීමා මාලකයේදී සිදුකෙරෙන බව ජ්‍යෙෂ්ඨ කාරක සභික මාතලේ විද්‍යානන්ද පරිවේනාධිපති ශාස්ත්‍රවේදී බටුගොඩ සංකිච්චායන හිමියෝ සඳහන් කරයි. උපසම්පදා අපේක්ෂක සාමණේර ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සිදුකරනු ලබන ධර්ම පරික්ෂණ විභාගය ජුනි 23 දින පේරාදෙණිය සුබෝධාරාමයේදී පැවැත්වේ. උඩරට අමරපුර නිකායේ මධ්‍යම පළාතේ අනුනායක රාජකීය පණ්ඩිත අත්තරගම වජිරජෝති නාහිමියන් ප්‍රධාන උපාධ්‍යායන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන උපසම්පදා විනය කර්ම කටයුතුවලට, මහනුවර, මාතලේ කෑගල්ල, ගම්පහ, අනුරාධපුරය , පොළොන්නරුව, කුරුණෑගල යන ප්‍රදේශවල සාමණේරයන් වහන්සේලා සහභාගි වෙති.

ඉතිරිය»

ධර්ම දේශනාව:

කළ යුතු දේ සුදුසු කල්හිම කරන්න


උට්ඨාන කාලම්හි අනුට්ඨහානො
යුවා බලි ආලසියං උපෙතො
සංසන්ත සංකප්ප මනො කුසීතො
පඤ්ඤාය මග්ගං අලසොන වින්දති

ශක්ති සම්පන්න තරුණ වියේ සිටියද, උත්සාහයෙන් ක්‍රියා කළ යුතු කල්හි උත්සාහවත් නොවන්නා වූ කුසීත පුද්ගලයා ප්‍රඥාවෙන් ලැබිය යුතු ආර්ය මාර්ගය නොලබන්නේ ය.  මෙම ගාථාව දේශනා කිරීමට හේතුවක් වූයේ දෙව්රම් වෙහෙරේ ජීවත් වූ එක්තරා භික්ෂුවකි. උන්වහන්සේ නමින් පධානකම්මිකතිස්ස නම් වේ. සම්බුද්ධ දේශනාව ඇසූ උන්වහන්සේ තවත් භික්ෂූන් වහන්සේ පන්සිය නමක් සමඟ පැවිදි උපසම්පදාව ලැබූ සේක. අනෙක් සියලු දෙනා තමාට අභිමත යම් කමටහනක් ලබාගෙන බවුන් වැඩීම සඳහා වනගත වුව ද මෙම භික්ෂුව බුදුන් වහන්සේ වැඩ වාසය කරන දෙව්රම් වෙහෙරෙහිම උන්වහන්සේට උපස්ථාන කරමින් වැඩ සිටියහ.  අනෙක් භික්ෂූන් වහන්සේ පන්සිය නම වස් කාලය අවසන් වූ වහාම බුදුන් වහන්සේ බැහැ දැක්කාහ. උන්වහන්සේ අර්හත් භාවයට පත්ව සිටියහ. බුදුන් වහන්සේද උන්වහන්සේ සමග ඉතා කුළුපගව සාකච්ඡාවේ යෙදී සිටින අයුරු දැක උන්වහන්සේට මෙබඳු සිතක් පහළ විය.

ඉතිරිය»

 

ජීවිතය සාර්ථකද? අසාර්ථකද?

" තමාගේ ජීවිතයෙහි දියුණුවක් තිබිය යුතුවාසේම තමන් සෙසු පුද්ගලයන් වෙනුවෙන් පොදු සමාජය වෙනුවෙන් කළ යහපත් වැඩ කොටසක් තිබිය යුතුයි. එය බෞද්ධයෙකු සතු පළමුවෙනි අරමුණයි." අපට කලින් ඉපදිලා අපට කලින් මිය පරලොව ගිය හෝ අපට පසුව ඉපදිලා අපට කලින් මිය පරලොව ගිය පුද්ගලයා සංසාර ගමනේ අපට නැවත, නැවත හමුවෙන බව බුදු දහමේ උගන්වයි. එය බුදු දහමේ ගැඹුරු දාර්ශනික ඉගැන්වීමක්. බෞද්ධයෙකු ලෙස උප්පත්තිය ලැබුවා වූ පුද්ගලයෙකුට අරමුණු දෙකක් තිබෙනවා. මේ ජීවිතයෙහි පවතින කෙටිකාලීන අරමුණු සහ දීර්ඝ කාලීන අරමුණු වශයෙන්. තමාගේ ජීවිතය සාර්ථක කරගනිමින් ජිවත්වීම එම පුද්ගලයාගේ යුතුකමක්.ඇතැම් පුද්ගලයන් නීතිවිරෝධි කටයුතුවල නියැළෙමින් තමාගේ ජීවිතය නාස්තිකර ගත්තාට බෞද්ධයාට බුදු දහම තුළ හොඳ අරමුණක් ලබාදී තිබෙනවා.තමන්ගේ ජීවිතය ලස්සන කරගන්න, හැඩවැඩ කරගන්න තමන් උනන්දු විය යුතුයි. තමන්ගේ පෞරුෂය ගොඩනඟා ගැනීමට තමන් උනන්දු විය යුතුයි. එම උනන්දුව අතහිත පරහිත වශයෙන් කොටස් දෙකකට බෙදෙයි. තමාගේ ජීවිතයෙහි දියුණුවක් තිබිය යුතුවාසේම තමන් සෙසු පුද්ගලයන් වෙනුවෙන් පොදු සමාජය වෙනුවෙන් කළ යහපත් වැඩ කොටසක් තිබිය යුතුයි. එය බෞද්ධයෙකු සතු පළමුවෙනි අරමුණයි. ඔබගේ ජීවිතය සාර්ථකද? යනුවෙන් ප්‍රශ්නයක් විමසුවහොත් ඒ සඳහා පිළිතුරක් දීමට පෙර ඔහු යමක් සිතිය යුතුයි. සාර්ථක ජීවිතවල නියමාවලියක් බුදු දහමේ අන්තර්ගතව තිබෙන නිසාම සිතිය යුතුයි.

ඉතිරිය»

 

සොත්ථිය බමුණා කුසතණ පූජා කිරීම. සිතුවම - පුන්සර උදාර

 

පොසොන්
අව අටවක පෝය


පොසොන් අව අටවක පෝය ජුනි 17 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.15 ට ලබයි. 18 වන දා ඉරිදා පූර්ව භාග 04.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 17 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය
ජුනි 23 වන දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]